Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මැද පෙරදිග ආරක්ෂිතම රටවල් 5 මෙන්න
Lifestyle 15 Views

මැද පෙරදිග ආරක්ෂිතම රටවල් 5 මෙන්න

Buzzer EditorialBy Buzzer EditorialSeptember 12, 2024Updated:September 12, 2024No Comments5 Mins Read15 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මැද පෙරදිග කලාපය බහු සංස්කෘතීන් හා ඓතිහාසික වැදගත්කමකින් යුතු යුරෝපය, අප්‍රිකාව හා ආසියාව අතරමැද පිහිටා ඇත. එහි උපාය මාර්ගික පිහිටීම හා අනන්‍ය වූ ආගමික විශ්වාසය නිසා ලෝක අවධානය දිනාගෙන ඇත. අවාසනාවකට බොහෝ අවස්ථාවලදී දේශපාලන අස්ථාවරත්වයන්, ත්‍රස්තවාදය සහ ඉහළ අපරාධ අනුපාතයන්ට මූණ දීමට මැද පෙරදිගට සිදු වී තිබේ. ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය (the Institute for Economics & Peace) විසින් 2023 දී දත්ත එක් රැස් කොට සකස්කර පළකරන ලද ලෝක සාම දර්ශකයට අනුව ( Global Peace Index (GPI))ජෝර්දානය, ඕමානය, කටාර්, එක්සත් අරාබි එමීරය (ඩුබායි) සහ කුවේටය කලාපයේ සුරක්ෂිතම රටවල් ලෙස නම් කර තිබේ. මෙම රටවල් සිය අමුත්තන් සඳහා ආරක්ෂිත හා උණුසුම් පිළිගැනීමක් ලබා දෙන අතරම සාම්ප්‍රදායකත්වය හා නවීනත්වය මුසු වූ අද්විතීය අත්දැකීමක්ද පිරිනමයි.

5. ඕමානය

මස්කට් නුවර අගනගරය වන ඕමානයේ වර්ෂ 2021 දී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 19.509,47 කි.

ආර්ථික හා සාමය පිළිබඳ ආයතනයේ 2022 දර්ශකයට අනුව ඕමානයට මැද පෙරදිග සුරක්ෂිතම රටවල් අතර 5 වැනි ස්ථානය හිමිව ඇත. එය ලෝක මට්ටමින් ගත් කළ 64 වැනි ස්ථානයයි. පෙර වර්ෂවලදී ද ඕමානය මෙම ස්ථානයන්හිම රැඳී සිටියේය.

දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය පවත්වාගැනීම සහ අධ්‍යාපන හා සමාජ සංවර්ධනයට අවධානය යොමු කිරීමෙහිලා ඕමානයේ කැපවීම, දරිද්‍රතාව අවම කිරීමට සහ සමස්ත ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට උපකාරි වී ඇති අතර ආරක්ෂිත පරිසරයක් සඳහාද මග පාදා ඇත.

ඕමානය කලාපීය ගැටුම් නිරාකරණය කිරීමේ මැදිහත්කරුවකු ලෙසද නමක් දිනාගෙන සිටී. මේ නිසාම අසල්වාසී රටවල් සමග සාමකාමී සබඳතාවක් ගොඩ නගාගෙන ඇත. ඕමානය ප්‍රජාව හා ආගන්තුක සත්කාරය පිළිබඳ දැඩි හැඟීමකින් කටයුතු කරන අතර අනෙකුත් මැද පෙරදිග රටවල් හා සසඳද්දී අපරාධ අනුපාතිකය පහත අගයක් ගනී.

ඕමානය ආරක්ෂිතයැයි කියන්නේ ඇයි?

* අපරාධ අනුපාතය අවම වීම

* ස්ථාවර දේශපාලන තත්ත්වය

* අධ්‍යාපන මට්ටම

* ප්‍රජාව කෙරෙහි දක්වන දැඩි හැඟීම

* සමාජ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම

* ඵලදායි ආරක්ෂක පියවර

4. එක්සත් අරාබි එමීරය (ඩුබායි)

අබුඩාබිය අගනගරය කරගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වර්ෂ 2021 දී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 44.315,55 කි.

