- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
- IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
- ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
- කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
- ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
- පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්
- එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
- අද කාලගුණය
Author: Buzzer Editorial
තමන් පිරිමියෙක් යැයි පවසමින් අන්තර්ජාලය තුළ සටහන් තබමින් අපහාසයක් කළා යැයි චෝදනා කරමින් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ට සහ ප්‍රසිද්ධ ලේඛිකාවක වන ජේ. කේ. රෝලිංට නඩු පැවරීමට පසුගියදා අවසන්වූ ඔලිම්පික් තරඟාවලියේදී බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාවක වන ඉමානේ කෙලීෆ් කටයුතු කළාය. ජේ. කේ. රෝලිං සහ ඊලෝන් මස්ක් ඇතුළු කීපදෙනකු චූදිතයන් ලෙස නම් කරමින් මාර්ගගතව අපාහස කිරීමේ චෝදනාව මත නඩුවක් ගොනු කළ බවත් එහි චූදිතයකු ලෙස ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර නැතත් ඔහුද ඉදිරියේදී විමර්ශනයට ලක්වනු ඇති බවත් ඉමානේ කෙලීෆ්ගේ නීතිඥ නබිල් බවුදි ප්‍රකාශ කළේය. ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් සහ ඉතාලියේ ඇන්ජෙලා කරීනී අතර පැවැති…
මෙවර ජනාධිපතිවරණයේදී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි. නිමල් පියතිස්ස මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොදුජන පෙරමුණ යටතේ පසුගිය මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. මෙවර ජනාධිපතිවරණයේදී සිය ස්ථාවරය ප්‍රකාශ කළ නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පිය තිස්ස මහතා මෙලෙසද පැවසීය. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අපි හොඳින් ගැඹුරින් අධ්‍යනය කළා. වර්තමාන රටේ තත්ත්වය පිළිබඳව අපේ අවධානය යොමු වුණා. මිනිසුන්ගේ බලය මතින් පැමිණි පාලකයන් පිටමන් වී යන අවධියක, මිනිසුන් ගෑස් ටික ඉල්ලද්දී මිනිස්සු තෙල් ටික නැතුව තෙල් පෝළිම ඉන්දැද්දි,මිනිස්සු තමන්ගේ වගාවට පොහොර ටික ඉල්ලද්දී ඒ සියල්ලට…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඒ මහතා සමගි ජන බලවේගය හා එක්ව ඇත. වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ශාන් මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් සංවිධායක ධූරය හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පත් කර තිබේ. ඔහු අද (14) පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායකවරයා හමු වු අවස්ථාවේදී ඊට අදාළ පත්වීම් ලිපිය ලබා දී තිබේ. කෙසේ…
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට එකඟතාව පළකර තිබේ. ඒ සඳහා වන ගිවිසුම හෙට (14) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී අත්සන් කිරීමට නියමිතය. චම්පික රණවක මන්ත්‍රිවරයාගේ පක්ෂයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම මන්ත්‍රිවරයා මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. ඉන් ඉවත්ව 43 සේනාංකය පිහිටවූ ඔහු පසුව එක්සත් ජනරජ පෙරමුණ ද ඇති කළේ සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනය කරමිනි. එමෙන්ම පසුගිය දිනවලදී ඔහු කියා සිටියේ රාජපක්ෂලා නොමැති සන්ධානයකට සහාය ලබාදෙන බවයි. …
ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ඡන්ද සලකුණ පිළිබඳ අවසන් තීරණය අද දිනයේ ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කමිටුව සඳහා නම් කර ඇති නියෝජිතයින් ඊයේ රාත්‍රීයේ ද ජනාධිපතිවරයා සමඟ ඡන්ද ලකුණ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදුකළ බවවෙත වාර්තා විය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ වනවිටත් දේශපාලන කණ්ඩායම් රැසක් එක්වෙමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ විධායක අධ්‍යක්‍ෂ ප්‍රසන්න ශ්‍යමල් සෙනරත් පැවසීය. කෙසේවෙතත් ජනාධිපතිවරයා හදවත ලකුණෙන් තරඟ කිරීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. එම සලකුණ මැතිවරණ ලකුණු අතර නොමැති බවයි මැතිවරණ කොමිෂන්…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (14) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිසම වෙත පැමිණි ඇප මුදල් තැන්පත් කර තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ (13) දිනයේදී තවත් අපේක්ෂකයින් 4 දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ය. එම සියලුම අපේක්ෂකයින්ගේ විස්තර ඇතුළත් කරමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.
තණමල්විල ප්‍රදේශයේදී පාසල් සිසුන් 22 දෙනෙකු විසින් 16 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සිද්ධිය පොලිසියට නොදන්වා වසන්කිරීම හේතුවෙන් දැරිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයකු සහ ගුරුවරියන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය මීට පෙර පාසල් සිසුන් 22 දෙනෙකුගෙන් 17 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් විජේවර්ධන නිවසට රැගෙන ගොස් තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය මේ වන විට යහපත් තත්ත්වයෙන් පසුවන බවයි සඳහන් වන්නේ.කෙසේ වෙතත්, ඔහු මියගිය බව ඇය දැනගෙන ඇත්තේ ද ඊයේ දිනයේ, ඒ හේතුවෙන් ඇය දැඩි සේ වේදනාවෙන් පසුවෙන බවද තවද මේ මොහොතේ ඇය විෂාදය නැමැති රෝගයෙන් පීඩා විදින බවද සඳහන් වනවා. අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් දියත් කෙරුණා. එහි දී ඔහු ඇතුළු තවත් අයෙකු මිය ගියා. එමෙන් ම ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය ගායන…
ඇත්තම කතාව නම් බ්‍රිතාන්‍යයයේ ඇතැම් සංක්‍රමණිකයන්ට මේ දිනවල යම් ආතතියක් තිබෙනවා. විශේෂයෙන් එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ මේ තත්ත්වය දක්නට ලැබුණා. මෑත කාලයේ සිදුවීම් කිහිපයක් සමග ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තත් මෙය කාලාන්තරයක් තිස්සේ යටපත්ව පැවති ස්වදේශිකයන්ගේ ආවේගයන් එළිපිටට පැමිණීමක්. එහෙම වෙන්න හේතුව සෑම රටකදීම වගේම බ්‍රිතාන්‍යයේදිත් අවශ්‍ය අවස්ථාවේ නිවැරදි දේශපාලන තීරණ නොගැනීමයි. නීති විරෝධී සංක්‍රමණ ඇතුළු සංක්‍රමණ ඉහළ යාමත් සමග පැන නැගී ඇති ගැටළුවලට දියාරු සහගත විසඳුම් පමණයි දක්නට ලැබුණේ. දරාගත නොහැකි විදෙස් සංක්‍රමණ 2023 දී පමණක් මිලියන 1.3 ක් පමණ විදේශිකයන් පිරිසක් බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. එහි මුළු ශුද්ධ සංක්‍රමණ සංඛ්‍යාව 685,000 ක්. එමෙන්ම සාමාන්‍යයෙන් එංගලන්තයේ සහ වේල්සයේ පමණක් මෑතකාලයේ දරුවන්ගෙන් තුනෙන්…

