- ඉරානයේ – ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක දැනුම්දෙයි
- ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට
- හමුදාවට මඩ ගහන මෙහෙයුමේ ඇත්ත මෙන්න
- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
- විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන සමාලෝචනයක් සිදු කරන බව IMF පවසයි
- ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී
- ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
- ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට
Author: Buzzer Editor
ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය සඳහා ජේෂ්ඨ ක්‍රීඩකයකු වන ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ඇන්ජලෝ මැතිව්ස් එක්කර ඇති බවයි සඳහන් වන්නේ. මෙතෙක් ශ්‍රී ලංකා සංචිතය සමඟ රැඳී සිටි මතීෂ පතිරණ යළි ලංකාවට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මෙය ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්තවී ඇති අතර මියයන විට ඔහු 64 වන වියේ පසු වුණා. ප්‍රේමසිරි හේවාවසම් මෙරට ජනප්‍රිය ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියෙක් ලෙස කටයුතු කර තිබෙන අතර ඔහු රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නවක පිරිස් දයාද කිරීමටද කටයුතු කර තිබෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන නවාස් ෂරීෆ් සිවු වසරකට පසු යළි පාකිස්තානයට පැමිණියේය. තෙවරක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇති නවාස් ෂරීෆ් පසුගිය සිවු වසරක කාලයේ ජිවත් වූයේ එක්සත් රාජධානියේය. 73 හැවිරිදි නවාස් ෂරීෆ් විශේෂ ගුවන් යානයකින් ලාහෝර් නුවරට පැමිණි බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වෙයි. නවාස් ෂරීෆ් යළි පාකිස්තානය බලා පැමිණියේ ඊට සහභාගී වීමේ අරමුණින්ය. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
මෙරට ජ්‍යේෂ්ඨතම නර්තනවේදිනියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය රෝගාතුරව සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර මියයනවිට ඇය 71 වන වියේ පසුවුණා. ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නර්තන ආචාර්යවරිය වන රැජිණි සෙල්වනායගම් කලාකීර්ති සහ විශ්වකලා කීර්ති සම්මානවලින්ද පිදුම් ලබා තිබෙනවා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
අද (22) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 පමණ තද වැසිද ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව කී ජනාධිපතිවරයා 2025 වසරේ මුල් කාලයේදී පළාත් සභා ඡන්දයත් පවත්වන බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය එම සියලු මැතිවරණ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායමට අතර මූලික වටයේ 19 තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 49 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සිබ්‍රන්ඩ් එන්ගල්බ්‍රෙක්ට් (Sybrand Engelbrecht) ලකුණු 70 ක් හා ලෝගන් වැන් බීක් (Logan van Beek) ලකුණු 59 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මදුෂංක කඩුලු 4 ක් කසුන් රාජිත කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණ. පිළිතුරු…
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඔවුන් දෙදෙනා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ටෙල් අවීව් නුවරට පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පවත්වා පිටවී ගොස් දිනකට පසුවය. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.