- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවයි. ඒ අනුව මෙලෙස ඉවත් කළ සෙසු පිරිස වන්නේ වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අමිත් තේනුක විදානගමගේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන අයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම්…
එක්සත් රාජධානියේ ගෞරවනීය රාජකීය හමුදා ඇකඩමියේ සැන්ඩ්හර්ස්ට් පුහුණුව පසුගියදා නිම කර උපාධිය ලබා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කැඩෙට් නිලධාරි මොහොමඩ් අනීක් පිළිබඳ කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා බලධාරීන්ට ලැබී නොමැති බව වාර්තා වේ. අගෝස්තු මස මැද භාගයේදී කැඩෙට් නිලධාරී අනීක් අතුරුදන් වීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විමර්ශනයක් ආරම්භ කළේය. සති 44 ක දැඩි පුහුණු වැඩසටහනකට භාජනය වූ අනීක්, කැඩෙට් නිලධාරීන් සඳහා පුහුණුව අවසන් කිරීම සනිටුහන් කරන ප්‍රධාන චාරිත්‍රානුකූල උත්සවය වූ අගෝස්තු 9 වැනි දින පැවති පෙළපාළියේදී දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත් කෙරිණි. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම ද උත්සවයට සහභාගී වූයේ අනීක්ට පෞද්ගලිකව සුබපැතුම් පිරිනැමීම සඳහාය.…
ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023-09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව, 2023 දෙසැම්බර් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල පළමු උප වැඩසටහන සඳහා ලබා දී තිබේ. එහි දෙවන උප වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12ක් සම්පූර්ණ කළ යුතු අතර, මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතී. ඒ අනුව, ශ්‍රී ලංකාවේ…
වසර දෙකකට පෙර පැවති මහජන විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටි නමුත්, මෙම ඉල්ලීම් බොහොමයක් ඉටු නොව බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පෙන්වා දුන්නේය. 2021 සහ 2023 අතර දරිද්‍රතා අනුපාතය දෙගුණයක් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ද අවිනිශ්චිත බව ඔහු පැවසීය. ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ බලශක්තිය වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා අතරින් තෝරාගැනීමට බොහෝ කුටුම්භවලට බලකෙරී ඇති බවද ඔහු සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මේ බව සඳහන් කළේ ඊයේ ජිනීවාහි ආරම්භවූ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේ ආරම්භක දිනයේ ශ්‍රී ලංකාව…
ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බැවිනි. පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදාළ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බලප්‍රදේශයක්ම ආවරණය වන පරිදි හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.…
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි. රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ පිළිබඳ දැනුම් දී තිබේ. යම් නිලධාරියෙකු වෙත සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් සිදුකරනු ලබන්නේනම් එය රාජ්‍ය සේවා…
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමිනි. ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු නව හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් එහි කාර්යාල ඉදිරිපිට පසුගිය දිනවල දිගු පෝලිම් දක්නට ලැබුණි. ජාතික ජන බලවේගය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙම පාස්පෝට් ගැටලුව සම්බන්ධයෙන් රජයට චෝදනාවක් එල්ල කළේය. එම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා, “පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්. අපි රෑ 12ට…
ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 93 කි. හොලිවුඩ් චිත්‍රපට ගණනාවක හඬ නළුවකු ලෙස කටයුතු කළ ජේම්ස් අර්ල් ජෝන්ස් දක්ෂ රංගන ශිල්පියෙක් ද විය. ජේම්ස් අර්ල් ජෝන්ස් ලොව අතරේත් ජනප්‍රිය වූයේ, ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නපුරා වන ඩාත් වේඩර්ට සහ ලයන් කිංග් කාටූන් චිත්‍රපටයට හඬ ලබා දෙමිනි. ෆීල්ඩ්ස් ඔෆ් ඩ්‍රීම්ස්, කමින් ටු ඇමෙරිකා, කොනන් ද බාබේරියන් ඇතුළු චිත්‍රපට රැසකට ජේම්ස් අර්ල් ජෝන්ස් රංගනයෙන් දායක විය. සම්මාන රැසක් දිනාගත් ජේම්ස් අර්ල් ජෝන්ස්, 2011 දී, කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන්, ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට ද නියමිතව ඇත. එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය. තවද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි. ඊට අදාළ නිවේදනය පහතින්.
නයිජීරියාවේ අගේ ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබේ. ඉන්ධන රැගත් බවුසරය, ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අනතුරින් ට්‍රක් රථයේ සිටි ගවයින් 50 දෙනෙකු ද, මියගොස් තිබේ. තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව, සියයකට ආසන්න ය. අනතුර සිදුවූ ස්ථානයේ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අප්‍රිකානු කලාපයේ ජනාකීර්ණම රටවන නයිජීරියාවේ භාණ්ඩ ප්‍රවාහන සඳහා විධිමත් දුම්රිය මාර්ග පද්ධතියක් ක්‍රියාත්මක වන්නේ නැත. ඒ හේතුවෙන් වාර්ෂිකව, ඉන්ධන බවුසර් විශාල ප්‍රමාණයක් අනතුරට ලක් වේ. 2020 වසරේදී ඉන්ධන බවුසර් 1531 ක් අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 535…

