Author: Buzzer Editorial

ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් ඒ බව පැවසුවේ සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇති එකඟතා සම්බන්ධයෙන් නැවතත් සාකච්ඡා ආරම්භ කිරීමට හැකියාවක් තිබේ දැයි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. “වැඩසටහනේ ප්‍රගතිය ශක්තිමත්. ප්‍රතිසංස්කරණ උත්සාහයේ ප්‍රතිඵල ලැබෙනවා. ආර්ථික වර්ධනය සුබදායි වෙලා. උද්ධමනය අඩුවෙනවා. සංචිත, ජාත්‍යන්තර සංචිත වර්ධනය වෙනවා. ආදායම් ශක්තිමත් වෙනවා. නමුත් සමහර අවදානම් තවමත් තියෙනවා. ඒ නිසා…

Read More

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසීය. විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පවසයි.

Read More

වාහාම අද දින පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ආගමන විගමන පාලකවරයාට ශේෂ්ඨාධිකරණය නියම කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වත් කළ පරිදි විද්‍යුත් වීසා නිකුත් කිරීමට නොහැකි බව ආගමන විගමන පාලකවරයා නීතිපතිමාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට නොහැකි බව දැනුම් දෙමින් ආගමන විගමන පාලකවරයා අධිකරණයට අපහාස කර ඇත්දැයි යන්න සලකා බැලිය යුතු බව ද සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය වහාම ඔහු අධිකරණයට කැඳවීය.

Read More

කොවිඩ් වසංගත සමය පැවති 2022 අගෝස්තු මාසයේදී, කැනඩාවේ ඔටාවා හි ෆෙයාර්මොන්ට් චැටෝ ලෝරියර් හෝටලයේ ආලින්දයෙන් සොරකම් කළ බවට වාර්තා වූ සුප්‍රසිද්ධ ඇමෙරිකානු කැනේඩියානු ඡායාරූප ශිල්පී යූසුෆ් කාර්ෂ් විසින් 1941 දී ගත් බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්ගේ “ගොරවන සිංහයා” නමැති ලෝක ප්‍රකට ඡායාරූපයේ මුල් මුද්‍රිත පිටපත පොලීසිය විසින් ඉතාලියේදී සොයාගත් බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා අද වාර්තා කලේය. ඡායාරූපය විද්‍යානුකූල නිරීක්ෂණයට ලක් කළ කැනඩා පොලිස් පරීක්ෂකවරුන් පවසන්නේ එය ඔවුන් සෙවූ ඡායාරූපය බවත් එය නැවත එහි අයිතිකාර හෝටලයට ලබා දීමට සූදානම් බවයි. මේ සොරකම සම්බන්ධව කැනඩාවේ ඔන්ටාරියෝහහි, පොවාසන් ප්‍රදේශයේ 43 හැවිරිදි පුද්ගලයෙක් අප්‍රේල් 25 වන දින අත්අඩංගුවට ගෙන පසුදා ඔටාවා හි උසාවියට ​​ඉදිරිපත්…

Read More

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය. එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්ථාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුය. ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව…

Read More

අද (13) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස…

Read More

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද (12) පැවසීය. ජනාධිපති අපේක්‍ෂකයන් ඡන්ද සළකුණු කරන අවස්ථාව ඡායාරූප ගැනීමට සහ විඩියෝ කිරීමට අවසර ලැබුණ ද ඡන්ද දින පස්වරු 4.00 ට පෙර ඒවා පළකිරීම සහ ප්‍රචාරය කිරීම තහනම් බව ද රත්නායක මහතා කීය. තැපැල් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට අවසර දීමෙන් පසුගිය දිනවල වූ දේවල් බරපතල බව කී රත්නායක මහතා ඡන්ද සළකුණු අවස්ථාව ඡායාරූප ගැනීම නොව තමන් ඡන්දය දැමේ කාටද යන්න ප්‍රකාශ කිරීම පවා නීතිවිරෝධී බව ද සඳහන් කළේය. මැතිවරණවලදී…

Read More

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊයේ (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ. එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද සවස 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය. කළමණාකරණ පීඨ හා ශාස්ත්‍ර පීඨ සිසුන් දෙපිරිසක් අතර මෙසේ ගැටුම ඇතිවූ බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා සංචිතයට රත්ගම, දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රීඩිකාවන් 6ක් තෝරාගෙන ඇත. රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩිකාවන් හයදෙනා වන්නේ, සුමුදු නිසංසලා, සංජනා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, හිරුණි හංසිකා, ෂෙහාරා ඉඳුවරි සහ නෙතගී ඉසුරාංජලී ය. මේ වසර මුලදී ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ටී.එම් ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්න ද මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටී. සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විසිනි. 16 දෙනෙකුගෙන් යුත් සංචිතය T20 සහ පන්දු වාර 50 තරඟ දෙකටම තරඟ වදින අතර, තරඟාවලිය 2024 සැප්තැම්බර් 20 වන දින ආරම්භ…

Read More

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබේ. ඒ වනවිට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය. ඔහු 1990 සිට 2000 දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය. විශේෂයෙන්ම පේරු රාජ්‍යය තුළ මතුවෙමින් පැවති “ෂයිනින් පාත්” ගරිල්ලා සංවිධානය මර්ධනය කිරීමට ඔහු දැඩි හමුදා බලය පාවිච්චි කළේය. ඔහුව බලයෙන් පහ කෙරුණේ ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා වල ප්‍රතිඵලයක් වශයෙනි. පසුව ඔහු ජපානයට පැනගිය අතර 2005 වසරේදී ෆුජිමෝරි ව චිලි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගැනුණි. අනතුරුව ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා වසර 25කට ඔහුව බන්ධනාගාර ගත කළේය. පසුගිය…

Read More