Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » දුරුතු පොහොයේ වැදගත්කම
Blog 75 Views

දුරුතු පොහොයේ වැදගත්කම

Buzzer EditorBy Buzzer EditorJanuary 25, 2024No Comments5 Mins Read75 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම කෙටියෙන් විමසා බලමු බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම. ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.

සුදෝ සුදු පුන්සඳ කිරණින් මිහිතලයම ආලෝකවත් කරමින් දුරුතු සඳ උදාවෙයි. දුරුතු පුන් පොහෝ දින ලක්වැසි බොදු දනන්ගේ සිත් සතන් සැදැහැයෙන් පිරී ඉතිරී යන්නේ ලක් දෙරණ බුදු සසුන බබුළුවමින් සදහම් එළියෙන් ආලෝකවත් වූ නිසා ය.

දුරුතු පුර පසළොස්වක සෑම වසරකම ජනවාරි මාසයේහි යෙදෙන අති උතුම් පොහෝ දිනයකි. එය වසරේ පළමු පොහෝ දිනය නිසාම තම ආගමික ස්ථානවලට ගොක් දන්දීම්, සිල් රැකීම් ආදී ආගමික වතාවත්වල යෙදීම බොදු දනන්ගේ සිරිතකි.

බුදුරදුන් බරණැස ඉසිපතනාරාමයේ පළමු වස් කාලය ගත කළ සේක. දහම් පණිවිඩය ලොව පුරා පැතිරවීමට, පළමු රහතන් වහන්සේ හැටනම ගම්දනව් කරා පිටත් කර යැවූහ. බුදුන් වහන්සේ උරුවේල් දනව්වට වැඩම කළහ. උරුවේල් කශ්‍යප, නදී කශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පිරිසට දම් දෙසා කුරු රට පිඬු සිඟා වැඩි ‍සේක.

අනවතත්ත විල් තෙරදී දන් වළඳ සමවත් සුවයෙන් වැඩසිට බුදු ඇසින් ලොව දෙස බැලූ සේක. එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමක් පැවැත්විණි. කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක.

ලක්දිවට වඩා හැට ගුණයක් පමණ විශාල ඉන්දියාවේ විවිධ නගරවල චාරිකා කිරීමට තිබියදී විදේශ චාරිකාවක් ලෙස ලක්දිවට වැඩම කිරීම, ලක්වාසීන් ලද මහා භාග්‍යයකි.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න කෝරළයේ අලුත්නුවර නගර වසමට අයත්ම මහියංගනය පිහිටා ඇත. මහවැලි ගං ඉවුරේ සොළොස් ගව්වක් දිග – සතර ගව්වක් පළල මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින් හැඳින්විය. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාව පතුරුවමින් ලක්දිව පහළවූහ. එදා යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළ සේක. බුදුසසුනේ අනාගත පැවැත්ම උදෙසා මංපෙත් සොයා දෙමින් දෙව් මිනිස් සිත්සතන් සනසමින් සදහම් අමාවැසි වස්වා සැම සිත් පහන් කළ සේක. දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූහ. වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් දෙවියෝ ඉල්ලා සිටියහ. බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම කේශධාතුඳූ මිටක් පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන පත්කඩ එළා බුදුන් වහන්සේ දහම් දෙසූ ස්ථානයේ සත්රියන් , උස විසි රියන් වට ඉන්ද්‍රනීලමය සෑයක් කරවීය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක් බවද කියැවෙයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා සරභූ රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ ආදාහන සෑයෙන් ගී‍්‍රවා ධාතුව රහසේ ලබාගෙන, ලංකාවට පැමිණි මහියංගන සෑයේ තැන්පත් කොට හිමවතෙන් ගෙනා ‘මේඝවර්ණ’ පාෂාණයෙන් දොළොස් රියන් උස සෑයක් සැදවීය. වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර මෙම චෛත්‍ය කර්මාන්තය කෙරී ඇත. ලොව රහතන්වහන්සේ නමක් නිමකළ එකම චෛත්‍යයද මෙයයි.

ක්‍රි.පූ.267 දී පමණ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය රජු දොළොස් රියන් දාගැබ වසා තිස්රියන් දාගැබක් සාදවන ලදී. ක්‍රි.පූ. 161 දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජු අසූරියන් උස මහා චෛත්‍යයක් කරවීය. වසර විසි හතරක් (24) පමණ සිරිලක සරු සාරවත් කරමින් බුදු සසුන බැබළ වූ මෙම රජු සවඳිඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත කරඬුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවීය. වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළහ.

