- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Author: Buzzer Editorial
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රින් වෙස්ට් මහත්මිය ඊයේ(22) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ඇති හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ රජය සමග කටයුතු කිරීමට එක්සත් රාජධානි රජය සූදානම් බවද වෙස්ට් මහත්මිය පැවැසුවාය. එසේම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කළේය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වීමට ලැබීම තමන් ලද ගෞරවයක් බවද ඔහු පැවැසුවේය.…
ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනට සහාය දීමට ඇමෙරිකාව කැපවී සිටින බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(22) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. දෙරට අතර ඇති ද්වී පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොතු වන බවද එහිදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසුවේය. එසේම දෙරට අතර ඇති ආර්ථික වර්ධනය, ආරක්ෂාව සහ ගැඹුරු හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. පැවති ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය…
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය. ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමෙන් පසුව එම සාකච්ඡාව පැවැත්විණි.
ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබේ. ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස ඒ මහතාව පත්කර ඇත. ඔහු ශ්‍රී ලංකා රේගුවේ Integrity Devolopment Advisor ලෙස ද කටයුතු කළ අයෙකි. ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ (Phd)උපාධිධරයෙක් වන අතර ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.
ශ්‍රී ලංකාවේ නව ජපනති අනුර කුමාර දිසානායක මහතාට චීන ජනපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක් කරමින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. උපුටා ගැනීම ” ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ඔබ දිවුරුම් දෙන අවස්ථාවේ චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් මාගේ අවංක සුබ පැතුම් සහ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. චීනය සහ ශ්‍රී ලංකාව සම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෝ වෙති. අප දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පසු ගත වූ වසර 67 තුළ දෙපාර්ශවයම එකිනෙකාට අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගය ලබා දෙමින් විවිධ ප්‍රමාණයේ රටවල් අතර මිත්‍රශීලී ,සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පිළිබඳ කදිම ආදර්ශයක් සපයමින් සිටිති. චීන-ශ්‍රී ලංකා සබඳතා…
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කර තිබේ. “සුභ පැතුම් අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ජයග්‍රහණයට. ඉන්දියාවේ ‘අසල්වැසියාට පළමු තැන’ ප්‍රතිපත්තිය සහ දැක්ම සාගර් තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වේ. අපගේ ජනතාවගේ සහ සමස්ත කලාපයේ ප්‍රයෝජනය සඳහා අපගේ බහුවිධ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි, ”යනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණි. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි. අද දිනය සඳහා තරග ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියේය. ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දවාගත යුතුවු අතර නවසීලන්තය ලකුණු 68ක් රැස්කරගත යුතුව තිබුණි. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක්වූ රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91ක් රැස්කරගෙන සිටි අතර අජාස්පටෙල් ලකුණු නොලබා කඩුල්ලේ රැඳි සිටියේය. තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් අද දිනය…
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්යාලයේදී පැවසීය. ජනාධිපතිවරයා මෙසේද කීය. අප රටේ ප්‍රජාතන්ත්‍රවායේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමයි.මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සහ පාලකයා තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ.අප රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයන්ගේ ශක්තිමත් කිරීම අවශ්‍යයි.මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම සිදුකරන බව ප්‍රතිඥා දෙනවා. මැතිවරණ බල හුවමාරුවකදී බල හුවමාරුව කිසිම නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, ආදර්ශය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. අපට ලැබෙන්නේ අභියෝගාත්මක රටක්.අපගේ දේශපාලනය…
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දී ඇත. සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබේ.
9වන විධායක ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දියුරුම් දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දැන් පැවැත්වේ…

