Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » එංගලන්තයෙන් අලුත් සැලසුමක්
Sports 9 Views

එංගලන්තයෙන් අලුත් සැලසුමක්

Buzzer EditorialBy Buzzer EditorialSeptember 6, 2024No Comments3 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතා හොඳින් අධ්‍යනය කර සිටින එංගලන්ත කණ්ඩායම, තුන්වැනි ටෙස්ට් තරගය සඳහා වඩාත් වේගයෙන් පන්දු යැවිය හැකි, උස ක්‍රීඩකයකු වන ජොස් හල් කැඳවා තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ලන්ඩන් නුවර ඕවල් පිටියේදී හෙට (සිකුරාදා) ආරම්භ වෙයි. 

එංගලන්ත සංචාරය ආරම්භ කරමින්, වූස්ටර්හිදී පැවැති සිව්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා තල්ලු කරගෙන ගිය අඩි 6 යි, අඟල් 7 ක් උස වමත් වේග පන්දු යවන්නා  එම තරගයේ ඉනිම දෙකේදී ලකුණු 74 කට කඩුලු 5 ක් දවාගත්තේය. අද ආරම්භ වන තරගයේදී මැතිව් පොට්ස්ගේ ස්ථානය වෙනුවෙන් ජොස් හල් කැඳවීමට එංගලන්තය තීරණය කර තිබේ. 

වමත් වේග පන්දු යවන්නන්ට මුහුණ දීම කොහොමටත් අසීරු කාරියකි. පන්දු යවන්නාගේ උස වන අඩි 6 අඟල් 7 ට එකතු වන බාහුවේ දිගත් සමගින්, ආසන්න වශයෙන් අඩි 9 ක් පමණ උසකින් මුදාහැරෙන වේග පන්දුවකින් ගැලවීම පහසු අභියෝගයක් නොවේ. තවමත් යන්තම් 20 හැවිරිදි වියේ පසුවන ජොස් හල්, පැයට කිලෝමීටර 145 ඉක්මවමින් පන්දු යැවීමේ හැකියාවෙන් යුත්, ජවසම්පන්න  ක්‍රීඩකයෙකි. 

“එයා අඩි 6 යි අඟල් 7 ක් උස ක්‍රීඩකයෙක් වගේම එයාට පැයට සැතපුම් 85 ත් 90 ත් (පැ.කි.මී. 135 – 145) අතරේ පන්දු යවන්න පුළුවන්. පන්දුව ටිකක් විතර දෝලනය වෙන වෙලාවක, විශේෂයෙන්ම වමතින් පන්දුව එන කෝණයත් සලකා බැලුවාම, එයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගන්න පුළුවන්”

“මේක එයාට ඉතාමත් උද්වේගකර සති අන්තයක් වෙන්න පුළුවන්… මොකද එයාගේ එක්වීම එංගලන්ත වේග පන්දු බලඇණියේ බලපෑම වෙනස්කරන තැනක් වේවි” යයි එංගලන්ත නායක ඔලී පෝප් අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවාවන්ට කීවේය. 

මෙවර ප්‍රාන්ත තරගාවලියේදී ජොස් හල් දවාගෙන ඇත්තේ කඩුලු 2 ක් පමණි. එහෙත් බෙන් ස්ටෝක්ස් එංගලන්ත නායකයා වීමත්, බ්‍රෙන්ඩන් මැකලම් පුහුණුකරුවා වීමත් සමගින් තරුණ ක්‍රීඩකයන් සමගින් අවදානම් පියවර තැබීමට එංගලන්තය ඉදිරිපත් වී තිබේ. දඟ පන්දු යවන්නන් වන රෙයාන් අහමඞ් සහ ෂොයිබ් බෂීර් දෙදෙනාටත්, ජැමී ස්මිත් සහ ගස් ඇට්කින්සන් වැනි ක්‍රීඩකයන්ටත් වැඩි අවස්ථාවක් ලැබී ඇත්තේ එංගලන්තයේ නව ප්‍රතිපත්තිය හේතුවෙනි. 

ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලිය පැවැත්වෙන්නේ අගෝස්තු – සැප්තැම්බර් මාස වලදී වුවත්, මේ වන විට එංගලන්තයේ තණතීරු බෙහෙවින් භාවිතා වී දුඹුරු පැහැයට හැරී තිබෙන නමුත්, පළමු ටෙස්ට් තරග දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට තල්ලු වී ගියේ එංගලන්ත වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙනි. ටෙස්ට් තරග දෙකේදීම බිඳ වැටුණු ශ්‍රී ලංකා කඩුලු 40 න් කඩුලු 32 ක්ම බෙදාහදා ගන්නා ලද්දේ ද එංගලන්ත වේග පන්දු යවන්නන් විසිනි. 

එංගලන්ත වේග පන්දු යවන්නන්ගේ බලපෑම කොතෙක් වීද යත් පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 75 කට මුල් කඩුලු 5 ම අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේ මුල් ඉනිමේදී ලකුණු 87 කට කඩුලු 6 ක් අහිමි කරගත්තේය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රීඩකයන් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න දෙදෙනාම එංගලන්තයේදී සහභාගි වන අවසන් ටෙස්ට් තරගය මෙය වන බැවින් අද ආරම්භ වන තරගයේදී ඔවුන් දෙදෙනාගෙන් සුවිශේෂී යමක් බලාපොරොත්තු විය හැකිය. මැතිව්ස් එංගලන්තයේදී ටෙස්ට් ශතකයක් ලබාගෙන ඇතත් දිමුත් කරුණාරත්නට ඒ අවස්ථාව ලැබී නැත. 

“මම එංගලන්තයේදී හෝ ඕස්ටේ්‍රලියාවේදී ටෙස්ට් තරගයක ශතකයක් ලබාගෙන නෑ. බොහෝ වෙලාවට මේක මගේ අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ කරන්න මම උත්සාහ කරනවා”

“ඒක පහසු දෙයක් නෙමේ. ගොඩාක් වෙහෙසෙන්න ඕන දෙයක්.. ඒත් මට අවස්ථාවක් ලැබුණොත්, මම ඒක ලොකු ඉනිමක් කරගන්නවා” යයි දිමුත් කරුණාරත්න ඬේලි එෆ්.ටී. පුවත් පතට පැවසීය. 

මෙවර ගිම්හානයේදී එංගලන්ත කණ්ඩායම සහභාගි වූ ටෙස්ට් තරග 5 ම ජයගෙන තිබේ. අද ඇරඹෙන තරගය ජයගතහොත් එය එංගලන්ත කණ්ඩායම පිට පිටම ලබාගන්නා හයවැනි ටෙස්ට් ජයග්‍රහණයයි. 

ජූලි මාසයේදී කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය. එංගලන්තයේ ඉලක්කය ශ්‍රී ලංකාවටත් ඒ ඉරණමම අත්කර දීමයි. 

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් වතු බංගලාවෙන් ඉවතට
Next Article පොහොට්ටුව ඇල්පිටියට ඇප තබයි
Buzzer Editorial

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.