Author: Buzzer Editor
ලොව අතිශය ජනප්‍රිය, සුරූපී සුපිරි ගායිකා ෂකිරා ගේ මීටර් 6.5 ක් උස ප්‍රතිමාවක්, ඇයට ගරු කිරීමක් ලෙස ඉදිකර, නිරාවරණය කිරීමට කොලොම්බියාවේ, බැරැන්කිලා නගර බලධාරීහු කටයුතු කළහ. ෂකිරාගේ උපන් නගරය වන්නේ බැරැන්කිලාය. පිලිමයෙන් නිරූපණය වෙන්නේ ෂකිරා ‘හිප්ස් ඩෝන්ට් ලයි’ නමැති ඇගේ ජනප්‍රිය ගීතයේ, උකුල නළවමින් නර්තනයේ යෙදෙන ආකාරයයි. පිලිමය නිරාවරණය සිදු කිරීම වෙනුවෙන් චාම් උත්සවයක් පැවැත්වුණු අතර, ඊට ෂකිරාගේ මාපියෝ සහභාගී වූහ. තමන්ට ගරු කරමින් ඉදිකළ පිළිමය සම්බන්ධයෙන් තමන් නගර බලධාරීන්ට සහ නිර්මාණකරුවන්ට හිස නමා ආදාර කරන බව 46 හැවිරිදි ෂකිරා ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සතුට පළ කරමින් පවසා ඇත. (අල් ජසීරා) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත්…
ගතවුණු වසර පහක කාලයේ, නිවසක් නැති එංගලන්ත වැසියන් ගණන සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එංගලන්ත මාධ්‍ය මෙසේ වාර්තා කළේ සිදු කළ නවතම සමීක්ෂණයකින් පසුවය. ආර්ථික දුෂ්කරතා වැඩිවීම හේතුවෙන්, නිවෙස් අහිමි එංගලන්ත වැසියන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව, එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත. මේ වනවිට එංගලන්තයේ ජීවන වියදම ද සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ජනාධිපති අපනයන සම්මාන 2022/23, NCE වාර්ෂික අපනයන සම්මාන 2023 සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන 2022 ආදී සම්මාන රැසක් ලින්ක් නැචුරල් සමාගම දිනා ගනියි. මෙරට ප්රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන සන්නාමයක් වන Link Natural Products (Pvt.) Ltd යනු CIC Holdings සමාගමේ අනුබද්ධිත සමාගමකි. නිරන්තරයෙන් වඩාත් ගුණාත්මක නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට කැප වී සිටින මෙම සමාගම ජාතික මට්ටමේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකට ද හිමිකම් කියමින් මෙම වසර තුළ සිය සාර්ථකත්වය තවදුරටත් සාක්ෂාත් කර ගැනීමට සමත් වී ඇත. පර්යේෂණාත්මක ක්‍රමවේද ඔස්සේ උසස්ම තත්ත්වයේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අමතරව තවත් සෞඛ්‍ය සේවා සහ ස්වසත්කාර නිෂ්පාදන රැසක් සිදුකරන ලින්ක් නැචුරල් මේ වසරේ දී අංශ කිහිපයක්…
2019 වසරේ, ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට වූ ‘පැරසයිට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දුන් දකුණු කොරියානු නළු ලී සන්-ක්යුන් මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි. 48 හැවිරිදි ලී සන්-ක්යුන් ගේ සිරුර ඔහුගේ මෝටර් රථයේ තිබී පොලිසියට හමුවී ඇත. මණයට හේතුව මෙතෙක් පැහැදිලි නැත. ලී සුන් කියාම්, දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුණු තැනැත්තෙකි. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිවුදින සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින්, ගෝලීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් රුසියන් රජය සමඟ සාකච්ඡා පැවැත්වීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ. රුසියන් යුක්රේන යුද්ධය, ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වුණු බව ද පැවැසෙයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉන්දීය නියෝජිතයන් උණුසුම් ලෙස පිළිගත්තේ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් විසිනි. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත්ව ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
