- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද සිදුකෙරුණි. සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් වුණි. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉන් අනතුරුව කුසලානය ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වුණි. එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබේ.
2024 සැප්තැම්බර් මස 03 වන දින ගාල්ල සිට නාවික සැතපුම් 241 ක් පමණ (කිලෝමීටර් 501) ගැඹුරු මුහුදේදී අනතුරට පත් “නිහතමානි 01” බහුදින ධීවර යාත්‍රාවේ සිටි, “ලසන්ත 01” බහුදින ධීවර යාත්‍රාව මඟින් මුදවා ගත් ධීවරයින් සිව් දෙනා (04) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත ගැඹුරු මුහුදේදී ලබාගැනීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා 2024 සැප්තැම්බර් මස 04 වන දින ගාල්ල වරාය වෙත රැගෙන විත් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත 2024 සැප්තැම්බර් මස 03 වන දින සිදුකල දැනුම්දීකට අනුව ගැඹුරු මුහුදේදී අනතුරටපත් “නිහතමානි 01” බහුදින ධීවර යාත්‍රාවෙන් මුදවා ගත් ධීවරයින් සිව් දෙනෙකු (04) කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය…
මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක මහතාට සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනුලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ජනවාරි මස 15 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. අදාළ සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය අම්බිකා සත්කුණනාදන් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට විරෝධතා ගොණුකිරීම සඳහාද අධිකරණය විසින් කල් ලබා දුන්නේය.
ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව ප්‍රකාශ කළේය. මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කරනු ලබයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,477කි.
උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම නව ක්‍රමවේදය හඳුවාදී ඇත. මෙම නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය. ඒ අනුව, අමාත්‍යාංශයට පැමිණ අයදුම් කිරීමේ අවශ්‍යතාව හෝ සත්‍යාපනය කරන ලද ලේඛන ලබාගැනීමට පැමිණීමේ අවශ්‍යතාව ඉවත් කරමින් සත්‍යාපිත සහතික, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් යවනු ලැබේ. මේ අතර, කොන්සියුලර් කටයුතු අංශය ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාවන් මහජනතාවට ඵලදායී ලෙස ලබාගත හැකි වනපරිදි එහි විද්‍යුත් ලේඛන සත්‍යාපන පද්ධතිය (e-DAS) දේශීය…
රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට යටත්ව ගෙවීම් සිදුකිරීමට සූදානම් බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිය වැටුප් අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රජයේ මිනින්දෝරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නාය. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබැලීම සඳහා කැඳවනු ලැබීය. පෙත්සම්කරුවන් කියා සිටින්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති පෞද්ගලික…
එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියේ පළමු තරග ද්විත්වයේ දක්ෂ පන්දු යැවීමක නිරතවූ අසිත ප්‍රනාන්දු නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර ස්ථාන 09ක් ඉදිරියට පැමිණ තිබේ. එ අනුව 16 වැනි ස්ථානයේ පසුවු අසිත මේ වන විට ටෙස්ට් පන්දු යවන්නන් අතර 08 වැනි ස්ථානයට පැමිණ ඇත. එංගලන්තය සමග තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙකක් අවසානයේ වැඩිම කඩුලු බිදහෙළූ ක්‍රීඩකයා ලෙස අසිත ප්‍රනාන්දු ඉදිරියෙන් පසුවන්නේ ඉනිම් 04කදී කඩුලු 14ක් බිදහෙළමිනි.
මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉමියුනොග්ලොබියුලින් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඞ් භාරයට පත් කර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ලබාදෙනවාද නැද්ද ය න්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම 4වැනි වරටත් අභියාචනාධිකරණය කල්තැබුවේය. මේ අනුව මෙම තීන්දුව ඔක්තෝම්බර් 3 වෙනි දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේ ය. අභියානාධිකරණය මෙම දැනුම්දීම සිදු කළේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගොනුකොට තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය. මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂි මහේන්ද්‍ර යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනා ධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.
තමා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (4) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මේ රට විනාශය කරා ගෙන යෑමට කුමන්ත්‍රණ කරමින් සිටින සහ ජනතාවගේ මොළ සෝදමින් සිටින අශුද්ධ සන්ධානය පරාජය කිරීම සඳහා තමා ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සියලු පාර්ශව සමඟ සාකච්ඡා අරඹන බවද ඔහු සඳහන් කළේය. එකට එකතුවන ලෙසට විපක්ෂනායකවරයාට සහ ජනාධිපතිවරයාට ආරාධනා කරන බව පැවසූ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව ගිනි තියන රටේ ගෙවල් ගිනි තියන දේශපාලනය පිටුදැකීමට පෙරට එන්නැයි සියලු පාර්ශවවලින්ද ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය. රට දිනවන වැඩපිළිවෙලේ කවුරුන් හෝ…

