Author: Buzzer Editor

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදකයා වන Orel Corporation විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Residencies හි දැවැන්ත ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace Gampaha වෙනුවෙන් ඇතිකරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිළ වශයෙන් නිවේදනය කරන ලදී. මෙම නවතම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි පද්ධති පිළිබඳව මූලික වගකීම සහ දායකත්වය Orel Corporation විසින් දරනු ලැබේ.  දෙශීය හා ජාත්‍යන්තර වශයෙන් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා විදුලි පද්ධති සැලසුම් කිරීම, එහි අන්තර්ගත විදුලි උපාංග නිෂ්පාදනය සහ සැපයීම සම්බන්ධයෙන් දශක හතරකට ආසන්න විශේෂඥ දැනුමකින් යුතු Orel Corporation, ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව ඇතුළු මහාද්වීප 5ක සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. මෙම ව්‍යාපෘතියට අදාළ ව්‍යපෘති කළමනාකරණය,…

Read More

විදේශිය රටවල් 07ක පුරවැසියන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, චීනය , ඉන්දියාව , ඉන්දුනීසියාව , රුසියාව , තායිලන්තය , මැලේසියාව සහ ජපානය යන රටවලින් පැමිණෙන පුද්ගලයින් සඳහා මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මකයි. ඉකුත් ඔක්තොම්බර් මස 24 වනදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නඟා සිටුවීමේ අරමුණින් නියමු වැඩසටහනක් ලෙස මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් එම වැඩසටහන එළඹෙන මාර්තු මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් වන කොන්දේසි මාලාවක් එම දෙපාර්තමේන්තුව විසින්…

Read More

එක්සත් රාජධානියෙන් සූකර උණ රෝගියකු ගැන වාර්තාවේ. මෙලෙස එක්සත් රාජධානියෙන් සූකර උණ රෝගියකු වාර්තා වන්නේ පළමු වරට යැයි ද පැවැසෙයි. AH1N2 නම් වෛරස ප්‍රභේදය මෙම පුද්ගලයාට ආසාදනය වී ඇති බව වෛද්‍යවරු පවසති. එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත්තේ, උතුරු යෝක්ෂයර් පළාතේ සිදුකළ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී ආසාදිතයා සොයා ගත් බවය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

දංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ රබර් අත් මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි දංඕවිට පොලිසිය සඳහන් කරයි. හදිසියේම මෙම ගින්න හටගෙන ඇති අතර ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් විසින් ගින්න නිවීම සදහා කටයුතු කරනු ලැබුවත් මහා ගිනිදැල් පාලනය කිරීම සඳහා වතුපිටිවල ආයෝජන කලාපයේ ගිනි නිවන රථ දෙකක් හා කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක්ද කැඳවීමට පියවර ගනු ලැබීය. වරින් වර ගින්න මැඩ පැවැත් වුවත් අද අලුයම වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබී නොතිබුණි. ගින්න හේතුවෙන් කිසිවකුට තුවාල හෝ ජීවිත හානි සිදුවීමක් සම්බන්ධයෙන් අද 28 අලුයම වන විටත් වාර්තා වී නොතිබුණි.…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් ඊයේ (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව අද නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං…

Read More

රොෂාන් රණසිංහ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර තිබෙනවා. එසේම වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව දන්නේ තම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් තුනෙන් එකක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 34 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. එම පනත නිසා සමාජය මාධ්‍ය භාවිත කිරීමේ නිදහස සීමා වනු ඇතැයි එම පනත පිළිබඳ දන්නා බව ප්‍රකාශ කළ තුන් එකක ජනතාවගෙන් සියයට 56 කගේ මතය බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.එම පිරිසෙන් සියයට 25 ඉන් වැඩි වෙනසක් සිදු නොවේවී යැයි විශ්වාස කරන බවත් සියයට 19 ක පිරිසක් සමාජ මාධ්‍ය අවභාවිත වීම ඉන් අඩුවනු ඇති බව විශ්වාස කරන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය…

Read More

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සඳහා අභියාචනා කැඳවීම අද (27) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබන දෙසැම්බර් මස 04 වනදා දක්වා එම අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය 16 වනදා නිකුත් කළා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ප්‍රබෝධවත් වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් ඛෙහෙවින් වැදගත්ය. සසුන් ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් මෙම පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත. වස්සාන ඍතුවේ අවසාන පොහොය වන මෙදින කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනයද වෙයි. බුදුසමයට අදාළව ඓතිහාසික වශයෙන් මෙම පොහොය දිනයේ සිදුවූ වැදගත් සිද්ධි මොනවාදැයි සිහිපත් කර ගැනීම අප සැමගේ අවබෝධය සඳහා වටනේය. මෛත්‍රී බෝසතාණන් වහන්සේ විවරණ ලැබීම බුදුරජාණන් වහන්සේ සත්වැනි වස තුසිත දෙව්ලොව වැඩ සිට වස් පවාරණයෙන් දඹදිව සංකස්ස නුවරට වැඩි සේක. උන්වහන්සේ එහි වැඩියේ රන්හිණි මඟකිනි. එය දෙපස රිදී හිණිමං දෙකකි. එකක මහ බඹුය. ඔහු…

Read More

දුම්රිය ආසන වෙන්කර ගැනීමේ තොරතුරු ඩිජිටල් ක්‍රමවේදයකට ලබාගැනීමේ පහසුකමක් රටවටා දුම්රිය මඟින්ගේ ෆේස්බුක් සමූහය විසින් හඳුන්වා දී තිබෙනවා. ඔවුන් විසින් හඳුන්වා දුන් RDMNS ඇප් එක හරහා මෙම නව පහසුකම සපයා ඇති අතර ඒ හරහා මෙරට සියලු දුම්රිය සේවාවන්ගේ ප්‍රවේශපත් ගාස්තු, ආසන වර්ග, ආසන අංක සහ දුම්රිය ආසන වෙන් කරගැනීමේ උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතිනවා. ආසන වෙන් කරගැනීමට පෙර මේ හරහා දුම්රිය මැදිරි තුළට ඩිජිටල්ව පිවිස එම මැදිරි නැරඹීමට හැකි වීමද විශේෂත්වයක්. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More