2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාවේ නිකුත් වූ කරුණු අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෝන් අගේන් ආගමේ බලපෑමකට ලක් වී නොමැති බව තහවුරුවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ පෞද්ගලික ආකල්ප පිළිබඳ එම වාර්තාවේ සඳහන්ව ඇතත් එම සබඳතා ක්‍රිකට් ආයතනයට අදාළ තාවක් නැති බවද ඒ බව අදාළ වාර්තාව මගින්ද තහවුරු වී ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි.
ඉහත කී වාර්තාවේ සඳහන් කරුණු ඇතැම් මාධ්‍ය මගින් වරදවා වටහා ගැනීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනගාටුවට පත්වන බවද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිවයින ට කීය. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඉදිරියේදී බෝන් අගේන් බලපෑමක් වනු ඇතැයි අදාළ පංච පුද්ගල කමිටුව විසින් දක්වා ඇති කරුණු පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව අවධානය යොමුකර ඇතැයිද එමෙන්ම එවැනි දෙයක් කිසිසේත්ම ඇති වීමට ඉඩ නොමැති බවත් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.