Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම
Blog 61 Views

ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

Buzzer EditorBy Buzzer EditorNovember 26, 2023Updated:November 26, 2023No Comments6 Mins Read61 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ප්‍රබෝධවත් වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් ඛෙහෙවින් වැදගත්ය. සසුන් ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් මෙම පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත. වස්සාන ඍතුවේ අවසාන පොහොය වන මෙදින කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනයද වෙයි. බුදුසමයට අදාළව ඓතිහාසික වශයෙන් මෙම පොහොය දිනයේ සිදුවූ වැදගත් සිද්ධි මොනවාදැයි සිහිපත් කර ගැනීම අප සැමගේ අවබෝධය සඳහා වටනේය.

මෛත්‍රී බෝසතාණන් වහන්සේ විවරණ ලැබීම

බුදුරජාණන් වහන්සේ සත්වැනි වස තුසිත දෙව්ලොව වැඩ සිට වස් පවාරණයෙන් දඹදිව සංකස්ස නුවරට වැඩි සේක. උන්වහන්සේ එහි වැඩියේ රන්හිණි මඟකිනි. එය දෙපස රිදී හිණිමං දෙකකි. එකක මහ බඹුය. ඔහු අත උසුලාගත් ඡත්‍රයකි. අනෙක් රිදී හිණි මඟෙහි සක් දෙවිඳුය. සක්දෙවිඳු අත සේසතකි. අහස් තලය පුරා දෙවි බඹුන්ය. මෙම අසිරිමත් පෙළහර දුටු දහස් සංඛ්‍යාත ජනතාවගෙන් බුදු බව නොපැතු කෙනෙකු නැත. එම දේවාවරෝහණ පූජාව දැක බලාගත් මහ පිරිස් අතර මතු බුදුවන මෛත්‍රි බෝසතාණන් වහන්සේද වූහ. එවක මෙත් බෝසතාණෝ සංකස්ස නුවරට නුදුරු ගමක සිරිවඩ්ඩන නම් සිටුවරයා ගේ පුතණුවෝය. ඔහු සිය මවුපිය ඇවෑමෙන් මහත් ධනයකට හිමිකම ලබා සැපසේ විසූවෙකි. හෙතෙම මෙම අසිරිමත් පෙළහර දැක පැහැදී දහසක් වූ සිය පිරිවර සමඟ සසුන්ගත විය. එසේ පැවිදි වූ බෝසතාණෝ උපසම්පදාව ලබා බොහෝ භික්‍ෂු සංඝයාට ආර්ය ධර්මය ඉගැන්වූහ.

ඉන්පසු එළැඹි වස් කාලයකදී උන්වහන්සේට දායකයන් වෙතින් අගනා වස්ත්‍ර යුගලක් ලැබිණ. උන්වහන්සේ එයින් එකක් බුදුරජාණන් වහන්සේ වැඩ වසන සුගන්ධ කුටියේ වියනක් කොට බැන්දාහ. අනෙක තීරු කොට ඉරා මහ වියන් වටකොට එයද බුදුහිමියනට පූජා කළහ. මෙම මහත් අනුසස්දායක උදාර සද්ක්‍රියාව බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් දුටුසේක. අනතුරුව උන්වහන්සේ ‘ඔබ මෙම භද්‍ර කල්පයෙහිම මෛත්‍රි නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ යැ’ යි මහ සඟ මැදදි විවරණදී වදාළ සේක. මේ මහා පූජාව සිදුකර බුදුන් වහන්සේට එකත් පස්ව වැඩ සිටි මෙත් බෝසතාණන් මහා සංඝයාට දක්වමින් බුදුපියාණෝ මෙසේ වදාළ සේක. ර්‍ණමහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගලක් බුදුරජාණන් වහන්සේට පූජාකළ මේ භික්‍ෂුව දෙස බලව්, මේ තෙමේ මතු මෙම මහා භද්‍රකල්පයෙහිම මෛත්‍රි නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේය. එකල දඹදිව බරණැස කේතුමති නම් නුවරක් වෙයි. එහි සංඛනම් සක්විති රජකු පහළ වන්නේය. ඔහුගේ පුරෝහිත වන්නේ බ්‍රහ්ම නම් බ්‍රාහ්මණයාය. ඔහුගේ බිරිඳ බ්‍රහ්මණි නම් වෙයි. මේ තෙමේ ඔවුන්ගේ පුතණුවන් වන්නේය. නමින් අසිත නම් වෙයි. මොහු ගිහිගෙය හැර දමාගොස් පැවිදි වන්නේය. ඒ මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ බෝධිය වන්නේ නා රුකකි ර්‍ණ මේ ඇසූ මහා සංඝයා සාධු නද පැවැත්වූහ. දෙව් බඹහු දිවමල් පිදූහ. මහජනයා පී‍්‍රතියෙන් උද්දාමව මහත් සැණකෙළි පැවැත්වූහ. අප බුදුපියාණන් වහන්සේ මෛත්‍රිය බෝසතුන්ට මෙසේ විවරණ දී වදාළේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනක දීය.

