Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ප්‍රතිඥා දෙමින් AMW විසින් නව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස Andre Bonthuys මහතා පත් කරයි
Financial 9 Views

පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ප්‍රතිඥා දෙමින් AMW විසින් නව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස Andre Bonthuys මහතා පත් කරයි

Buzzer EditorBy Buzzer EditorMarch 14, 2024No Comments3 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය  සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා  Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී.   1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ අපනයන කටයුතු කෙරෙහි   වැඩි අවධානයක් යොමු කර ඇත. AMW සමාගම වසර 75ක දිගු කාලපරිච්ඡේදයක් පුරාවට මෝටර් රථ අලෙවිය සහ සේවා, ලිහිසි තෙල්, බැටරි, ටයර් සහ මූල්‍ය සේවා දක්වා සිය සමාගමේ කටයුතු ව්‍යාප්ත කර තිබෙන අතර Nissan, Yamaha, Suzuki, Renault, සහ Castrol වැනි සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාම රැසක මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙසද කටයුතු කරනු ලබයි.

2008 වසරේ ජූලි මාසයේ සිට AMW සමාගම එක්සත් අරාබිය පදනම් කරගත් මෝටර් රථ, ඉලෙක්ට්‍රොනික් උපකරණ, රක්ෂණ, දේපළ වෙළෙඳාම සහ සිල්ලර වෙළෙඳාම ආදී විවිධ අංශ ඒකාබද්ධ වූ ගෝලීය වාණිජ හා කාර්මික සමූහ ව්‍යාපාරයක් වන Al-Futtaim සමාගමට අනුබද්ධිත Al-Futtaim Engineering (AFE) යටතේ ක්‍රියාත්මක වේ. නව්‍යකරණය සහ ගුණාත්මකභාවය තුළින් පාරිභෝගිකයා වෙත විශ්වසනීය සේවාවක් සැපයීම වෙනුවෙන් AMW  සැමවිටම කැපවී සිටියි.

අලෙවිකරණය, විකුණුම්, උපාය මාර්ග සහ අලෙවියෙන් පසු සේවාව පිළිබඳව වසර 26කට නොඅඩු මනා පළපුරුද්දක් සහිත Bonthuys මහතාට  BMW, Jaguar, Land Rover, Volvo සහ Lucid Electric Vehicles වැනි සුඛෝපභෝගී මෝටර් රථ සන්නාම පිළිබඳ  පුළුල් පසුබිමක්  තිබෙන අතර Honda, Ford, Mazda, Nissan, Renault, සහ Suzuki වැනි ප්‍රධාන සන්නාමයන් පිළිබඳව මෙන්ම BMW, Honda සහ Yamaha ඇතුළු යතුරුපැදි සන්නාම පිළිබඳව ද අත්දැකීම් රැසක් ඔහු සතුවේ.

ඵලදායි නායකත්වයක් සහ උපාය මාර්ගික දැක්මක් පිළිබඳ  ශක්තිමත් ඉතිහාසයක්  Bonthuys මහතා සතුව ඇති අතර ඔහු AMW වෙත නව්‍ය ජීවයක් ලබාදීමට අපේක්ෂා කරයි . AMW හි ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රතිනිර්මාණය කිරීමට මෙන්ම එහි වෙළෙඳපල තත්ත්වය ශක්තිමත් කිරීමේදී විවිධ වෙළෙඳපලවල් වෙත පිවිසීම සහ අභියෝග ජයගැනීම සම්බන්ධයෙන් ඔහු සතු විශේෂඥ දැනුම බෙහෙවින් ඉවහල් වේ. ඒ අනුව සවිමත්බව සහ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම පිළිබඳ නව යුගයක් Bonthuys මහතාගේ මෙම පැමිණීම තුළින් සංකේතවත් වන අතර එය AMW සමාගමේ  සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

මෙම නව ධූරය පිළිබඳව සිය සතුට පළ කරමින්  Bonthuys මහතා මෙසේ ප්‍රකාශ කළේය . “AMW මෙම සුවිශේෂී නව අදියර වෙත රැගෙන යාමට අවස්ථාව ලැබීම සැබවින්ම විශාල වරප්‍රසාදයක්. පාරිභෝගිකයා  කේන්ද්‍රකරගත්  ප්‍රවේශයන් සහ මෙහෙයුම් විශිෂ්ටතාවය ගැන අප දක්වන අවධානය ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පරිවර්තනයක් සිදුකරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.  ගෞරවය, අඛණ්ඩතාව, සහයෝගීතාවය සහ විශිෂ්ටත්වය (RICE) වැනි අප ආයතනය සතු මූලික වටිනාකම් තුළින් අපට සාර්ථක  අනාගතයක් වෙත මඟ විවර කර ගත හැකියි .”

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නයන් සමඟ මෙහෙයුම් පුනර්ජීවනය කිරීමට ඇති කැපවීම AMW හී ප්‍රයත්නයන්  මඟින් මැනවින් පිළිබිඹු කරයි. Bonthuys මහතාගේ නායකත්වය යටතේ පාරිභෝගික තෘප්තියට ප්‍රමුඛත්වය ලබාදෙමින් දිනෙන් දින වර්ධනය වන ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට AMW බලාපොරොත්තු වේ.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය විවෘත කරන වේලාවේ සංශෝධනයක්
Next Article ජපාන පෞද්ගලික සමාගමක් ගුවන් ගතකල චන්ද්‍රිකාවක් උඩු ගුවනේදීම විනාශයට
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.