Daihatsu Motor අඟහරුවාදා සියළුම දේශීය නිෂ්පාදන අත්හිටුවන ලද අතර, එහි බොහෝ මාදිලිවලට බලපාන ආරක්ෂක පරීක්ෂණ සෝලිය මධ්‍යයේ කම්හල්වල මෙහෙයුම් නැවත ආරම්භ කිරීමේ කාලසටහනක් පැවසීම මේ වනවිටත් අපැහැදිලිය. එම මෝටර් රථ නිෂ්පාදක සමාගම අඟහරුවාදා කෝපන් මිනි වාහන එකලස් කර ඇති ඔසාකා ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් නතර කළේය. ජපානයේ සමාගමේ කර්මාන්තශාලා හතරෙන් එකක් වූ එය, එය අවසන් වරට නතර වූ නවතම කර්මාන්තශාලාව ද වනවා. අත්හිටුවීම අවම වශයෙන් ජනවාරි අග දක්වා පවතිනු ඇතැයි ඩයිහට්සු සඳුදා පැවසුවේ එහි සැපයුම්කරුවන් 8,000 කට වැඩි පිරිසකට සහ එහි මව් සමාගම වන ටොයෝටා මෝටර් වෙත යම් පහරක්ද එල්ල කරමිනි. Toyota හි කුඩා මෝටර් රථ ඒකකය සාමාන්‍යයෙන් ජපානයේ දිනකට…
රුසියන් ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට, ඇමෙරිකන් ඩොලර් බිලියන 1.34 ක මුදල් ආධාර පැකේජයක් හිමිවිය. රුසියන් ආක්‍රමණය හේතුවෙන් අඩපණ වුණු යුක්රේනයට ආර්ථික ස්ථාවරත්වයක් ලබා දීමේ අපේක්ෂාවෙන්, මෙම මුදල් ආධාර ලබා දුන් බව ලෝක බැංකුව අවධාරණය කර තිබේ. රුසියන් ආක්‍රමණය හමුවේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, යුක්රේනයට මුදල් ආධාර සහ යුද ආධාර ලබා දෙයි. යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 60 ක මුදලක් ලබා දීමට බයිඩන් පරිපාලනය තීරණය කර ඇති නමුත්, ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ඊට හිමිවී නැත. ඒ ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයන් එම යෝජනාවට විරෝධය පළ කරන බැවිනි. ලෝක බැංකුවේ සහාය යුක්රේන රජයට හිමිවූයේ එවැනි අවස්ථාවකය. යුරෝපා සංගමයෙන් ද යුක්රේන රජයට මුදල් ආධාර ලැබීමට…
කාන්තාවන්ගේ මෙන්ම පුරුෂයන්ගේත්, දරුවන්ගේත් වැඩකිරීමේ හැකියාව සහ ක්‍රියාශීලිත්වය බෙහෙවින් අඩුවන්නේ යකඩ ඌණතාවය හේතුවෙනි. ශරීර සෞඛ්‍ය වර්ධනයටත්, නීරක්තිය නිසා ඇතිවන අපහසුතා බොහෝය. දරුවන්ගේ කායික හා මානසිකත්වයටත්, බුද්ධි වර්ධනයටත් මෙය බෙහෙවින් බලපායි. යකඩ ඌණතාවය විවිධ සංකූලතා ඇතිවීමටත් හේතුවේ. යකඩ ඌනතාවය හේතුවෙන් සියලු කාර්යයන්ට මහත්සේ බාධා ඇතිවේ. විශේෂයෙන් ගර්භණී මවුවරුන්ගේ යකඩ ඌනතා නීරක්තිය හේතුවෙන් මාතෘ මරණ සහ රෝගී තත්ත්වයන්ටද හේතුවේ. මෙවැනි තත්ත්වයන් නිසා කලලයේ වර්ධනය පවා බාලවීමෙන් කලලයේ විවිධ සංකූලතා ඇතිවීමෙන් ගබ්සාවලට පවා හේතුවිය හැකිය. මෙම තත්ත්වය නිසා බෝවන රෝගවලින් සිදු වන අහිතකර බලපෑම් ද වැඩිවේ. ශරීරයේ ඇට සහ මිදුලුවල පවතින ශක්තිමත්භාවය ද හීනවීමට යම් යම් බලපෑම් සිදුවේ. මේ නිසා බෙහෙවින් බලපෑමට ලක්වන්නේ…
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට ඔහු 85 වන වියේ පසු වුණා. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී ඇති රෙක්ස් කොඩිප්පිලි සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් සහ කෘතහස්ත රංගන ශිල්පියෙක් ලෙස ජනාදරයට පාත්රවී තිබෙනවා. රෙක්ස් කොඩිප්පිලි රඟපෑ චිත්‍රපට අතරින් රක්තා, මුවන්පැලැස්ස 1, 2, 3, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ වඩාත් ප්‍රසිද්ධියක් උසුලනවා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න