Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලින්ක් නැචුරල් ජාතික විශිෂ්ටතා සම්මාන රැසකින් ඇගයුම් ලබයි
Financial 7 Views

ලින්ක් නැචුරල් ජාතික විශිෂ්ටතා සම්මාන රැසකින් ඇගයුම් ලබයි

Buzzer EditorBy Buzzer EditorDecember 29, 2023No Comments5 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජනාධිපති අපනයන සම්මාන 2022/23, NCE වාර්ෂික අපනයන සම්මාන 2023 සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන 2022 ආදී සම්මාන රැසක් ලින්ක් නැචුරල් සමාගම දිනා ගනියි.

මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන සන්නාමයක් වන Link Natural Products (Pvt.) Ltd යනු CIC Holdings සමාගමේ අනුබද්ධිත සමාගමකි. නිරන්තරයෙන් වඩාත් ගුණාත්මක නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට කැප වී සිටින මෙම සමාගම ජාතික මට්ටමේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකට ද හිමිකම් කියමින් මෙම වසර තුළ සිය සාර්ථකත්වය තවදුරටත් සාක්ෂාත් කර ගැනීමට සමත් වී ඇත. පර්යේෂණාත්මක ක්‍රමවේද ඔස්සේ උසස්ම තත්ත්වයේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අමතරව තවත් සෞඛ්‍ය සේවා සහ ස්වසත්කාර නිෂ්පාදන රැසක් සිදුකරන ලින්ක් නැචුරල් මේ වසරේ දී අංශ කිහිපයක් යටතේම හොඳම සන්නාමය ලෙස අභිෂේක ගැන්විණි.

අපනයන වෙළෙඳපල වෙත කුළුබඩු සහ සගන්ධ තෙල් නිෂ්පාදනයෙන් 1982 වසරේදී ආරම්භ කරන ලද ලින්ක් නැචුරල් ඉන් වසර කිහිපකට පසුව ආයුර්වේද ඖෂධ ආශ්‍රිත නිෂ්පාදනයන් ද වෙළෙඳපල වෙත හඳුන්වා දෙන ලදී. ඔවුන් සතු වූ පර්යේෂණාත්මක ප්‍රවේශයන් සහ සංවර්ධන හැකියාව ව්‍යාපාරය සඳහා සවිමත් පදනමක් විය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අතීත මූලාශ්‍රයන් පිළිබඳව නිරන්තරයෙන් ගවේෂණය කරමින් වර්තමාන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන සෞඛ්‍යාරක්ෂිත සහ ඵලදායී ආයුර්වේද සත්කාරයන් පිරිනමමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා දායකත්වයක් ලබාදීමට ලින්ක් නැචුරල් ආයතනය නිරතුරු උත්සහ දරයි.

ඔවුන්ගේ මෙම විශිෂ්ට සේවාව අගයමින් 2022/2023 වසර සඳහා වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී ‘හර්බල් සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයන සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර විය. ලින්ක් නැචුරල් නිෂ්පාදන සතු අපනයන ඉපැයීම්, නව රැකියා අවස්ථා උත්පාදනය, වෙළෙඳපල විවිධාංගීකරණය මෙන්ම මෙරට අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය කෙරෙහි ලබා දෙන මහඟු දායකත්වය මෙම ඇගයීම වෙනුවෙන් හේතු සාධක වී ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ මූලික අරමුණ වන්නේ, රටේ අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගතියට විශිෂ්ට දායකත්වයක් ලබා දෙන දේශීය අපනයනකරුවන් ඇගයීමය. එබැවින් මෙම සම්මානය ලින්ක් නැචුරල් ආයතනය ලැබූ ඉහළම ගෞරවයක් මෙන්ම අපනයන අංශයේ විශිෂ්ටත්වය සඳහා සමාගමේ කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ද වනු ඇත.

එමෙන්ම 31වැනි වරටත් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී (NCE) ‘ආයුර්වේද ඖෂධ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන (විශාල කාණ්ඩය)’ සඳහා රන් සම්මානය දිනා ගැනීමට ද ලින්ක් නැචුරල් සමාගම සමත් විය.

