Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මතක ශක්තිය සහ අවධානය හීන කරන යකඩ ඌනතාවය
Medical 4 Views

මතක ශක්තිය සහ අවධානය හීන කරන යකඩ ඌනතාවය

Buzzer EditorBy Buzzer EditorDecember 26, 2023Updated:December 26, 2023No Comments3 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කාන්තාවන්ගේ මෙන්ම පුරුෂයන්ගේත්, දරුවන්ගේත් වැඩකිරීමේ හැකියාව සහ ක්‍රියාශීලිත්වය බෙහෙවින් අඩුවන්නේ යකඩ ඌණතාවය හේතුවෙනි. ශරීර සෞඛ්‍ය වර්ධනයටත්, නීරක්තිය නිසා ඇතිවන අපහසුතා බොහෝය. දරුවන්ගේ කායික හා මානසිකත්වයටත්, බුද්ධි වර්ධනයටත් මෙය බෙහෙවින් බලපායි. යකඩ ඌණතාවය විවිධ සංකූලතා ඇතිවීමටත් හේතුවේ.

යකඩ ඌනතාවය හේතුවෙන් සියලු කාර්යයන්ට මහත්සේ බාධා ඇතිවේ. විශේෂයෙන් ගර්භණී මවුවරුන්ගේ යකඩ ඌනතා නීරක්තිය හේතුවෙන් මාතෘ මරණ සහ රෝගී තත්ත්වයන්ටද හේතුවේ. මෙවැනි තත්ත්වයන් නිසා කලලයේ වර්ධනය පවා බාලවීමෙන් කලලයේ විවිධ සංකූලතා ඇතිවීමෙන් ගබ්සාවලට පවා හේතුවිය හැකිය. මෙම තත්ත්වය නිසා බෝවන රෝගවලින් සිදු වන අහිතකර බලපෑම් ද වැඩිවේ. ශරීරයේ ඇට සහ මිදුලුවල පවතින ශක්තිමත්භාවය ද හීනවීමට යම් යම් බලපෑම් සිදුවේ.

මේ නිසා බෙහෙවින් බලපෑමට ලක්වන්නේ ප්‍රජනන තත්ත්වයෙන් පසුවන කාන්තාවන් ගර්භණී හෝ කිරිදෙන මවුවරුන්, ළදරුවන් හා දරුවන් සහ යෞවන වයසේ පසුවන ළමයින්ය. බොහෝ කලක සිට යකඩ බහුල ආහාර නොගෙන සිටි පුද්ගලයන්ටද අනෙකුත් අයට මෙන්ම නීරක්තිය ඇතිවේ. සිරුරට යකඩ අවශ්‍ය වන්නේ ශාරීරික හා මානසික වර්ධනය නිසි පරිදි සිදුවීමටත්, අලස බවෙන් තොරව ක්‍රියාශීලිව ගත කිරීමටය. යකඩ ඌනතාවයේ බලපෑමෙන් උපත් බර අඩු දරුවන් බිහිවීමත් එක් හේතුවකි. මතක ශක්තිය අඩුවන අතර යමක් කෙරෙහි පැවතිය යුතු අවධානයද අඩුවේ. රෝගාබාධවලට ලක්වීමද ඉක්මන් වේ. යකඩ ඌනතා, නීරක්තිය පිළිබඳව කරන ලද පර්යේෂණවලදී තහවුරු වී ඇත්තේ ලොව බහුලම පෝෂණ ඌනතාවය යකඩ ඌනතාවය බවයි.

