- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
- IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
- ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
- කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
- ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
- පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
- එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
- අද කාලගුණය
Author: Buzzer Editorial
රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ප්‍රවාහන,මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව කීය. 2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණ බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ…
ශ්‍රී ලංකා කැඩෙට් නිලධාරි මොහොමඩ් අනීක් එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට්හි රාජකීය හමුදා ඇකඩමියේ සති 44ක දැඩි පුහුණු වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් පසු අධිකාරිලත් නිලධාරියකු ලෙස නිල වශයෙන් පත් කර තිබේ. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුව, කැඩෙට් නිලධාරීන් සඳහා වූ දැඩි පුහුණුවේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් ගෞරවනීය සැන්ඩ්හර්ස්ට් සම්ප්‍රදායක් වන Sovereign’s Parade හිදී අධිකාරියට පත් කිරීමේ උත්සවය පැවැත්විණි. මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ කැඩෙට් නිලධාරි අනීක්ට පෞද්ගලිකව සුබ පැතීමට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම සහභාගී වී ඇත. මෙම පෙළපාළියට විවිධ රටවලින් කැඩෙට් නිලධාරීන් 209 දෙනෙකු පත් කරන ලද අතර ඔවුන් සියලු දෙනාම ලෝකයේ වඩාත්ම අභියෝගාත්මක හමුදා පුහුණු වැඩසටහනකට භාජනය…
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් නව සන්ධානයක් බිහිකර තිබේ.
ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට (Online Visa ) වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගන්නා වීසා (On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රමිකව ඇති වෙමින් පවතී. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් 08.02 දින නිකුත් කළ නියෝගයක් අනුව ශ්‍රී ලංකාවට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් වී.එෆ්.එස්.ග්ලෝබල් සමාගම ඉවත් කිරීමට සහ ගුවන් තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරන ලෙස ද නියෝග නිකුත් කර තිබුණි . එහෙත් රජය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ දක්වා පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි මාර්ගගත ක්‍රමයට වීසා (…
කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට ඉඩම් බදු දීම සඳහා වන යෝජිත රාමුව සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 6(1)(ඇ) වගන්තිය මඟින් කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි සහ කොමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදු දීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දී ඇතැයි රජය පවසයි. ඒ අනුව අදාල ව්‍යාපෘති සඳහා ආයෝජකයින් තෝරා ගැනීම පිණිස කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් යෝජනා කැඳවා ඇත. ආසන්න වශයෙන් රෝහල සඳහා ඩොලර් මිලියන 100ක් ද, පාසල සඳහා ඩොලර් මිලියන 25ක් ද…
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 කොටසේ 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 වන කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු පැකේජ 19කට බෙදා ඇති අතර, ඉන් 1A සිට 1Q දක්වා වන පැකේජ 17ක් දැනටත් ප්‍රදානය කරනු ලැබ ඇතැයි රජය පවසයි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ සඳහා සුදුසුකම් ලත් දේශීය ඉදිකිරීම් ආයතන වෙතින් තරඟකාරී පදනම මත ලංසු කැඳවා තිබේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්වූ අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත…
ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දුන්නේය .
ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මසක්ගේ Starlink සමාගම වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් බලපත්‍රයක් නිකුත් කර තිබේ. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17B වගන්තිය යටතේ Starlink Lanka (Private) Limited වෙත ශ්‍රී ලංකාවේ සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. මෙම බලපත්‍රය 2024 අගෝස්තු 12 සිට ක්‍රියාත්මක වේ.
අගෝස්තු 15 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී 2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සිදුකිරීමට නියමිතය. ඒ වෙනුවෙන් එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනය කළා. එදින එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ මෙලෙසින්,
යුධ හමුදා බුද්ධි අංශය විසින් දිර්ඝ කාලයක් සිදුකරන ලද විමර්ශන වල ප්‍රතිපලයක් ලෙස ලබාදුන් බුද්ධි තොරතුරු මත මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරින් විසින් ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් ලක්‍ෂ 420 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 156.4 ක ප්‍රමාණයක් සහ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය අරියාලේ ප්‍රදේශයේදී 2024 අගෝස්තු මස 12 වන දින අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 39 සහ 44 යන වයස් වල පසුවේ. අත්අඩංගුවට සැකකරැවන් දෙදෙනා සහ භාණ්ඩ යාපනය පොලිසිය වෙත බාරදෙනු ලැබූ අතර යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

