- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසයි. ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවය. “මේ වනවිට වාර්තා වන අන්දමට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද භාවිත වෙලා තියෙනවා වගේම ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ඒ ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාලවලට භාරදීලා තියෙනවා. අපි ඒක සංසන්දනාත්මකව බලන්නේ තැපැල් කාර්යාලවලට ලැබෙන ඒ තැපැල් පැකට්ටු සංඛ්‍යාවත් සමග. ඒ නිසා පළමු දිනයේ විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා අද දිනයේත් විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා කියලා නිරීක්ෂණය වෙනවා.” 2024 ජනාධිපතිවරණයට අදාළව…
මධ්‍යම කෙන්යාවේ පාසලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් සිසුන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් 13 දෙනෙක් බරපතළ පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව කෙන්යානු බලධාරීන් සඳහන් කරති. ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර, ජනාධිපති විලියම් රූටෝ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර තිබේ. පුද්ගලික ප්‍රාථමික පාසලක නේවාසිකාගාරයක මෙම ගින්න සිදුව ඇති අතර, මිය ගිය සිසුන්ගේ වයස් තවමන් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙන්යාවේ මධ්‍යම කඳුකරයේ, නයිරෝබි නගරයට උතුරින් කිලෝමීටර් 150ක් පමණ දුරකින් පිහිටි මෙම පාසලේ ළමුන් 800ක් පමණ අධ්‍යාපනය ලබන…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම අතරමැදි පෙත්සම අද (06) යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙසට ය. පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ඇතුළු හිමිවරු තුන්දෙනෙකු විසින් විම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කර තිබේ. හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච් කුලතුංග, ඩී. තොටවත්ත, ආර්. ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී ගොපල්ලව එම තනතුරු සඳහා පත්කර තිබේ ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව අනුව එම පත්කිරීම් සිදුකර ඇති බවය.
‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මේ පිළිබඳ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි. ඒ අනුව හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන සිය සහභාගිත්වය ස්ථිර කර ඇත. “අපි තාමත් බලාරොත්තු සහගතව ඉන්නවා ජාතික ජන බලවේගයේ නායකතුමා. ඔවුන්ට රැස්වීම් තියෙනවා, ටිකක් කාර්ය බහුල…
ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. අනුර විදානගමගේ මහතා දැනට ජනාධිපතිතුමන්ගේ ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඒ් මහතා පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර ඇත. නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතාගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා පසුගිය 4 දින තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සටහයෝගය ලබාදීමට යාමත් සමඟ ඇතිවු පුරප්පාඩුව සදහා අනුර විදානගමගේ මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එහිදී නවසීලන්තය ඇෆ්ගනිස්තානයට එරෙහිව එළැඹෙන එක්දින ටෙස්ට් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට ඔහුගේ දායකත්වය ලබා දෙන බවයි එම නිවේදනයේ දැක්වෙයි. මේ අතර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද පත් කර ඇති බව සඳහන්ය.
මීට දින කිහිපයකට පෙර මුදවා ගත් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු ඊයේ(05) දිවයිනට පැමිණියහ. ඔවුන් තායිලන්තයේ බැංකොක් සිට ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ චීන අපරාධ කණ්ඩායම් විසින් විවිධ පරිගණක අපරාධ සඳහා යොදවා ගෙන සිටින අතර ඉන් 8 දෙනෙකු මීට පෙර මුදවා ගැනුණි. තවත් 33 දෙනෙකු පමණ එම අපරාධ කල්ලි ග්‍රහණයේ රැඳී සිටී බවට තොරතුරු වාර්තා වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර තිබේ. එම ප්‍රාදේශීය සභා මැතිවරණයට තම අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය අගෝස්තු 26 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කළේය. ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම – සැප්තැම්බර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා (මෙම කාලය අතරතුර එළැඹෙන 2024 අගෝස්තු 31 හා 2024 සැප්තැම්බර් 1, 7 හා 8 යන සෙනසුරාදා හා ඉරිදා දිනවල දී හැර). නාමයෝජනා භාරගැනීම 2024 සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 12 දින…
වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතා හොඳින් අධ්‍යනය කර සිටින එංගලන්ත කණ්ඩායම, තුන්වැනි ටෙස්ට් තරගය සඳහා වඩාත් වේගයෙන් පන්දු යැවිය හැකි, උස ක්‍රීඩකයකු වන ජොස් හල් කැඳවා තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ලන්ඩන් නුවර ඕවල් පිටියේදී හෙට (සිකුරාදා) ආරම්භ වෙයි. එංගලන්ත සංචාරය ආරම්භ කරමින්, වූස්ටර්හිදී පැවැති සිව්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා තල්ලු කරගෙන ගිය අඩි 6 යි, අඟල් 7 ක් උස වමත් වේග පන්දු යවන්නා එම තරගයේ ඉනිම දෙකේදී ලකුණු 74 කට කඩුලු 5 ක් දවාගත්තේය. අද ආරම්භ වන තරගයේදී මැතිව් පොට්ස්ගේ ස්ථානය වෙනුවෙන් ජොස් හල් කැඳවීමට එංගලන්තය තීරණය…