ප්‍රථම ධර්මදූත සේවය

බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායෙහි වස් සමාදන්ව වස් පවාරණය කොට තමන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේ සැට නම බොහෝ ජනයාගේ හිත සුව පිණිස සදහම් චාරිකාවේ පිටත් කර හැරියේ මෙ වන් පොහොය දිනකදීය. උන්වහන්සේ සිය ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළ සේක.

චරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය, බහු ජන සුඛාය

ලොකානුකම්පාය, අත්ථාය හිතාය, බහු ජන සුඛාය, දෙවමනුස්සානං

මා එකෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවෙ ධම්මං

ආදි කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යංජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්ම චරියං පකාසෙථ”

මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස,ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස චාරිකාවෙහි හැසිරෙව්. දෙදෙනෙක් එක මඟ නොයව්. මහණෙනි මුල, මැද අග යහපත් වු අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දේශනා කරවු. පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරවු” දෙනමක් එක මඟ නොයන්නැයි උන්වහන්සේ වදාළේ බුදුදහම ඉතා පුළුල්ව ව්‍යාප්ත කිරීම සඳහාය. අනතුරුව තමන් වහන්සේද උරුවෙල් දනව්වේ සේනානි නම් නියම්ගමට හුදෙකලාවම වැඩි සේක.

තුන්බෑ ජටිල දමනය

උරුවෙල් දනව්වෙහි නේරංජනා ගංතෙර ආරාම කරගෙන ජටිලයෝ තිදෙනෙක් වූහ. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, සහ ගයා කාශ්‍යප යනුවෙන් ඔවුන් හැඳීන්විණ. උරුවෙල කාශ්‍යපගේ පිරිස පන්සියයකි. නදී කාශ්‍යපගේ පිරිස තුන්සියයකි. ගයා කාශ්‍යපගේ පිරිස දෙසියකි. මිථ්‍යා දෘෂ්ඨින්හි පිහිටා සිටි මොවුන් වෙත බුදුරජාණන් වහන්සේ වැඩියහ. පළමුව උරුවෙල කාශ්‍යප වෙත පැමිණ ඔහු ඇතුළු පිරිසට දහම් දෙසූ සේක. ඔවුහු මිථ්‍යා අදහස් හැරපියා සිය ජටා මඬුලු සහ පිරිකරද නේරංජනා ගඟට දමා සසුන් ගත වූහ.

සහෝදරයා සහ ඔහුගේ පිරිස කහවත් හැඳ සසුන්ගතව සිටින අයුරුය. ඒ අනුව නදී කාශ්‍යප ඇතුළු පිරිසද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ජටාමඩුලු ගඟට දමා සසුන් ගත විය. තෙවැනි සහෝදරයා වූ ගයා කාශ්‍යප ද පිරිස සමඟ මෙසේ සසුන් ගත විය. බුදුරජාණන් වහන්සේගේ මෙම තුන් බෑ ජටිල දමනය සිදුවූයේද ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.

කඨින චීවර පූජාකළ හැකි අවසන් දිනය

පෙර වස් වසන භික්‍ෂූන් වහන්සේ වස්තුන් මස නිමවූ පසු වප් පොහොය දින වස් පවාරණය කළ යුතුය. පසු වස් විසූ භික්‍ෂූන් වහන්සේ ඉල් පොහොය දින වස් පවාරණය කළ යුතුය. කඨින චීවරය ලබා ගත හැක්කේ පෙර වස් විසූ භික්‍ෂූන් වහන්සේටය.

