විදේශිය රටවල් 07ක පුරවැසියන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, චීනය , ඉන්දියාව , ඉන්දුනීසියාව , රුසියාව , තායිලන්තය , මැලේසියාව සහ ජපානය යන රටවලින් පැමිණෙන පුද්ගලයින් සඳහා මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මකයි.
ඉකුත් ඔක්තොම්බර් මස 24 වනදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නඟා සිටුවීමේ අරමුණින් නියමු වැඩසටහනක් ලෙස මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් එම වැඩසටහන එළඹෙන මාර්තු මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් වන කොන්දේසි මාලාවක් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, අදාළ වීසා යෝජනා ක්‍රමය යටතේ ගාස්තු රහිත වීසා ක්‍රමවේදයක් ලබා ගැනීම සඳහා ඉහත සඳහන් රටවල රාජ්‍ය තාන්ත්‍රික, නිල රාජ්‍ය කටයුතු, සේවා සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් සුදුසුකම් ලබන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. (සෘජු උපුටාගැනීම: නෙත් නිව්ස්)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.