2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායමට අතර මූලික වටයේ 19 තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 49 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සිබ්‍රන්ඩ් එන්ගල්බ්‍රෙක්ට් (Sybrand Engelbrecht) ලකුණු 70 ක් හා ලෝගන් වැන් බීක් (Logan van Beek) ලකුණු 59 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මදුෂංක කඩුලු 4 ක් කසුන් රාජිත කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 48 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 54 ක්, චරිත් අසලංක ලකුණු 44 ක් හා නොදැවී පන්දුවට පහරදුන් සධීර සමරවික්‍රම ලකුණු 91 ලබා ගැනීමට සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.