පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබූ අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබෙනවා.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.