රුසියන් ප්රහාරවලින් බැටකන යුක්රේනයට, ඇමෙරිකන් ඩොලර් බිලියන 1.34 ක මුදල් ආධාර පැකේජයක් හිමිවිය. රුසියන් ආක්රමණය හේතුවෙන් අඩපණ වුණු යුක්රේනයට ආර්ථික ස්ථාවරත්වයක් ලබා දීමේ අපේක්ෂාවෙන්, මෙම මුදල් ආධාර ලබා දුන් බව ලෝක බැංකුව අවධාරණය කර තිබේ.
රුසියන් ආක්රමණය හමුවේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, යුක්රේනයට මුදල් ආධාර සහ යුද ආධාර ලබා දෙයි. යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 60 ක මුදලක් ලබා දීමට බයිඩන් පරිපාලනය තීරණය කර ඇති නමුත්, ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ඊට හිමිවී නැත. ඒ ප්රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයන් එම යෝජනාවට විරෝධය පළ කරන බැවිනි.
ලෝක බැංකුවේ සහාය යුක්රේන රජයට හිමිවූයේ එවැනි අවස්ථාවකය. යුරෝපා සංගමයෙන් ද යුක්රේන රජයට මුදල් ආධාර ලැබීමට නියමිත නමුත් එම මුදල් ද ප්රමාද වී තිබේ. (AFP)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.