- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියයි.
අද (22) දහවල් 12 දක්වා පනවා ඇති ඇඳිරි නීතිය ඉන් අනතුරුව දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඊයේ (21) රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය දැමුණු අතර පසුව එය අද දහවල් 12 දක්වා දීර්ඝ කිරීමට බලධාරීන් තීරණය කළේය. ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත් කෙරෙමින් පවතියි.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි. ඊයේ රාත්‍රී 10.00 පැන වූ ඇඳිරි නීතිය අද පෙරවුර6.00 අවසන් වීමට නියමිතව තිබුණි.
රජය රාත්‍රී ඇඳිරිනීතිය පැනවීම, ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න තම විශ්වාසය බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජන බලවේගය පවසයි. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ජාතික ජන බලවේගය සඳහන් කරයි. අදාළ නිවේදනය පහතින්,
අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් අද පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට නිමාවට පත්වී තිබේ. ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමාවට පත්විය. ඒ අනුව ඡන්ද දායකයින් අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ සිය වටිනා ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණි. ඒ, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණි.
මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් යොමුකරමින් දන්වා සිටී. ඒ අනුව එම මධ්‍යස්ථානවල ද කාබන් පෑන භාවිත කරන ලෙස උපදෙස් ලබාදුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. කෙසේ නමුත් ඡන්දය සලකුණු කිරීම සඳහා කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටී. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්‍රීයේ ආපසු හරවා යවා තිබේ . ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා , ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යවා තිබේ . ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නැමැති මොහු ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 08.35ට පැමිණ තිබුණි .
අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ, දිවයිනේ සියලුම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන්කිරීමේ කටයුතු පස්වරු 8ත් 9ත් අතර කාලයේදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, දිවයිනේ සෑම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානයකම ගණන්කිරීමේ කටයුතු ආරම්භ වන්නේ එම ප්‍රදේශයට අයත් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්ද පෙට්ටි ලැබුණු පසුව බවය. එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 712,318 (හත්ලක්ෂ දොලොස්දාස් තුන්සිය දහ අටක්) බවද මෙහිදී පෙන්වා දුන් සමන් ශ්‍රී රත්නායක මහතා, ඉන්…
අද (21) දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 60 ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අද දහවල් 2 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි. කොළඹ – 60%ගම්පහ – 62%කළුතර – 60%මහනුවර – 65%මාතලේ – 68%නුවරඑළිය – 70%ගාල්ල – 61%මාතර – 64%හම්බන්තොට – 60%යාපනය – 50%කිලිනොච්චිය – 56%මුලතිව් – 57%වව්නියාව – 62%මන්නාරම – 60%රත්නපුර – 60%කෑගල්ල – 60%මඩකලපුව – 35%අම්පාර – 60%,ත්‍රිකුණාමලය – 55%කුරුණෑගල – 60%පුත්තලම – 57%අනුරාධපුර – 70%පොළොන්නරුව – 65%මොනරාගල – 65%බදුල්ල – 59%

