- හමුදාවට මඩ ගහන මෙහෙයුමේ ඇත්ත මෙන්න
- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
- විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන සමාලෝචනයක් සිදු කරන බව IMF පවසයි
- ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී
- ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
- ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට
- තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රිමාන්ඩ්
- ගුවන්යානා අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි
Author: Buzzer Editor
අද (30) දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර…
ගාසා තීරය ආක්‍රමණයට සූදානම් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සියලු දෙනාට මරණය උරුම බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කියයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේ, ජාතිය අමතමිනි. “ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම අපේ අරමුණයි. හමාස් සංවිධිනයේ පාලන බලය අපි බිඳ දමනවා. හමුදා ශක්තිය නැති කරනවා. අල්ලා ගත් ඊශ්‍රායල වැසියන් අපි මුදා ගන්නවා” යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු ජාතිය අමතමින් පෙන්වා දුන්නේය. එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්, අමාත්‍ය බෙනී ගෑන්ට්ස් සහ ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීහු ද එක් වී සිටියහ. ඊශ්‍රායලය මේ වනවිට ගාසා තීරය වට කර ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා දේශසීමාවේ රැඳී සිටින්නේ, ගාසා තීරයේ උතුරුදිග පළාත් හරහා පහර දෙමින් ගාසා තීරයට…
ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ සිටි ළහිරු කුමාර පුහුණුවීම් අතරතුරදී ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ අනුව ඔහු වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
සේවා අවශ්‍ය තාවයන් මත ස්ථාන මාරැවිම් කරනු ලැබුවද එම ස්ථාන මාරැවිම් නොසලකා එම ස්ථානයේම රාජකාරියේ නිරතව සිටි උතුරු මැද කලාප අධ්‍යක්ෂවරු සිවුදෙනකු අනිවාර්යය නිවාඩු යවා තිබේ. මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව හා හිඟුරක්ගොඩ යන කලාපවල සේවය කළ කලාප අධ්‍යක්ෂවරු සිවු දෙනෙකි. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂ්මී හේවාපතිරණ මහත්මියගේ අස්සනින් යුතුව මේ අනිවාර්ය නිවාඩු යැවීම සිදු කර ඇත. වසර පහකට අධික කාලයක් එකම ස්ථානයේ රාජකාරියේ නිරතවිමේ හේතුවෙන් මොවුන් ස්ථාන මාරුවීම් සිදුකර දින දාහතරක් (14) ගත වී තිබියදීත් බලහත්කාරයෙන් තමන් රාජකාරි කළ ස්ථානයේම රැඳී සිටීම මෙයට හේතු වූ බව සිදුකළ විමසුමේදි පළාත් අධ්‍යාපන…
සූර්යග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් සහිත මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය හෙට පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට ද දිස් වනු ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් හෙට රාත්‍රී 11.32ට චන්ද්‍රයා පෘථිවියේ උපචායාවට ඇතුළු වීමත් සමඟ අර්ධ චන්ද්‍රග්‍රහණය ආරම්භ වේ. එය පියවි ඇසට පෙනෙන කොටස 29 වැනි දින අලුයම 01.05ට චන්ද්‍රයා පෘථිවියේ සෙවණැල්ලෙහි තද…
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට තම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ අමාත්‍යවරයා මෙි බව කීය. රජයන් වෙනස් වන විට හෝ අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බැවින් එම කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් සැකසූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. දැනට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.…
චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කෙකියැං හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 68 කි. ලී කෙකියැං, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ පසුගිය මාර්තු මාසයේය. චීන කොමියුනිස්ට් පක්ෂ රජයේ, ජනාධිපතිවරයාගෙන් පසු දෙවැනිය බලවත්ම පුද්ගලයා වන්නේ අග්‍රාමාත්‍යවරයා ය. ලී කෙකියැං අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දෙකක්, ජනාධිපති ෂී ජින්පින් සමඟ ඉතාමත් සමීපව කටයුතු කළේය. කෙසේ නමුත් අවසන් කාලයේ ජින්පින් සහ කෙකියැං අතරේ මත ගැටුම් පැවැති බව වාර්තා විය. එම මත ගැටුම් හේතුවෙන්, ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය කෙකියැං දේශපාලනික වශයෙන් නිහඬ කළේ යැයි ද පැවැසිණි. චීනයට වෙළෙඳපොළ ඉලක්ක කරගත් ප්‍රතිපත්ති හඳුන්වා දීමට උත්සාහ කළේ ලී කෙකියැං ය. චීනයේ වත්මත්…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති මූලික වටයේ 25 වන තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 33 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156 ක් පමණයි. පන්දුවට පහරදීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් (Ben Stokes) ලකුණු 43 ක් හා ජොනි බෙයාස්ටෝ (Jonny Bairstow) ලකුණු 30 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්, ඇන්ජලෝ මැතිව්ස් හා කසුන් රාජිත කඩුලු 2 බැඟින් හා මහීෂ්…
පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබූ අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරු උපත පසුගිය ඔක්තෝම්බර් 17 වැනි දින කාසල් කාන්තා රෝහලෙන් වාර්තා විය. ළදරුවන්ගේ ජීවිතයට හොඳම ආරම්භයක් ලබා දීම සඳහා දෙමාපියන්ට සහයෝගය දැක්වීමට ඇති කැපවීම පසක් කරමින් බේබි ෂෙරමි විසින් වසරක කාලයක් පුරාවට රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි සබන්, කොලෝන්, ක්‍රීම්, ඩයපර් සහ අනෙකුත් සනිපාරක්ෂක නිෂ්පාදන ඇතුළු සම්පූර්ණ ළදරු නිෂ්පාදන පෙළක් එම නිවුන් ළදරුවන් 5 දෙනා වෙනුවෙන් ලබාදීමට පසුගිය දා ඉදිරිපත් විය. තම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි ලබා දෙන පූර්ණ රැකවරණය නිසාම දශක ගණනාවක් පුරාවට මිලියන ගණනක් ශ්‍රී ලාංකේය දෙමාපියන්ගේ අඛණ්ඩ විශ්වාසය දිනාගෙන සිටින බේබි ෂෙරමි , ළදරු රැකවරණ නිෂ්පාදන අතර ප්‍රමුඛස්ථානය දිනාගෙන සිටියි. වගකිව…