- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
එංගලන්තයට එරෙහිව ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගත් සිවුවැනි අවස්ථාව මෙය වන අතර අවසන් වරට ඔවුන් එම දස්කම දක්වා තිබුණේ මින් වසර 10 කට පෙර 2014 වසරේදීය. මෙම තරගය පරාජයට පත්වුවද, පළමු සහ දෙවැනි තරග ජයගෙන සිටීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට එංගලන්තයට හැකි විය. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් සහ දෙවැනි ඉනිමේදී ශතකයක් ලබාගත් පැතුම් නිස්සංක තෙවැනි තරගයේ වීරයා ලෙසත්, තරගාවලිය පුරා ලකුණු අතර සිටි ජෝ රූට් සහ කමිඳු මෙන්ඩිස්…
විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පෝලන්තය බලා පිටත්ව ගොස් තිබේ. විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන් මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර මේ වන විට එම දෙපාර්තමේන්තුව අසල දිගු පෝලිම් දක්නට ලැබේ. මෙම තත්ත්වය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දිනයක් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය ද තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්ය. කෙසේවෙතත් නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ඔක්තෝම්බර් මස 25 වනදා මෙරටට ලැබෙනු ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව එදිනට හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබීමට නියමිතය. ඉන් අනතුරුව සති දෙකකට පමණ පසුව තවත්…
වඳුරු උණ වෛරස ආසාදිතයෙක් බවට සැකකෙරෙන රෝගියෙක් ඉන්දියාවෙන් හමුවී තිබේ. වඳුරු උණ ව්‍යාප්ත වී ඇති රටක සිට මෙම තරුණයා ඉන්දියාවට පැමිණ ඇති බව අනාවරණය වී ඇත. ආසාදිතයා මේ වන විට රෝහලක හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බවත් බලධාරීන් පවසයි. 2022 – 2024 කාලය අතරතුර ඉන්දියාවෙන් වෛරසයේ පැරැණි ප්‍රභේදය වැළඳුණු පුද්ගලයින් 30 දෙනෙක් හමුව ඇති අතර මෙවර ආසාදිතයා කිනම් ප්‍රභේදයක ආසාදිතයෙක් ද යන්න අනාවරණ කර ගෙන නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ. ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇත. ඔහු එම සම්පූර්ණ මුදල 8 වතාවකට ගෙවා නිමකර තිබුණි. මේ අතර පසුගිය දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබුණි. ඔහු විසින් එම මුදල පසුගිය අගෝස්තු 16 වනදින ගෙවා නිමකර තිබුණි. මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන්ද ඔවුන්ට නියමව තිබූ වන්දි මුදල් ගෙවා අවසන් කර…
තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාව, ඡායාරූප ගතකළ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මුලතිව් ප්‍රදේශයේදී ය. පසුගිය 6 වැනිදා මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඔහු ඡන්දය සලකුණු කර, එය ඡායාරූප ගතකර තිබුණි. එය දුටු ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණ නිලධාරියෙකු කළ පැමිණිල්ලකට අනුව පෙරේදා (07) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා, එම ඡන්ද මධ්‍යස්ථානයේම, සහකාර තේරීම් භාර නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකි. පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි සැකකරු, පොලිස් ඇප මත මුදා හැර තිබේ.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතියි. පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවය. “මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිමින් පවතිනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා පත්‍රය. හැබැයි මේ ආරාධනා පත්‍රය ලැබුණත් නොලැබුණත් එය ඔබට ඡන්දය පාවිච්චි කිරීම සඳහා බාධාවක් වෙන්නේ නෑ. අපි විශ්වාස කරනවා සෑම ඡන්ද දායකයෙකුගේම අතට මේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබෙයි කියලා. තමන්ගේ ඡන්ද පොළ තමන් දන්නවා නම්, තමන්ගේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් තමන්ගේ…
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව මීගමුව, කල්පිටිය සහ සිලාවතුර ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 07 වන දින සහ අද දින (2024 සැප්තැම්බර් 08) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය විසි දෙකකට (1222) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ලොරි රථයක් (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි. ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය මඟින් 2024 සැප්තැම්බර් මස 07 වන දින මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක්පරික්‍ෂා කර, එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර හයක (06) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම්…
එංගලන්ත ගිම්හානයේ අවසන් බලාපොරොත්තුව සුනු විසුණු කිරීමේ අරමුණ ඇතිව, සැලසුම් සහගත ගමනක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඕවල් ටෙස්ට් තරගයේ ජයග්‍රහණයට ලකුණු 125 ක් මෑතින් සිටී. ලකුණු 219 ක ඉලක්කයක් කරා යන ශ්‍රී ලංකා කණ්ඩායම, තරගයේ තුන්වැනි දිනය වූ අද (8 වැනිදා) සවස 6.45 ට පමණ පැවැති මන්දාලෝකය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 94 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (නොදැවී 53) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 30) ඒ වන විටත් කඩුල්ලේ රැඳී සිටියහ. එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමාකිරීමෙන් පසුව පිති අතට ගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් පැතුම් නිස්සංක ආරම්භයේ…
මහනුවර පල්ලේකැලේ රග්බි ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අදියරේදී ලකුණු 25-23 ක ජයක් වාර්තා කළ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ, වසර 10 කට පසුව බ්‍රැඞ්බි පලිහ තමන් සතුකර ගැනීමට සමත් වූහ. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති පළමු අදියර ලකුණු 17-16 ක් ලෙස ජයගෙන සිටි ත්‍රිත්ව විදුහල, 78 වැනි බ්‍රැඞ්බි පලිහ සමස්ත තරගය ජයගත්තේ ලකුණු 42-39 ක් ලෙසිනි. පළමු අර්ධයේදී ත්‍රිත්ව විදුහල ලබාගත් ලකුණු 17 න් 12 කම හිමිකරුවා වූ 17 හැවිරිදි ෆ්ලයි හාෆ් ක්‍රීඩක ශාන් අල්තාෆ්, දෙවැනි අදියරේදී සිය කණ්ඩායම ලබාගත් ලකුණු 25 න් 20 කට හිමිකම් කීමට සමත් විය. අවසන් විනාඩිය වන විටත් ලකුණු 23-22 ක් ලෙස රාජකීය විදුහල ඉදිරියෙන් සිටි නමුත්,…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේදී සිදුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය. තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා මහතා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය. ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා මහතා කළ පෞද්ගලික ආරාධනයකට අනුව බව වාර්තා වෙයි. ජනපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.

