- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා විසින් ජනවාරි මස 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට කටයුතු කර තිබුණා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
වර්තමාන යුද හමුදාපති වන විකුම් ලියනගේ මහතා හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යුද හමුදා පාබල රෙජිමේන්තු බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා හට අදාලව අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති මැන්ඩාමුස් ආඥාව පෙර ලෙසින්ම ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර තිබේ. මීට පෙර අවස්තාවක බ්‍රිගේඩියර් චන්දන රණවීර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමට කටයුතු කල අතර එම ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් වර්තමාන යුද හමුදාපති වන විකුම් ලියනගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ විශේෂ පෙත්සම (4/24) සම්බන්ධයෙන් පෙබරවාරි මස 01 දින තීන්දුව ලබා දෙමින්ය. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
භූගත නළ එලීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත හෙට සිට පියවර කිහිපයක් යටතේ වසා තැබෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව අද (05) සිට එළඹෙන 19 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවතේ නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබීමට නියමිත බවයි සඳහන් වන්නේ. එසේම පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවතේ පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටස වසා තැබීමට නියමිතයි. එහි තුන්වන අදියර යටතේ මාර්තු මස 05 වනදා සිට මාර්තු 11 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත පෙරහැර මාවත ආශ්‍රිතව…
අප්‍රිකාවට අයත් නැමීබියා රාජ්‍යයේ ජනාධිපති හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූ බව එරට රජය නිවේදනය කළේය. 82 හැවිරිදි හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි. 2015 වසරේ සිට හේග් ගෙනිගොබ්, නැමීබියාවේ ජනාධිපති ධුරය හොබවන්න විය. ඔහු පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳි බව රට වැසියන් දැනගත්තේ පසුගියා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ අවස්ථාවේදී බව ද පැවැසෙයි. දකුණු අප්‍රිකා කලාපයට අයත් රාජ්‍යයක් වන නැමීබියාව, දියමන්ති සහ විද්‍යුත් මෝටර් රථවල බැටරියට යොදා ගන්නා ලිතියම්වලට ප්‍රසිද්ධය. ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත අතර, එතෙක්, උප ජනාධිපති නැන්ගෝලෝ බුම්බා ජනාපධිති ධුරයේ කටයුතු කරන බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. තවත් විදෙස්…
තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අග සිට තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෛනික ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් පවසනවා. දෙරට අතර සංචාරක, ධීවර, කෘෂිකර්ම සහ වෙළෙඳ යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සඳහා කැපවන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දෙරට අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා. පසුගිය 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක විසින් නිකුත් කර ඇති මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
පාකිස්තානය යළිත් වරක් චීනයෙන් ණය ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. ඒ, චීනයෙන් ණය ලබා ගැනීම සහ එම ණය පියවා ගැනීමට අපොහොසත් වූ බැවිනි. පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසය වනවිට පාකිස්තානය ගෙවිය යුතුව තිබුණු ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 128 ඉක්මවීය. විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ, පාකිස්තාන භාරකාර රජයේ අග්‍රාමාත්‍ය අන්වාරුල් හක් කාර්, වසරක කාලයක් සඳහා චීනයෙන් ඩොලර් බිලියන 2 ක මූල්‍ය ආධාර ඉල්ලා ඇති බවය. මෙම 2024 මාර්තු 23 වැනි දින චීනයෙන් ලබාගත් ණය සඳහා තැන්පතු කාලය අවසන් වූ වහාම ණය ආපසු හරවන ලෙස භාරකාර අග්‍රාමාත්‍යවරයා චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැංගෙන් ඉල්ලා ඇතැයි ද පැවැසෙයි. (NDTV)…
ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මාක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙනි. මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් පමණක් නොව, තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීප දෙනකු ද සහභාගී වූ බවත්, ඔවුන් ද කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ. Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.
Online Safety පනත් කෙටුම්පතට කථානායකවරයා විසින් ඊයේ (01) උදෑසන අත්සන් තැබුවා. සමාජ මාධ්‍ය නියාමනය සඳහා ගෙන ආ මෙම නව පනත් කෙටුම්පත පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සංශෝධන සහිතව සම්මත වුනා. කථානායකවරයා ඊට අත්සන් තැබීමෙන් පසු Online Safety පනත ඊයේ දින (01) සිට බලාත්මක වෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ නම යෝජනා වී ඇත. ට්‍රම්ප්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කර ඇත්තේ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකා ක්ලෝඩියා ටෙනී ය. ඒ, ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටිද්දී, මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කිරීමට සකස් කළ ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි. ට්‍රම්ප්ගේ එම ප්‍රතිපත්ති මාලාව නම් කර ඇත්තේ ඒබ්‍රහම් ගිවිසුම යනුවෙනි. මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කරමින්, ආරක්ෂාව තහවුරු කිරීමට ට්‍රම්ප්, ඒබ්‍රහම් ගිවිසුම හරහා යෝජනා කර තිබේ. 2020 වසරේ දී, ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, මෙම ඒබ්‍රහම් ගිවිසුම යටතේ පසමිතුරන් වී සිටි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ ඊශ්‍රායල අතරේ යහපත් සබඳතා ඇති කිරීමට කටයුතු කළේය.…