මහියංගන විහාරවාසීව සිටි නන්ද තෙරණුවන් තම බෑණනුවන් වූ සංඝබෝධි කුමරු භික්ෂූන් වහන්සේ ඇසුරේ ඇතිදැඩි කර දසරාජ ධර්මය අවබෝධකර දුන් පසු ඔහු රාජාභිෂේකය ලැබුවේ ද මෙම ඓතිහාසික භූමියේදී ය. සිරිසඟබෝ රජු බෝසත් ගතිගුණ ඇති, ඉතා ප්‍රසිද්ධ වූ සිය කැමැත්තෙන් හිස දන් දුන් උතුමෙකි.

බුදුන් වහන්සේ පළමු ලංකා ගමනයෙන් පසු මගධ රට රජගහනුවර බිම්සර රජුගේ ඇරැයුමක් පරිදි උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ සම¼ග රජගහ නුවරට වැඩම කළේ මසදී ය. බිම්සර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට පූජා කරන ලදී.

මෙය බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව විය. මෙතැන් පටන් ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළහ.

බුදුරජාණන් වහන්සේ බුදු සසුන නිරුපද්‍රිතව ආරක්ෂා වන දේශය ලෙස ලක්දිව හැඳින්වූ බව වංසකථාකරුවෝ පවසති. මහ සඟ රුවන ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය හා දහම් පොතපත රැකගැනීම, ත්‍රිපිටක ධර්මය පොත්පත්වල ලියා තැබීම, රාජ්‍ය නායකයන් හා ජනතාව උත්තරීතර සදහම් මගට යොමුකරවීම බුදුදහමේ චිරස්ථිතිය, ව්‍යාප්තිය, පෝෂණය සඳහා ඉවහල් විය. බුදු සසුනේ අනාගත පැවැත්ම දුරුතු මස දුරුතු පොහෝ දින බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනින් තහවුරු විය.

බුදුගුණ ගීයෙන් මවු තුරුලේ නැළවී මහ සඟරුවනේ ඇසුරෙන් සියලු සිප්සත හදාරා සදහම් අමා වැස්සෙන් නැහැවෙමින් මවුපිය වැඩිහිටි අවවාද අනුශාසනා වැඩුණු වියපත් අතීත හෙළ දරුවන් දෙස, බස, රැස රැක ගනිමින් වෙහෙර විහාර ඉදි කරමින් කළ උදාර සේවාව, අපි දුරුතු පොහෝදින සිහිපත් කරමු.

”කෙලෙස් මලින් පීඩිතව එකිනෙකා වෛරයෙන්” ක්‍රෝධයෙන්, තණ්හාවෙන්, මුසපත් වී විනාශ මුඛයට යන ජීවිත මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සනසා සදහම් ආලෝකයෙන් ඒකාලෝක කිරීමට මේ උදාර දුරුතු පොහෝ දින අදිටන් කර ගනිමු’.

බුදුන් වහන්සේගේ තෙ වන ලංකා ගමනය සිදු වූ කැලණි පුරවරය ඒකාලෝක කරමින් දුරුතු පොහෝ දින කැලණියේ දුරුතු පෙරහර පැවැත්වේ. විවිධාංග රාශියකින් අලංකාරවත් වන දුරුතු පෙරහර, බුදුදහම නිසා අප ලද සංස්කෘතික දායාදයකි.

ථේරවාද බුදුදහමේ භාණ්ඩාගාරය වූ, නිර්මල බුදුදහමට තෝතැන්නක් වූ සිරිලක සුනාමි ව්‍යසනයට හසුවෙද්දී මුළු ලොවම සානුකම්පිතව අප දෙස බලා මහා ධන පරිත්‍යාග කළේ බුදුදහමේ අසිරියෙනි.

අප හැමගේ ජීවිතවල නව ප්‍රබෝධයක් ඇති කිරීමට සීතල දුරුතු මහේ උදාවන දුරුතු පොහොය දින සැඳෑ අඳුර බිඳ හැර සිසිල සඳ රැස් දහරා ගලා ඉතිරී පැතිරී යයි. උපාසක උපාසිකාවෝ අටසිල්, දස සිල් රකිිමින් පෙහෙවස් සමාදන්ව, අපමණ පින් දහම් රැස්කර ගනිති. භික්ෂු භික්ෂු”, උපාසක, උපාසිකා සැමට දන් දී ඇප උපස්ථාන කිරීමෙන් සැදැහැතියෝ ද පින් රැස්කර ගනිති. දරුවෝද වැඩිහිටියෝ ද විහාරස්ථානයට ගොස් මල් පහන් පුදා කුසල් කර ගනිති.

එවන් උත්තරීතර පොහොයදිනයක අපිද ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරමින් සම්බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා තබමු.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured history pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරුසියාවෙන් බෙල්ගොරොද් ප්‍රදේශයේදී ගුවන් අනතුරක් වාර්තා වේ
Next Article Online Safety පනත ගැන Verité Research ආයතනයෙන් දැනුම්දීමක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.