ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින ක්‍රිකට් තරග තුන මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරග තුන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන පෙබරවාරි මස 9 වැනිදා ආරම්භ වේ. එම සංචාරයේ විස්සයි20 තරග තුන පෙර පරිදිම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගයේදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර පවත්නවන්නට නියමිත එකම ටෙස්ට් තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි මස 2 වැනිදා ආරම්භ වේ.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.