Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රාජ්‍ය සේවකයින්ට කල්ල මරේ
News 3 Views

රාජ්‍ය සේවකයින්ට කල්ල මරේ

Buzzer EditorialBy Buzzer EditorialAugust 13, 2024No Comments3 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ප්‍රවාහන,මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණ බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කර වාර්තාව සකස් කර ඇතැයි ද රජය පවසයි.

එම වාර්තාවේ නිර්දේශ අනුව එහි සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදීමටත් අදාළ යෝජනා 2025 වසරේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක    කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

සමස්ත රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 4ක් යටතේ වර්ගීකරණය කර, එක් එක් කාණ්ඩය ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතාවය (NVQ) පදනම් කරගනිමින් හා අදාළ රැකියා කාර්යභාරය, වගකීම් හා විශේෂ රැකියා සඳහා නිපුණත්වයකින් යුත් සේවකයින් ආකර්ෂණය කරගැනීම හා රැකියාවන්හි රඳවා ගැනීම සැලකිල්ලට ගෙන බඳවා ගැනීමේ සුදුසුකම් අනුකාණ්ඩවලට වර්ගීකරණය කිරීම.

ප්‍රාථමික සේවා කාණ්ඩ සඳහා ද බදවා ගැනීමේ මුලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය, ජාතික වෘත්තීය නිපුණතාව පදනම්ව සේවා අවශ්‍යතාව පරිදි සුදුසු තෝරා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීම.

අනෙකුත් සියලුම සේවා කාණ්ඩ සඳහා විධිමත් තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මඟින් පමණක් බඳවා ගැනීම,ඒ අනුව යෝග්‍ය පරිදි දැනට පවතින අනුමත බඳවාගැනීමේ පටිපාටි කඩිනමින් සංශෝධනය කිරීම,

2025 පාදක වසර ලෙස සලකා ජීවන වියදම් දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැලපීම් හා මේ වනවිටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට, සියලුම රාජ්‍ය සේවකයින් සඳහා (සෑම වසර 3කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25,000ක් ගෙවීම,

රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කොට, ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රුපියල් 55,000ක් ලෙස ගෙන, අනෙකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගැලපීම,

ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම,

2030 වනවිට රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය ලක්ෂ දහයක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම,

ඒ අනුව 2025 සිට වසර 3ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය තුළින් ඉලෙක්ට්‍රොනික පද්ධති මඟින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම හා ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාවය ලබාදීම,

හැකි සෑම අවස්ථාවකදීම බාහිර සේවා වැනි ක්‍රමවේද මඟින් රජයේ වැය බර අවම වන ලෙස කාර්යක්ෂමතාව උපරිම වන පරිදි නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා ලබාගැනීම,

හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු / සංස්ථා / ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙ‍ෙළඳපොළෙහි ලැයිස්තුගත සිමීත පොදු සමාගම් බවට පත්කිරීමේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම,

නිසි වැඩ අධ්‍යයනයක් සිදුකොට සමස්ත රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලවල හා සේවා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා 2025 වසර තුළ කටයුතු කිරීම,

ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයින් සඳහා කාර්යසාධක දර්ශක සකස් කොට, එහි ප්‍රගතිය පදනම් කරගනිමින් වැටුප් වර්ධක ලබාදීම

2020 වසරට පෙර විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරීන් හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීම.

විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව, සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි මස සිට ලබාදීම,

දැනට පවතින බදු ප්‍රතිපත්තිය තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025.01.01 දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශ ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීම යන කරුණු අමාත්‍ය මණ්ඩල සැලකිල්ලට ගෙන ඇත.

featured News
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඑංගලන්තයෙන් අධිකාරියටපත් ලංකාවේ මොහොමඩ් අනීක්
Next Article බ්‍රිතාන්‍යයේ මොකද වුනේ? එහෙම වුනේ ඇයි?
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20260 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202600 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.