- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
- IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
- ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
- කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
- ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
- පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
- එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
- අද කාලගුණය
Author: Buzzer Editorial
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 7ක් එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස එළැඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බව පැවසීය. වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථ සාධක අරමුදල් ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් අද (10) මහනුවර කරළිය…
සර්ව ජනබලයෙහි ජනාධිපතිධුර අපේක්ෂක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ඉන් ඉවත් වන බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව එම පක්ෂය පවසනවා. අදාළ ලිපිය ඊයේ (09) පස්වරුවේ සිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ අතර ඒ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විවිධ මත පළ කරමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු සහ සිවිල් සමාජ සන්ධානගත වී පසුගියදා සිය ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර මහතා බවට දැනුම්දීමටයි කටයුතු කළේ. ඒ අනුව මේ වනවිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලබනවා. එවන් පසුබිමක මෙම ලිපිය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් විශේෂත්වයක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අද (10) පෙවරුවේ සුමන්දිරන් මහතාගේ නිවසේදී මෙම හමුව පවත්වා තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද එක්ව සිටියා. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි. මේ අතර නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි සමඟ සාකච්ඡා කිරීමේ සූදානමකින් පසුවන බව සඳහන්.
2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසුවා. පෙරේදා (08) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමේ වැඩසටහනට එක්වන පිරිසට මන්ත්‍රී අසංක නවරත්න මහතාද එක්වන බව පවසා තිබුණ ද අවසන් මොහොතේ දී පවා මන්ත්‍රීවරයා හෝ ඔහුගේ දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කිසිවෙකුත් ඊට එක්ව සිටියේ නැති බව වාර්තා වනවා. පසුව මාධ්‍ය කළ විමසුමක දී ඔහු සඳහන් කර තිබුණේ ඔවුන් එම වැඩසටහනට එක්වන බවක් නොපැවසූ බවයි.
පුද්ගලයන් 61 දෙනෙකු සමඟින් ගමන් ගත් මගී ගුවන් යානයක් ඊයේ (09) බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගිනිගෙන කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Voepass ගුවන් සේවය මුලින් යානයේ 62 දෙනෙකු සිටි බව වාර්තා කළ නමුත් පසුව එම සංඛ්‍යාව 61 දක්වා සංශෝධනය කරන ලද අතර යානයේ සිටි මගීන් 57 සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනාම ඒ අනුව ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Voepass Linhas Aéreas ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන ATR-72 ගුවන් යානය, Parana ප්‍රාන්තයේ Cascavel සිට Sao Paulo Guarulhos දක්වා ගමන්
විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට ඊයේ (09) දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමග වාරික දෙකම එකට ගෙවන ලෙසයි දැනුම් දී ඇත්තේ. මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙසයි.
2024 අප්‍රේල් 07 වැනි දින පළවූ ලිපියක් සම්බන්ධයෙන් මව්බිම පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තීරණය කර ඇත. එම ලිපිය හරහා තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බව පවසමින් ඔහු ඉකුත් අප්‍රේල් මාසයේදී කථානායකවරයා වෙත පැමිණිල්ලක් ගොනුකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම කමිටුව තමන් ගන්නා ක්‍රියාමාර්ගය සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය දැයි විමසූ බවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකිරීමට තීරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ නියෝජිතයන් ද දැනුවත් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කර තිබේ.
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන දෙදෙනා, තමන්ට මෙම තීන්දුව ලැබෙන බව දැන් දැනම රට වෙනුවෙන් ඉදිරිපත්ව ජනාධිපතිවරයා සමග කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි. අද මෙම ඇමැතිවරුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහෝසි වීමේ අවකාශය සලසමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත. ‘ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබා දුන්නේ රටේ නීතිය සහ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව අනුවයි. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන දෙදෙනාම රටේ ඉතා තීරණාත්මක මොහොතක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තම සහයෝගය ලබාදුන්හ. ඔවුන් දෙදෙනාම තම දේශපාලන ජීවිතයට මග පෑදුවේ අවශ්‍ය මොහොතේ මේ ප්‍රතිඵලය දැනගෙනය. ආර්ථිකයත් රටත්…
ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවැනි අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ‘ශිව ගංගා’ නැව් සමාගම නිවේදනය කර තිබෙනවා. මුලින්ම මෙම නැව් සේවාව ක්‍රියාත්මක වූ අවස්ථාවේදී ‘චෙරියපානී’ නැව් සමාගම විසින් දෙරට අතර මගී නැව් සේවාව පවත්වා ගෙන ගිය අතර හදිසියේම ඇති වූ කාලගුණික විපර්යාසය නිසා නැව් සේවාව තාවකාලිකව නවතා දමන්නට සිදුවිය.පසුව ‘ශිව ගංගා’ නැව් සේවාව දෙවැනි අදියරයේදී එම නැව් සේවාව ආරම්භ කිරීමට අවස්ථා කීපයක්ම සූදානම් වූවත් එය අසාර්ථක වූයේ තාක්ෂණික දෝෂ කීපයක් නිසාවෙනි. ලබන සතියේදී මෙම නැව් සේවාව ආරම්භ වීමත් සමගම එක් මගියකු සඳහා තනි ගමන් ගාස්තුව රුපියල් 26000 කි. එක්…
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව පවසා ඇතැයි පැවසෙයි.