ආයුර්වේද ඖෂධීය ගුණය අනුසාරයෙන් නිපද වූ සෞඛ්‍ය ආරක්ෂණ සහ පෞද්ගලික ස්වසත්කාර නිෂ්පාදන රාශියක් සමඟ ලින්ක් නැචුරල් සමාගම දේශීය වෙළෙඳපලේ පාරිභෝගික විශ්වාසය සහ ආකර්ෂණය හිමිකරගත් දැවැන්ත සන්නාමයක් ලෙස ස්ථාපිත වී ඇත. මෙම සමාගමේ නිෂ්පාදන සතු සුරක්ෂිත බව, ආයතන කාර්යක්ෂමතාව, ප්‍රමිති තත්ත්වයන් කෙරෙහි අනුකූල බව ආදී සාධකයන් එහි අපනයන ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ලබා දී තිබේ.

ලින්ක් නැචුරල්ස් හී ප්‍රමුඛතම සන්නාමය වන ‘ලින්ක් සමහන්’ යනු සෞඛ්‍ය යහපැවැත්ම වැඩි දියුණු කිරීමට සහ දෛනිකව ප්‍රතිශක්තිය ආරක්ෂා කර දීමට ඉවහල් වන නිෂ්පාදනයකි. 100%ක් ම ස්වභාවික පානයක් වන මෙය සකස් කර ඇත්තේ, ශතවර්ෂ ගණනාවක් පුරා සම්ප්‍රදායිකව භාවිත කරන ලද විශ්වසනීය ආයුර්වේද ඖෂධීය අමුද්‍රව්‍ය 14ක සුසංයෝගයෙනි. මෙම නිෂ්පාදනය මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, රුසියාව, ඉන්දියාව, චෙක් ජනරජය, කැනඩාව සහ මැද පෙරදිග ඇතුළු රටවල් 30කට අධික ප්‍රමාණයකට අපනයනය කරනු ලබන අතර මෙම නිෂ්පාදනය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද ප්‍රසාදය හිමිවීම සාඩම්බරණීය කරුණක් වේ.

ඉහත සම්මාන ද්විත්වයට අමතරව ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන 2022 උළෙලේදී ලින්ක් නැචුරල් සමාගම කුසලතා සම්මානයෙන් ඇගයීමට ලක් විය. සමාගමේ සියලුම සේවකයන් සඳහා ආරක්‍ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් නිර්මාණය කිරීම සහ වෘත්තීය සහ ආරක්‍ෂිත ප්‍රමිතීන් අනුගමනය කිරීම ආදී කරුණු මෙම සම්මාන ඇගයීමේ දී සලකා බලන අතර එම සාධක සියල්ල සපුරා තිබීම සහ සේවා ස්ථාන අනතුරු වැළැක්වීම සහ ආරක්ෂණය සම්බන්ධයෙන් ලින්ක් නැචුරල් සමාගම සතු සවිමත් වැඩපිළිවෙල මෙම ඇගයීම වෙනුවෙන් ප්‍රධාන හේතු සාධක වී තිබේ .

මෙම සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව අදහස් දක්වමින් ලින්ක් නැචුරල් හි ප්‍රධාන විධායක නිලධාරී රොෂානි ජයසුන්දර මොරායස් මහත්මිය මෙසේ පැවසුවාය. “මෙම සම්මාන මඟින් රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීම වෙනුවෙන් සහ දේශීය ඉපැරණි ශාකසාර ආයුර්වේද උරුමය ලොවටම ගෙනයමින් ඉහළ නිෂ්පාදන ප්‍රමිතියක් පවත්වා ගැනීම කෙරෙහි අප ආයතනය දක්වන කැපවීම මැනවින් තහවුරු වෙනවා. ඒ වගේම මෙම ඇගයීම් තිරසාර නවෝත්පාදනයන් සමඟ අඛණ්ඩව ඉදිරියට ගමන් කිරීම සඳහා අප සමාගමට ප්‍රබල උත්ප්‍රේරකයක්.”

