ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව, ආරක්ෂක, මුදල්, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම්, සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ පවතින්නේ ජනාධිපතිවරයා යටතේ යි.
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන, කම්කරු, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ, කාන්තා, ළමා හා තරුණ කටයුතු, ක්‍රීඩා, වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යසායකත්ව සංවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය ධූරවල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම් දී තිබෙනවා.
විජිත හේරත් මහතා දිවුරුම් දී ඇත්තේ, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා, මහජන ආරක්ෂක, විදේශ කටයුතු, පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධූරවලයි.