Author: Buzzer Editorial

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක්ඇතිවිය හැකි බවය. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Read More

අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට ලයිස්තුවේ ඊළගට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත්වීමට නියමිතය. අවසන් මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු අතර මනාප ලැයිස්තුවේ අනුර කුමාර දිසානායක මහතාට පසුව මනාප ලබාගෙන සිටින්නේ නිපුණආරච්චි මහතාය.

Read More

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි. තුවාලකරුන්ගෙන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත. බර්මින්හැම් නගරයේ ෆයිව් පොයින්ට් සවුත් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුවිය. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ෆයිව් පොයින්ට් සවුත් ප්‍රදේශයේ සිටි පිරිසක් වෙත වෙඩි තබා පලා ගොස් ඇත. වෙඩි ප්‍රහාරවලට ලක් වී මියගිය සිවු දෙනා අතරේ පිරිමි දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බවත්, එයින් එක් පිරිමියකු මියගියේ රෝහල්ගත කිරීමෙන් පසුව බවත් වාර්තා වේ. වෙඩි තැබීම කළ පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්භ…

Read More

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල තුළ සිරවූහ. පිපිරීම සිදුවූයේ දකුණු ඉරානයේ කොරසාන් පළාතේ තාබාස් ප්‍රදේශයේ පිහිටි ගල් අඟුරු පතලේය. මෙම ගල් අඟුරු පතල වර්ග කිලෝ මීටර් 30,000 ක ප්‍රදේශයක් පුරා විසිරී පවතී. මෙය ඉරානයේ විශාලතම ගල් අඟුරු පතල ද වෙයි. පිපිරීමට හේතුව මීතේන් ගෑස් කාන්දුවක් බව මේ වනවිට අනාවරණය වී ඇත. පිපිරීම හටගත් අවස්ථාවේ පතලේ 69 දෙනකු සේවය කරමින් සිටි බව කොරසාන් පළාතේ ආණ්ඩුකාර ජාවඩ් ගෙන්නාට්ස්සාද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. පිපිරීමෙන් පසු පතලේ කොටස් කීපයක් කඩා වැටීමකට ලක් විය.…

Read More

කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු, ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් මෙන්ම ඉන්දියානුවන් වෙනුවෙන් ද මහ කොමසාරිස්වරයා, විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුවේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා හමුවීමට පැමිණ ඔහුට පළමුවෙන් සුබ පැතුම් එක් කළ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ සන්තෝෂ් ජා මහතා…

Read More

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ. එය පහත දැක්වේ.සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ. ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය. අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප‍ කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති…

Read More

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණු අනුර කුමාර දිසානායක මහතා වෙත හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබේ. පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

Read More

මැතිවරණ කොමිෂන් සභාවෙන් ලද තොරතුරු සහ දැනුම්දීම අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර ඇති බවත්, නව ජනාධිපතිවරයා දිවුරුම් දීම බොහෝ විට හෙට (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී සිදුවීමට ඉඩකඩක් ඇති බවත් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.මීට ටික වේලාවකට (22) පෙර සිය පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ; තම පක්ෂයට මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය දැනුම්දීම සඳහා රාත්‍රී 08ට එම පරිශ්‍රයට පැමිණීමට දැනුම්දී ඇති බවත් ඒ සඳහා පිටත්ව යාමට සියල්ල සූදානම් බවයි. ප්‍රභූ පන්තියේ දේශපාලනය හමාර කර, සාමාන්‍ය ජනතාව පාලනය සිදු කරන ක්‍රමවේදයකට සිදු වූ සුවිශේෂී…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ. එමෙන්ම ජනාධිපති ධුරයට අයත් රජයේ වාහන සියල්ලද ඊයේ දිනයේදීම භාරදී ඇති අතර පැජට් පාරේ පිහිටි නිල නිවසින්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව ගියේය.

Read More

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි. දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 32.76%කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි. පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය. ඒ අනුව නොබෝ වේලාවකින් දෙවැනි මනාප ගණනය කිරීමෙන් අනතුරුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More