- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
- IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
- ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
- කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
- ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
- පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
- එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
- අද කාලගුණය
Author: Buzzer Editorial
බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,හිටපු සංචාරක ඉඩම් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු,රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්,වඩිවෙල් සුරේෂ් ,අනුර විදානගමගේ,සමරවීර වීරවන්නි,අරවින්ද කුමාර්,සුදර්ෂණ දෙනිපිටිය ඇතුලු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින්ගේ හමුවක් අද පෙරවරුවේ පැවැත්විණි. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා ඒකමතිකව තීන්දු කළේ එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමටය. එම රැස්වීමට පැමිණ සිටි සියලු දෙනාගේ මතය වූයේ වසර 2ක් තුළ රට නැවත ගොඩනැඟීමට හැකි වූ නායකත්වයට තවත් වරක් අවස්ථාව ලබා දී මෙරට ආර්ථිකයේ දිශානතිය ගොඩනගා ජනජීවිතය තවදුරටත් සුබදායි කිරීම සඳහා කොන්දේසි විරහිතව ජනාධිපති රනිල්…
විදේශ ගමන් බලපත්‍ර ලබාගත් 23%ක පිරිසක් මෙතෙක් විදේශගත වී නැතැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය. එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට ඉදිරිපත් වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය. ගුවන් ගමන් බලපත්‍රයක් (පාස්පෝට්) ලබා ගැනීම වසර 23ක් තිස්සේ එකම ආයතනයකින් නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදුකර තිබෙනවා. මෙවරත් එසේ කිරීමට යෑමේදී මම ටෙන්ඩර් කැඳවා ගන්නා ලෙස උපදෙස් දුන්නා. මෙතෙක් කාලයක් පාස්පෝට් එකක් ඇමරිකන් ඩොලර් පහයි දශම අටයි නවයකට අරන් තියෙනවා. නමුත් අපි ටෙන්ඩර් කැඳවා E පාස්පෝට් එකක් නව තාක්ෂණය සහිතව ඩොලර් පහයි දශම පහකට ගන්න හැකිවෙලා තියෙනවා. ඒ පාස්පෝට් ලබන ඔක්තෝබර් මාසයේදී ලැබීමට නියමිතයි. එය වර්ණ තුනකින් ලබාදීම සිදු කරනවා.…
කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයන්ගේ රුපියල් 3000ක අන්තර් කාලීන මාසික දීමනාව හිඟ මුදල්ද සමඟ ඔක්තොම්බර් විශ්‍රාම වැටුප සමඟ ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට සම්මත වූ විශ්‍රාමිකයින් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු.2500 දීමනාවට අමතරව වැටුප් විෂමතා සකස් කරණ තෙක් ගෙවීමට නියමත රුපියල් 3000ක අන්තර් කාලීන දීමනාව ඔක්තොම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. ඒ අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ය. මෙම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අනුර කුමාර මහතා, “ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි.අපේ රට විශාල අර්බුද ගණනාවක හිටපු පාලක පන්තීන් විසින් පත්කරලා තියෙනවා. මේ අර්බුදයෙන් අපේ රටේ ජනතාව මුදවා ගැනීමේ අභියෝගය ජාතික ජන බලවේගය භාරගන්න සුදානම්. අපි තබන ලද මේ අත්සන සහතික වශයෙන් ජයග්‍රාහී අත්සනක් බවට අපි පරිවර්තනය කළ හැකියි.අනෙක් කඳවුරු එක එක කණ්ඩායම්වලට බෙදිලා, කැඩිලා එක එක කුණු එකතු කරන තත්ත්වයකට පත්වෙලා. ජාතික ජන බලවේගය අවුරුද්දකට එකහමාරකට කලින් අපි පටන් ගත්තේ. අපි ඉතාමත් ශක්තිමත්ව,සංවිධානාත්මකව මහජනතාව දැනුවත් කරමින් අද දක්වා මේ ගමන දියත්…
ඇමැති අලි සබ්‍රි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ලෙස දිවුරුම් දී තිබේ. ඇමැති අලි සබ්‍රි අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඔහු නව ඇමැති ධූරයේ දිව්රුම් දෙන්නේ, දැනට දරන විදේශ කටයුතු ඇමැති ධූරයට අමතරවය. හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ ඇමැති ධූරය විදේශ ඇමැතිවරයා විසින් භාරගනු ලැබීවා. ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම හේතුවෙන් විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යන ඇමැති ධූරවලින් පසුගියදා ඉල්ලා අස්විය. අලි සබ්‍රි මීට පෙරද අධිකරණ ඇමති ධූරයේ කටයුතු කර ඇත.
පන්දු 45 කින් නොදැවී ලකුණු 86 ක් ලබාගත් වමත් පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම, අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු හතක විශිෂ්ට ජයක් කරා කැඳවාගෙන ගියාය. තරගය අවසන් වන තුරුත් පිටියේ රැඳී සිටි හර්ෂිතාගේ අපරාජිත ඉනිම හතරේ පහර 15 කින් සහ හයේ පහරකින් සමන්විත විය. අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් ලබාගත්හ. ලකුණු 146 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට අවශ්‍ය වූයේ ඕවර 16.4 ක් පමණි. තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජය නොවන තැනකට ළඟා වී සිටිති. …
අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවටයි පසුගිය දින කිහිපයේම පුවත් පැතිර ගියේ. නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටියේ අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන්නැයි තමන් පසුගියදා සිදුකළ ඉල්ලීම මත්පැන් නිෂ්පාදන ආයතන ප්‍රතික්ෂේප කළ බවයි.
ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොයන, මැතිවරණ කොමිසමට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පිළිබඳ මැතිවරණ කොමිසමට වාර්තා වී තිබේ. ඒ අනුව ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මැතිවරණ කොමිසම පොලිස් සයිබර් අපරාධ අංශයේ සහාය ලබා ගැනීමට නියමිතය. අදාළ වෙබ් අඩවිය පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) විසින් දැනටමත් සොයා ගෙන ඇති අතර ඊට සත්කාරකත්වය සපයනු ලබන්නේ එක්සත් ජනපදය පදනම් කරගත් Google සේවාදායකයක් විසින් බව පැවසේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර ඇත්තේ ගූගල් වෙතින් තොරතුරු ලබාගෙන එම වෙබ් අඩවියේ නිර්මාතෘවරයා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලිස් සයිබර් අපරාධ කොට්ඨාසය වෙත ඉල්ලීමක් කිරීමට නියමිත බවයි. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින්…
ජනාධිපතිවරණ නාමයෝජනා කැඳවන ලබන බ්‍රහස්පතින්දා දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව සහ ඒ අවට ආරක්ෂක මෙහෙයුම් සඳහා ඩ්‍රෝන කැමරා, ස්නයිපර් සහ පොලිස් නිලධාරීන් 4,500කට වැඩි පිරිසක් යොදවනු ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවති රැස්වීමකදී සවිස්තරාත්මක ආරක්ෂක සැලසුම් සාකච්ඡා කර තිබේ. මෙම රැස්වීමට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන පිරිස සහභාගි වූහ. අපේක්ෂකයන්, ඔවුන් සමඟ එන අය සහ පක්ෂ ආධාරකරුවන් කෙරෙහි ආරක්ෂක සැලසුම මගින් අවධානය යොමු කරන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිෂන් සභා ගොඩනැගිල්ලේ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka LatestNews කීර්තිමත් දේශපාලනඥයකු වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජණය කළ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරන ලදී.