ඛනිජ තෙල්, ගෑස් මෙන්ම වෙළඳාම, මූල්‍ය හා සංචාකරක කර්මාන්තය මගින් ඉදිරියට යන ඩුබායි රාජ්‍යය එකී ආර්ථික විවිධත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

ආර්ථික හා සාමය පිළිබඳ ආයතනයේ 2022 දර්ශකයට අනුව ලෝකයේ සුරක්ෂිත රටවල් අතර 60 වැනි ස්ථානයට පත්ව ඇති ඩුබායි, මැද පෙරදිග සුරක්ෂිත රටවල් අතර 4 වැනි ස්ථානයට පත් ව ඇත. එය 2021 කට සාපේක්ෂව පියවරක් ඉදිරියට පැමිණීමකි. රට එහි දැඩි නීති සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර දැඩි නීති බලාත්මක කිරීමට පියවර ගැනීම අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා පහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා උපකාරී වී තිබේ.

ඩුබායිහි අතිශයෙන් දියුණු යටිතල පහසුකම්, නවීන ප්‍රවාහන ක්‍රම සහ උසස් වෛද්‍ය පහසුකම් සිය උපන් බිමෙන් පිට දේශයක සෙවන සොයන්නන්ට ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කරයි. එම හේතුවෙන් ලෝකයේ නන් දෙසින් පැමිණි විවිධ ජාතීහු මෙහි මෙහි ජීවත් වෙති.

ඩුබායි ආරක්ෂිත යැයි කියන්නේ ඇයි?

*අපරධ අනුපාතය අවම වීම.

* දැඩි නීති

* ස්ථාවර දේශපාලන තත්ත්වය

* නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම

3. ජෝර්දානය

අම්මාන් නුවර අගනගරය කරගත් ජොර්දානයේ වර්ෂ 2021 දී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 4.103,26 කි.

ගැටුම්කාරී කලාපවලට සමීපව පිහිටියද ජොර්දානය මැද පෙරදිග සුරක්ෂිත රටක් ලෙස සැලකේ. රටේ පොහොසත් සංස්කෘතික උරුමයන් සහ ජෙරාෂ්, වඩි රම් සහ මළ මුහුද වැනි විස්මිත ස්වභාවික භූ සැකසුම් හොඳින් සංරක්ෂණය කර ඇති අතර ගණනය කළ නොහැකි තරම් පුරාවිද්‍යාත්මක හා ආගමික ස්ථාන ද රට සතුවේ.

ආර්ථික හා සාමය පිළිබඳ ආයතනයේ 2022 දර්ශකයට අනුව ලෝකයේ සුරක්ෂිත රටවල් අතර 57 වැනි ස්ථානයට ජෝර්දානය පත්ව ඇති අතර පෙර වර්ෂයට වඩා පියවර 6ක් ආරක්ෂාකාරීව ඉහළට පැමිණීමට සමත්ව ඇත. නමුත් මිලිටරිකරණය, ගැටුම්කාරී තත්ත්වයන් හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මැද පෙරදිග සුරක්ෂිත රටවල් අතර 3 වැනි ස්ථානයට පැමිණීමට ජෝර්දානය සිදු වී තිබේ.

ජෝර්දානය ආරක්ෂිත යැයි කියන්නේ ඇයි?

* අවම අපරාධ අනුපාතය

* ස්ථාවර දේශපාලන තත්ත්වය

* ඵලදායී ආරක්ෂක පියවර

2.කුවේටය

කුවේට් නගරය අගනුවර වන කුවේටයේ වර්ෂ 2020 දී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 24.300,33 කි.

ආර්ථික හා සාමය පිළිබඳ ආයතනයේ 2022 දර්ශකයට අනුව ලෝකයේ රටවල් 163ක් අතරින් කුවේටය 39 වැනි ස්ථානයට පත් විය. නමුත් 2021 දර්ශකය හා සසඳද්දී එය පියවරකින් පහළ බැසීමකි. කෙසේ වෙතත් මැද පෙරදිග සුරක්ෂිතම රටවල් අතර තවමත් දෙවැනි ස්ථානයේ පවතින්නේ කුවේටයයි.

බහුල වූ තෙල් සංචිත හා ශක්තිමත් රාජ්‍ය ආයතන හේතුවෙන් ඉහළ ආදායම් ලබන ආර්ථියක් හිමි කුවේටයට එහි පුරවැසියන් පමණක් නොව ආගන්තුකයන් උදෙසාද රටේ ස්ථාවරත්වය හා ආරක්ෂාව පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත.

