Author: Buzzer Editorial

ඊයේ කාගේත් අවධානය දිනාගත් අමෙරිකානු ජනාධිපතිවරණයට අදාල විවාදය අවසන් වූ වහාම පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ඇගේ ඉන්සටර්ග්‍රෑම් ගිණුමට විශේෂ සටහනක් එක් කළාය.  අනුගාමිකයින් මිලියන 283 ක් සිටින ඇගේ ගිණුමේ ටේලර් ස්විෆ්ට් සටහන් කළේ, එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඇය තම ඡන්දය ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ට ලබා දෙන බවයි. මේ වන විට ඊට Likes මිලියන 9 කට වඩා ලැබී ඇති බව සඳහන් වේ.  බොලිවුඩ් සුපිරි තරුවන ජෙනිෆර් ඇනිස්ටන්, එක්සත් ජනපද පැසිපන්දු තරුව කේට්ලින් ක්ලාක් සහ සෙලීනා ගෝමස් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින්ගෙන් එම පොස්ටුවට likes ලැබී තිබේ. උප ජනාධිපතිනී කමාලා හැරිස්ට සහය දක්වමින් පොප් මෙගාස්ටාර් ටේලර් ස්විෆ්ට් ඇගේ ඉන්ස්ටග්‍රෑම් සටහනට එක් කළ පෝස්ටුව හරහා…

Read More

මැද පෙරදිග කලාපය බහු සංස්කෘතීන් හා ඓතිහාසික වැදගත්කමකින් යුතු යුරෝපය, අප්‍රිකාව හා ආසියාව අතරමැද පිහිටා ඇත. එහි උපාය මාර්ගික පිහිටීම හා අනන්‍ය වූ ආගමික විශ්වාසය නිසා ලෝක අවධානය දිනාගෙන ඇත. අවාසනාවකට බොහෝ අවස්ථාවලදී දේශපාලන අස්ථාවරත්වයන්, ත්‍රස්තවාදය සහ ඉහළ අපරාධ අනුපාතයන්ට මූණ දීමට මැද පෙරදිගට සිදු වී තිබේ. ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය (the Institute for Economics & Peace) විසින් 2023 දී දත්ත එක් රැස් කොට සකස්කර පළකරන ලද ලෝක සාම දර්ශකයට අනුව ( Global Peace Index (GPI))ජෝර්දානය, ඕමානය, කටාර්, එක්සත් අරාබි එමීරය (ඩුබායි) සහ කුවේටය කලාපයේ සුරක්ෂිතම රටවල් ලෙස නම් කර තිබේ. මෙම රටවල් සිය අමුත්තන් සඳහා ආරක්ෂිත හා උණුසුම්…

Read More

සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350ක් පමණ අද (12) දිනයේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. හෙට දිනට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් මෙම නිදහස හිමිවෙනු ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවය.

Read More

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය. 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පසුගිය 03 වැනිදා වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.

Read More

සිව්වැනි වරටත් පැවැත්වෙන දකුණු අසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවරදි ඊයේ ආරම්භ විය. එහිදි පළමු දිනයේදීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා අතරට පැමිණිමත් කැපී පෙනුනි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙනු පළමු රන් පදක්කම දිනා දෙන්නට කාන්තා මීටර 800 අවසන් තරගයට සහභාගී වු තරුෂි අභිෂේකා සමත් වුණාය. ඒ තරගය මිනිත්තු 2යි තත්ත්පර 10යි දශම 17කින් අවසන් කරමිනි. මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම තරගය මිනිත්තු 2යි තත්ත්පර 12යි දශම 13කින් අවසන් කළ ශ්‍රී ලංකාවේ සංසලා හිමාෂනි දිනාගත්තාය. මේ අතර පිරිමි මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම ද දිනා ගන්නට ශ්‍රී ලංකාවේ සවිදු අවිශ්ක සමත් විය. ඒ තරගය මිනිත්තු 1යි තත්ත්පර 49යි දශම…

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තර්ජනාත්මක ප්‍රකාශය සිදුකළ බව කියන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කර තිබේ. ජාතික ජන බලවේගයේ බව කියන ආධාරකරුවන් පිරිසක් අතර සිටි පුද්ගලයෙක් මෙලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා, “ඔහු 47 හැවිරිදි කිරිබත්ගොඩ පදිංචි පුද්ගලයෙක්. හිටපු යුද හමුදා මේජර්වරයෙක්. අදාළ හඬපටය මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර තිබෙනවා… ඉදිරි විමර්ශනවලට අදාළව.”

Read More

එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර ගැන සඳහන් කරමින් ප්‍රවීණ විස්තර විචාරකයෙක් වන ඉයන් බිෂොප් X පණිවුඩයක් නිකුත්කර තිබේ. 27 හැවිරිදි වියේ පසුවන ළහිරු කුමාර මේ දක්වා ටෙස්ට් තරග 30කට ක්‍රීඩාකර කඩුලු 96ක් දවාගෙන තිබේ. ඔහු පසුගිය එංගලන්ත සංචාරයේදී දෙවැනි සහ තුන්වැනි ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කර කඩුලු 11ක් දවා ගත්තේය. මේ අතර 27 හැවිරිදි වියේ පසුවන අසිත ප්‍රනාන්දු එංගලන්තය සමග පැවති ටෙස්ට් තරග තුනේදී කඩුලු 17ක් දවා ගත්තේය. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 17කදී කඩුලු 62ක් දවාගෙන තිබේ.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලකින් තොරව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව මෙම වර්ජන ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. මීට අමතරව අද (10) දින සිට සියලුම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා, “වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉෂ්ඨ කරන්න…

Read More

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්දිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත්   හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද ඇප නියම කෙරුණේ මාස 7කට පසුවයි. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී පරිසර අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි මස 06 වනදා ජනාධිපති…

Read More

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත් කර තිබේ. මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීම හේතුවෙන් ඇයව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කටයුතු කළේය. කෙසේ වෙතත්, වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව දැනට දරුණු ලබන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය

Read More