සැරියුත් තෙරුන් වහන්සේගේ පරිනිර්වාණය

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනකල සැරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්ස, බුදුරජාණන් වහන්සේ පළමුව පිරිනිවන් පාන්නා හුද නැතහොත් අග්‍රශ්‍රාවකයෝ පිරිනිවන් පාන්නහුදැයි විචාළහ. මෙහිදී අගසවු පළමුව පිරිනිවන් පානා බව දැන, මෙතෙක් තුනුරුවන් කෙරෙහි නො පැහැදී සිටි තම මවුතුමියට මාර්ගඵලාවබෝධය ලබාදෙනු පිණිස, පන්සියයක් භික්‍ෂූන් සමඟ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ වදාළහ. භාග්‍යවතුන් වහන්ස, මම දැන් ජරාජීර්ණ වෙමි. මෙහි නැවත පැමි”මක් නැත. මේ මගේ අන්තිම ගමනයි. මේ මගේ අන්තිම වැඳීමයි. මගේ ආයුෂ මඳය, භාග්‍යවතුන් වහන්ස මේ මගේ පරිනිර්වාණ කාලයයි. මම ආයුසංස්කාරය හළෙමි”. එවිට බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේගෙන් කොතැන්හි දී පිරිනිවන් පාන්නේ දැයි විචාළ සේක.

තමන් වහන්සේ මගධ ජන පදයේ නාලකගම තමන් උපන් නිවෙසෙහි ඕවරකයෙහි දී (කාමරයක) පිරිනිවන්පාන බව වදාළහ. එයින් පසු සැරියුත් තෙරණුවෝ නාලක ගමට වැඩම කොට ඒ ගම් දොර නුගරුකක් මුල වැඩ සිටියහ. එහිදී උන්වහන්සේට උපරේවත නම් බ්‍රාහ්මණයා හමු විය. ඔහු තෙරුන් වහන්සේගේ බෑනනුවෙකි. සැරියුත් හිමියෝ ඔහු අත සිය මෑණියන් වූ මිථ්‍යා දෘෂ්ඨික සාරි බැමිණියට පණිවිඩයක් යැවූහ. සාරි බැමිණිය එහි පැමිණ සිය පුතු දැක සෙනෙහසින් යුතුව උන්වහන්සේට වැඩ වාසය පිණිස එම කාමරය පිළියෙළ කර දුන්නාය. එහිදී සැරියුත් තෙරණුවෝ බුදුන් වහන්සේගේ මහත් වූ ගුණ දක්වා කළ දේශනය අසා ඇය සෝවාන් ඵලයෙහි පිහිටියාය. එවිට සැරියුත් මහ රහතන් වහන්සේ , ‘’මම හදා වඩා ගැනීමේදී ඇති වූ ණය ගැති භාවයෙන් මිදුණෙමි’යි සතුටට පත්ව පිරිනිවන් පා වදාළ සේක. මෙසේ සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූයේ ඉල් පොහොය දිනකදීය.

ථූපාරාම චෛත්‍යය ඉදිවීම

මිහිඳු මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කොට චෛත්‍යයක් නිර්මාණය කරන්නට දේවානම්පියතිස්ස රජතුමාට වදාළේ ඉල් පුර පසළොස්වක පොහොය දිනකය.ඒ අනුව සුමන සාමණේරයෝ බුදුන් වහන්සේගේ දකුණූ අකුධාතුන් වහන්සේද අශෝක රජතුමා විසින් දෙන ලද පාත්‍රයක් පමණ ධාතුන් වහන්සේද ලක්දිවට ගෙන ආහ. එයින් දකුණු අකුධාතුන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ථූපාරාම දා ගැඛෙහි තැන්පත් කරන ලදී. මෙනයින් බලන කල ඉල්පුර පසළොස්වක පොහොය මෛත්‍රිය බෝසතුන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත සේවය, තුන් බෑ ජටිල දමනය, සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය, බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ ථූපාරාම දාගැඛෙහි තැන්පත් කිරීමට කටයුතු සැලසීම සහ කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය වීම යන කරුණු අතින් මහත් ශ්‍රේෂ්ඨත්වයට පත්වූ පොහොය දිනයකි.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured history pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදුම්රිය ආසන වෙන්කර ගැනීමේ කටයුතු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක්
Next Article 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරීක්ෂාවට අභියාචනා භාරගැනීම අද සිට ඇරඹේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.