Author: Buzzer Editor

“නව සන්ධානය” නමින් නවතම දේශපාලන පෙරමුණක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එළි දක්වා තිබෙනවා. එම දේශපාලන පෙරමුණේ මංගල මහජන රැළිය ජා-ඇල නගරයේ දී ආරම්භ වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දුෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට 2021.01.18 සහ 2021.06.28 යන දිනවල පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබාදී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. Buzzer.lk සහ Buzzer…

Read More

ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගතයුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන ඊශ්‍රායලය, පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව ජනසංහාර සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ගොනු කළ චෝදනා විභාගයට ගනිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ. මේ වනවිට ඊශ්‍රායලය හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 26,000 පසු කර තිබේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

පසුගියදා සම්මත වූ Online Safety පනත පිළිබඳ ජනතාවගේ දැනුම ඉතා අල්ප බව Verité Research සමීක්ෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම සමීක්ෂණයේදී 66% ක් මෙම පනත සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට අනාවරණය වී ඇති අතර, පනත ගැන දැනුවත්ව ඇත්තේ 34% ක පිරිසක් බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. එසේම 56% ක පිරිසක් මෙම පනත හරහා සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අඩුවන බවට ප්‍රකාශ කර ඇති අතර 25% ක් මෙම පනත මඟින් වැඩි වෙනසක් සිදුනොවන බව ප්‍රකාශ කර තිබෙනවා. තවත් 19% ක් සමාජ මාධ්‍ය අවභාවිතය මේ හරහා අඩුවනු ඇති බවට ප්‍රකාශ කර ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.…

Read More

දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම කෙටියෙන් විමසා බලමු බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම. ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය. සුදෝ සුදු පුන්සඳ කිරණින් මිහිතලයම…

Read More

පුද්ගලයන් 74 දෙනෙකු රැගත් රුසියානු හමුදා ගුවන් යානයක් බෙල්ගොරොද් ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සි පැවසුවේ යානයේ සිටි අයගෙන් 65 දෙනෙකු යුක්‍රේන හමුදා භටයන් වන අතර ඔවුන් සිරකරුවන් හුවමාරුවකට පෙර බෙල්ගොරොද් වෙත පියාසර කරමින් සිටි බවයි. CNN හට මෙම හිමිකම් පෑම ස්වාධීනව තහවුරු කළ නොහැක. ඊට අමතරව, IL-76 යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සහ “සමග පිරිස්” තිදෙනෙකු සිටියහ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. (CNN)

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සම්බන්ධ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කර අවසන් බව ඒ සඳහා පත් කළ කමිටුවේ සභාපති, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස්. රුවන් චන්ද්‍ර පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, පාඩුව අවම කිරීමටත්, එසේම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ආකර්ෂණීය සේවාවක් සැපයීම සම්බන්ධවත් අදාළ වන යෝජනා මෙම වාර්තාවට ඇතුළත් කළ බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ. ඒ අනුව, අදාළ වාර්තාව ලබන සතියේදී ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ජනපද මට්ටමින් පැවැත්වෙන මැතිවරණයේදී, නිව් හැම්ප්ෂයර් ජනපදය ජය ගැනීමට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සමත්විය. ඒ, ඔහුට අභියෝග කළ රිපබ්ලිකන් අපේක්ෂිකා නිකී හේලි පරාජය කරමිණි. මේ වනවිට, ජනපද දෙකක මැතිවරණ බල මණ්ඩල ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් වී සිටී. ට්‍රම්ප් මීට පෙර ජයග්‍රහණය කළේ අයෝවා ජනපදයයි. ලබා ගත් මෙම ජයග්‍රහණ සමඟ එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා වන වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට, අභියෝග කිරීමට ට්‍රම්ප්ට හැකි වනු ඇතැයි පැවැසෙයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

වී අලෙවි මණ්ඩලය වසර 14කට පසු ලාභ ලබා ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ පවසනවා. ඒ අනුව, පසුගිය යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 10ක් ලාභ ලබා ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. වී මිලදී ගැනීම සඳහා තවත් අතිරේක රුපියල් බිලියන 2ක මුදලක් සහනදායී පොලියක් යටතේ ගොවි භාරකාර අරමුදලෙන් ලබා ගැනීමට නියමිත බවත්, එම මුදල්වලින් ඉදිරි මහ කන්නයේදී වී මිලදී ගැනීමට නියමිත බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින ක්‍රිකට් තරග තුන මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරග තුන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන පෙබරවාරි මස 9 වැනිදා ආරම්භ වේ. එම සංචාරයේ විස්සයි20 තරග තුන පෙර පරිදිම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගයේදී පැවැත්වීමට නියමිතය. දෙරට අතර පවත්නවන්නට නියමිත එකම ටෙස්ට් තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි මස 2 වැනිදා ආරම්භ වේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More