- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
මීට වසර 109කට පෙර මෙරට සිටි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව ලබා දුන් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමාව ප්‍රකාශයට පත්කර ඇත. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් චාමස් විසින් 1915 ජුනි 25 දින නිකුත් කරන ලද ප්‍රකාශයක් මගින් පත් කරනු ලැබූ යුධ අධිකරණයකින් සිදුකළ අසාධාරණ නඩු විභාගයකින් පසු 1915 ජූලි 07 වන කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාව නීති විරෝධී ලෙස මරණයට පත් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ…
බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි. ලබන 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම පියවර ගන්නා බව එම කාර්යාලය පැවසීය. යම් වාහනයකට දඩ අයකිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි අවසාන දිනය බලපත්‍ර කවුලු වසා තැබෙන 20වනදා වන්නේ නම් ජනාධිපතිවරණයෙන් පසු එම කවුලු විවෘත කරන පළමු දිනයේ දීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් ය. එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ආදායම් බලපත්‍ර ලබා…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් 03 සහ රිදි පදක්කම් 01 දිනා ගැනීමට සමත්ව තිබේ. එම තරගයේ පිරිමි මීටර 100 හතර සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ තත්පර 40. 28කින් ඉසව්ව නිම කරමිනි. එමෙන්ම පිරිමි මීටර 400×4 සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයද ඊයේ පැවැත්වුණු අතර එයින්ද රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගයේ පළමු මීටර 400 අවසානයේ ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වූ අතර දෙවන හා තෙවන මිටර 400යේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කරට කර සටනක් පැවැතුණි. අවසන් මීටර 400 දී යශ්ටිය භාරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා…
මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන පළමුවෙන් ආනයනය කිරීමට අවසර ලැබෙයි. වානිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ය. ඊට අමතරව මෝටර් රථ එළඹෙන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ආනයනය කිරීමට නියමිතව ඇති බව සඳහන් ය. කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද හේතුවෙන් 2021 වසරේ දී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා…
අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැකිය. ඌවපළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේ ය. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…
නිවසක බලහත්කාරයෙන් රැඳී සිටීම නීතිවිරෝධී යැයි තීන්දු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා බම්බලපිටිය ”ෆැල්කන් රෙසිඩන්සීස්” නිවාස සංකීර්ණයේ රුපියල් කෝටි ගණනක් වටිනා නිවසේ නිරවුල් භුක්තිය දේපල හිමිකාරියට බාර දෙන ලෙස බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇතු`ථ තිදෙනෙකුට ඊයේ (12) නියම කළේය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගෝල හිමියන් දෙපළක් සිය බම්බලපිටිය ”ෆැල්කන් රෙසිඩන්සීස්” නිවාස සංකීර්ණයේ ඇති නිවසේ බලහත්කාරයෙන් රැඳී සිටින බවට සඳහන් කරමින් නීතිඥ සන්ධ්‍යා තල්ලුව මහත්මිය මගින් පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය. ”ෆැල්කන් රෙසිඩන්සීස්” නිවාස සංකීර්ණයේ ඇති නිවසේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගෝල හිමියන් රැඳී සිටීන බවට…
2025 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ “පුද්ගල ආදායම් බද්ද” පහත හෙළීමට අදාළ යෝජනාවක් 2025 අයවැයට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ් පුද්ගල ආදායම් බද්ද සංශෝධනය කිරීමට අදාළව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජනා කර තිබූ සංශෝධනයන් ට සමගාමීව එම බදු අඩු කෙරෙයි. ඊට අනුව මාසිකව රුපියල් 150,000ක ආදායමක් ලබන අයෙකුගෙන් අයකෙරෙන පුද්ගල ආදායම් බද්ද රු.500කින්, රුපියල් ලක්ෂ 2ක ආදායමක් ලබන අයෙකුගෙන් අයකෙරෙන බද්ද රුපියල් 2,100 කින්, රුපියල් 250,000ක ආදායමක් ලබන අයෙකුගෙන් අයකරන බද්ද රුපියල් 4,800කින් අඩුකිරීමට යෝජනා කර තිබුණි. එමෙන්ම රුපියල් ලක්ෂ…
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පත්කරනු ලැබීය. එම පත්කිරීම ලබන 16 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.
මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ‘මධූ’ නමැති හස්තියා ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හසලක පොලීසිය පවසයි. ඇසළ පෙරහර මංගල්‍යයට පැමිණ සිටි අලි ඇතුන්ට ආහාර පිණිස ලබාදීම සඳහා කිතුල් කොට තොගයක් ඇතින්න ලොරියකට පටවන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි. වයස අවුරුදු පහක් පමණ වන විට එම ඇතින්න බදුලු මුතියංගණ රාජමහා විහාරයට ලැබී ඇති අතර මිය යන විට අවුරුදු තිහක් පමණ වයසෙහි පසු වූ බව පොලිසිය කියයි. වැසිකිළි වළකට ඇදවැටුණු ‘මධූ’ ඇතින්න ගොඩට ගැනීමට ප්‍රදේශවාසීන්, පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක්…

