Author: Buzzer Editorial

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය 2024 අගොස්තු මස 12 දින සිට 25 දින දක්වා මාදුරුඔය ප්‍රදේශයේදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා සහභාගිවීමට නියමිත ඉන්දියානු යුධ හමුදාවේ භට පිරිස් 2024 අගෝස්තු මස 12 වන දින මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියහ. ඒ අනුව දිවයිනට පැමිණි ඉන්දීය යුධ හමුදා භඨපිරිස් පාබල හමුදා අධ්‍යක්‍ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් වජිර වෙල⁣ගෙදර‍, මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම‍, ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගන්නා ලදී. මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දිය…

Read More

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල සාමාජිකයකු වන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබෙනවා. අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිදුකරන විශේෂ ආගමික වතාවත් වලින් පසුව මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.මේ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්වීමට නියමිතව තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.

Read More

රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිවපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. යහපාලන ආණ්ඩුව සමයේ කිසිදු හේතුවක් නොමැතිව තමන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම තුළින් සිය කීර්තිනාමයට හානි සිදුවූ බව පවසමින් මන්ත්‍රීවරයා එලෙස නඩු පවරා ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී එරංග රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී සුජීව රත්නායක හා නීතිපතිවරයා ය. 2015 වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා තමා විදේශීය රටවල් තුනක පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණවලට සහභාගීවීම සඳහා ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව…

Read More

ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි. අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පෙරේදා (10) රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව පවසා තිබේ. නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ ශ්‍රවණාගාරයේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිය ස්ථාවරය ගැන අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරිම සදහා හිටපු ජනාධිපතිනිය එම පාක්ෂික පිරිස හොරගොල්ල පුස්තකාල ශ්‍රවණාගාරයට කැඳවා ඔවුන් හමුවේ සිය ස්ථාවරය මෙසේ ප්‍රකාශ කර තිබේ. මෙහිදී අදහස් දක්වා ඇති ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට “සහයෝගය ලබාදෙමු” යැයි…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිනවීමට ගිය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සිය අදහස වෙනස් කරගෙන ඇති බව වාර්තා වේ. ඔහු නැවත නාමල් රාජපක්ෂ දිනවීමට පැමිණෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන්ද විශාල සංඛාවක්ද ප්‍රේමලාල් ජයසේකර සමග නාමල් දිනවීමට එකතුවීමට නියමිත බව එම පක්ෂ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩාමේ නායිකා චමරි අතපත්තු ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියේ(ICC) සම්මානය දිනා ගත්තාය. සෑම මාසයකදීම ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්වන දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල මගින් මෙම සම්මානය ලබා දීම සිදුකරයි. චමරි අතපත්තු ඒ සඳහා නම් කර තිබෙන්නේ නිමා වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන්. ඇය එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය ද දිනා ගත්තාය. ශ්‍රී ලංකාව පළමු වරට ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ශූරතාව දිනා ගත්තේ ද, චමරිගේ නායකත්වය යටතේයි. චමරි අතපත්තු සමග මෙම සම්මානය සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ ශෆාලි වර්මාද නිර්දේශ…

Read More

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ. එහි දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (අගෝ. 12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ය. ඒ හේතුවෙන් අකුණු පවතින අවස්ථාවල ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. අදාළ පියවර පහතින් දැක්වේ.

Read More

By සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උඩරට හා පහතරට වතු ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ගිවිසුමකට අත්සන් කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා උඩරට, පහතරට වතුකරය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, එම්. උදයකුමාර ඇතුළු ජනතා නියෝජිතයින් විපක්ෂ නායක කාර්යාලයේදී අද (අගෝ 12) මෙම ගිවිසුම වෙනුවෙන් අත්සන් තබා ඇත. රණසිංහ ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ වතු ප්‍රජාවට විශේෂ සේවා රැසක් ඉටු කර වතු ප්‍රජාවට පුරවැසිභාවය ලබා දුන්නත් එම පුරවැසියන්ට ලැබිය යුතු ශක්තිය, වරප්‍රසාද හා අවස්ථා මේ වන තෙක් ලැබී නැතැයි විපක්ෂනායකවරයා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව අදහස් දක්වමින් සඳහන් කළේ ය. ඔහු තවදුරට ත් සඳහන් කළේ, වතු…

Read More

JCT 4MS MV MSC CAPETOWN III යාත්‍රාවේ අගෝස්තු 11 වන දින පැය 0030 ට පමණ කොළඹ වරායේ Bay42 ප්‍රදේශය අසල පිපිරීමක් සිදු විය. පිපිරුම නිසා යාත්‍රාවෙන් සියලුම මෙහෙයුම් කාර්ය මණ්ඩලය සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින් වහාම ඉවත් කරන ලදී. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) ගිනි නිවන හමුදාව, ආරක්‍ෂක නිලධාරීන්, වෛද්‍ය මධ්‍යම කණ්ඩායම් සහ ආරක්‍ෂක නිලධාරීන් සමගින් ඉක්මනින් දැනුවත් කර හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම සඳහා බලමුලු ගන්වන ලදී. මෙම පිපිරීමෙන් සිදුවන ඕනෑම පාරිසරික හානියක් සම්බන්ධයෙන් නාවික නියෝජිතයා වගකිව යුතු බව රජය පෙන්වා දී ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි නැව් සමාගමකට අයත් MV MSC CAPETOWN III නෞකාව පසුගියදා සිංගප්පූරුවේ සිට කොළඹ වරායට පැමිණ…

Read More

අද (12), වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය පඩි පාලක සභාවේ දී සම්මත වී තිබෙනවා. එහිදී වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පවත්වා ඇති බව සඳහන් වේ.ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ, වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම, වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව වතු සේවකයින් සඳහා දෛනික මූලික වැටුප ලෙස රුපියල් 1,350ක් සහ පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාව ලෙස රුපියල් 350ක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ අතර, වැටුප් ප්‍රශ්නය මහාධිකරණයට කැඳවූ අවස්ථාවේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී…

Read More