මේ හේතුන් නිසා යකඩ බහුල පෝෂණ ආහාරයන් ගැනීමට ක්‍රියාකිරීම වැඩිහිටියන් සතු වගකීමක් වී ඇත. දරුවන් බෙහෙවින් යකඩ ඌනතාවයට පත්වන්නේත් වෙනත් රෝගාබාධ වලට ලක්වන්නේත් දෙමාපිය වැඩිහිටියන්ගේ නොසැලිකිලිමත්භාවය හේතුවෙනි. මවුපියෝ දරුවන්ගේ අකීකරුභාවය නැතහොත් මුරණ්ඩුකම නිසා ඔවුන් ඉල්ලන ඉල්ලන කෑම ජාති ලබාදීමට පුරුදුව සිටිති. මේ නිසා ලුණු, පිටි මෙන්ම තෙල් බැදුම් කෑම වර්ග මෙන්ම ක්ෂණික කෑම ද ශීතකළ පාන වර්ග ලබා දෙයි. මෙය වැඩෙන දරුවන්ගේ සෞඛ්‍යට ද බෙහෙවින් බලපාන තත්ත්වයකි. ශරීර වර්ධනයට බාධාවන කිසිදු පෝෂණ ගුණයක් නොමැති ආහාර වර්ග ලබාදීම නිසා දරුවන්ට වන හානිය භයානකය. සමහර දරුවෝ තෙල්බැදුම් හා තෙල් මිශ්‍ර කෑම ආහාරයට ගැනීමෙන් පසු අයිස්ක්‍රීම්, අයිස්චොක් වැනි ශීත කළ රසවත් අධික පැණිරස කෑම ගැනීමටද පුරුදුව සිටිති. විශේෂයෙන් අධික සේ යෙදූ ලුණු, විනාකිරි මිශ්‍ර අච්චාරු වර්ගද කෑමටද පුරුදුව ඇත. එය දරුවන්ගේ සෞඛ්‍යයට නීරෝගිභාවයට බාධා වන්නකි. රෝගවලට මඟ සැදීමකි.

යකඩ පෝෂණ බහුල ආහාර

දරුවන්ගේ වර්ධනය ගැන බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. දරුවන්ට ගුණාත්මක ආහාර වේලක් ලබාදීමට උපරිමයෙන්ම කටයුතු කිරීම වැඩිහිටියන්ගේ වගකීමකි. යකඩ පෝෂක බහුල ආහාර අතර මස් වර්ගද මාළු, කරවල, පීකුදු ද නිර්මාංශ ආහාර අතරින් තද කොළ පැහැති පලා වර්ගද එළවළු ද භෝගද සෝයා, මුංඇට, කඩල, කවුපි, උළුඳු, පරිප්පු මෙන්ම ඒවා මිශ්‍රව යොදන වෙනත් කෑම වර්ගද යකඩ බහුලව පවතී. විශේෂයෙන් හාල්මැස්සන්, මාළු හෝ කරවල ද බලයා, කෙළවල්ලා යන මාළු වර්ගද වඩාත්ම ගුණදායකය. විටමින් සී අඩංගු ආහාරයන්ද ඉතාම යෝග්‍යය. ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය නිසි අයුරින් ලබාගැනීම සඳහා විටමින් සී බහුල එළවළු හා පලතුරු වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතුය. යකඩ ඌනතාවය නිසා ඇතිවන නීරක්තිය අප රටේ ප්‍රබල සෞඛ්‍යය ප්‍රශ්නයක් බවට පත්ව ඇත. නමුත් වඩාත් සැලකිලිමත් වන්නේ නම් එය වළක්වා ගත හැකිය.

මන්දපෝෂණය

මන්දපෝෂණය නිසා ශාරීරික හා මානසික වර්ධනයේ බාලවීමක් සිදුවේ. මෙය ශාරීරික වශයෙන් ගත් කල එය මහත් ප්‍රශ්නයකි. මේ නිසා යකඩ ඌනතාවය ගැන හැම දෙනාගේම අවධානය යොමු කළ යුතුව ඇත. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අතපසු නොකොට ඉටු කළ යුතුය. දරුවකු වැඩෙන අවස්ථාවේදී, යකඩවල අවශ්‍යතාවය බෙහෙවින් තිබිය යුතුය. යොවුන්විය සමඟ වැඩිවියට පත් ගැහැනු දරුවන්ගේ වැඩීමට යකඩ අවශ්‍යතා අවශ්‍යයෙන්ම තිබිය යුතුය. මාසික ශුද්ධිය, ඇතිවීමේදී ශරීරගත යකඩ ප්‍රමාණයක් අඩුවේ. එය සපුරාලීම සඳහා එයට සරිලන පරිදි ආහාරවර්ග ලබා දිය යුතුය. එසේ ශරීරයට නිසි ලෙස ආහාර නොලැබුණහොත් යකඩ ඌනතාවයෙන් පීඩා විඳිය හැකිය.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වෙයි
Next Article යුක්රේනයට ලෝක බැංකුවෙන් තවත් මුල්‍යාධාරයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.