වී අලෙවි මණ්ඩලය වසර 14කට පසු ලාභ ලබා ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ පවසනවා. ඒ අනුව, පසුගිය යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 10ක් ලාභ ලබා ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
වී මිලදී ගැනීම සඳහා තවත් අතිරේක රුපියල් බිලියන 2ක මුදලක් සහනදායී පොලියක් යටතේ ගොවි භාරකාර අරමුදලෙන් ලබා ගැනීමට නියමිත බවත්, එම මුදල්වලින් ඉදිරි මහ කන්නයේදී වී මිලදී ගැනීමට නියමිත බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.