පාරිභෝගික සෞඛ්‍ය යහපැවැත්ම සහ සුවතා අවශ්‍යතාවයන් සපුරාලන ගුණාත්මක සහ නව්‍ය ඖෂධ වර්ග රැසක් ලින්ක් නැචුරල් සන්නාමය යටතේ නිෂ්පාදනය කරයි . දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපල වෙත ප්‍රවේශ වීමේදී සියලුම නිෂ්පාදනවල තත්ත්ව සහ නියාමන ප්‍රමිතීන් පිළිබඳ වැඩි අවධානයක් ලබා දීම අත්‍යාවශ්‍ය වන අතර සමාගම සිය FDA විගණන පහසුකම් යටතේ කාර්මික නිෂ්පාදන සඳහා මෙන්ම වාණිජ නිෂ්පාදන සඳහා පර්යේෂණ සිදු කිරීම, සූත්‍රගත කිරීම්, සංවර්ධනය කිරීම සහ උසස් ප්‍රමිතීන් සකස් කිරීම සඳහා වන අති නවීන පර්යේෂණ ආදිය වෙනුවෙන් සංවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර එය නඩත්තු කිරීම කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කරයි. ජපානයේ කොස්ට්කෝ ජාලය මඟින් සමහන් සඳහා අනුමැතිය ලබා දෙමින් එය ලැයිස්තුගත කර තිබෙන අතර ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය සුපිරි නිරූපිකාවක් විසින් මෙන්ම රියැලිටි වැඩසටහනකදී ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ බොලිවුඩ් නළුවෙකු විසින් ද සමහන් නිර්දේශ කිරීම ලින්ක් සමහන් සතු ඉහළ ගුණාත්මකභාවය පිළිබඳ ලොව පුරා ජනප්‍රියත්වය පිළිබඳව ප්‍රබල සාක්ෂියක් සපයයි.

ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලන නිෂ්පාදන රැසකින් සමන්විත් ලින්ක් නැචුරල් නිෂ්පාදන අතර ඇති Link Natural’s Herbal Personal Care නිෂ්පාදන පෙළ පාරිභෝගිකයින්ගේ හිසේ සිට දෙපතුල දක්වා ආලේපයට සුදුසු ලෙස සපයා ඇත. වෙළෙඳපල වෙත අලුතින්ම හඳුන්වාදුන් ‘Earth Essence Personal care’ නිෂ්පාදන මාලාව ඖෂධීය ගුණයෙන් පරිපූර්ණ නවීන නිපැයුමක් වන අතර මෙම නිෂ්පාදන පෙළ ලින්ක් නැචුරල් සහ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සබැඳියාවෙන් ගුවන් සේවයේ තීරු බදු රහිත නිෂ්පාදන එකතුවට හඳුන්වා දී ඇත. සමාගමේ ප්‍රථම novel experiential centre එක වන “Swastha by Link Natural” කොළඹ 7, අංක 6 මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි විවෘත කර ඇති අතර එමඟින් ගනුදෙනුකරුවන් වෙත අපූර්ව අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරයි.

වසර ගණනාවක් පුරා දේශීය මෙන්ම ජාත්‍යන්තර විශ්වාසය දිනා ගත් සමහන්, සුදන්ත, ස්වස්ථ අමෘත, ස්වස්ථ ත්‍රිඵලා, මසල්ගාඩ්, SP බාම්, කේශා ආදී නිෂ්පාදන පරම්පරා ගණනාවක් පුරා පාරිභෝගිකයින් වෙත පරිපූර්ණ සුවයක් සැලසූ අග්‍රගන්‍ය නිපැයුම් ලෙස ඉහළම පාරිභෝගික ජනාදරය දිනා ගෙන ඇත.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Article‘පැරසයිට්’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවෙකු මියයයි
Next Article නිවෙස් අහිමි ජනතාව සියයට 40 කින් වැඩිවෙලා
Buzzer Editor
  • Facebook

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.