කුවේටය ආරක්ෂිත යැයි කියන්නේ ඇයි?

* අපරාධ අනුපාතය අඩුවීම

* ස්ථාවර දේශපාලන තත්ත්වය

* ප්‍රචණ්ඩ ක්‍රියා දුර්ලභ වීම

* ප්‍රතිචාරදක්වන ඵලදායි පොලිස් බළකායක් ක්‍රියාත්මක වීම

1.කටාර්

දෝහා අගනුවර වන කටාර් හි වර්ෂ 2021 දී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 66.838,36 කි.

මැදපෙරදිග කලාපයේ සුරක්ෂිතම රට බවට කටාර් පත්වන්නේ ආර්ථික හා සාමය පිළිබඳ දර්ශකයේ 23 වැනි ස්ථානය හිමි කර ගනිමිනි. එය පෙර වර්ෂයට සාපේක්ෂව පියවර 6ක් ඉදිරියට පැමිණීමකි. අඩු අපරාධ අනුපාතය හා දැඩි නීති සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය කීර්තියක් උසුලයි.

රට තුළ ක්‍රෙඩිට් කාර්ඩ් වංචා පිළිබඳ වාර්තා වුවද මංකොල්ල කෑම් හා ප්‍රචණ්ඩකාරී අපරාධ කටාර් හි අති දුර්ලභ වේ.

කටාර් ආරක්ෂිත යැයි කියන්නේ ඇයි?

* අපරාධ අනුපාතය අඩුවීම

* ස්ථාවර දේශපාලන තත්ත්වය

* ඵලදායි ආරක්ෂක පියවර

* අසල්වැසි රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීම

ගෝලීය සාම දර්ශකයේ ක්‍රමවේදය

මේ අකාරයෙන් ආරක්‍ෂාව සම්බන්ධයෙන් රටවල් ශ්‍රේණිගත කිරීමේදී ගෝලීය සාම දර්ශකය සාධක ගණනාවක් සැලකිල්ලට ගනී. එකී සාධක මෙසේය.

* අපරාධ පිළිබඳ සංජානනය

* පොලිස්/ආරක්ෂක නිලධාරීන්ගේ අනුපාතය

* මිනීමැරුම් අනුපාතය

* සිරගත කිරීමේ අනුපාතය

* කුඩා අයුධ සපයා ගැනීමේ පහසුව

* අභ්‍යන්තර ගැටුම් තීව්‍රරතාව

* ප්‍රචණ්ඩ ක්‍රියා

* ප්‍රචණ්ඩ අපරාධ

* දේශපාලන අස්ථාවරත්වය

* දේශපාලන ත්‍රස්තවාදය

* ආයුධ ආනයනය

* ත්‍රස්තවාදී බලපෑම

* අභ්‍යන්තරගැටුම්

* අභ්‍යන්තරගැටුම් මරණ

* බාහිර ගැටුම්

* බාහිර ගැටුම් මරණ

* මිලිටරි වියදම්

* සන්නද්ධ සේවා පිරිස් අනුපාතය

* එක්සත් ජාතීන්ගේ සාම සාධක අරමුදල්

* න්‍යෂ්ටික/බර අවි හැකියාවන්

* සරණාගතයන්/අවතැන් වූවන්

* අසල්වැසි රටවල් සමඟ සබඳතා

* ආයුධ අපනයනය

මැද පෙරදිග කලාපයේ යුද ගැටුම් පවතින මේ මොහොතේදී, ඔබ මැද පෙරදිග රැකියාවකට යාමට අපේක්ෂාවෙන් සිටිනවා නම් හෝ යුද ගැටුම් හේතුවෙන් මැද පෙරදිග රැකියාවකට යාමට බියෙන් පසුවනවා නම් ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් කළ මෙම දැනුවත් කිරීම බෙහෙවින් උපකාර වනු ඇත.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසිරකරුවන් 350කට අද නිදහස
Next Article ටේලර් ස්විෆ්ට්ගේ ඉන්ස්ටග්‍රෑම් සටහනට Likes මිලියන 9 ක්
Buzzer Editorial

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.