Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සම්පූර්ණ ඇඳුම ඇඳීමේ කලාව (1 කොටස)
Fashion 20 Views

සම්පූර්ණ ඇඳුම ඇඳීමේ කලාව (1 කොටස)

Buzzer EditorBy Buzzer EditorJanuary 14, 2023No Comments5 Mins Read20 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අපි බලමු මේ ෆුල් සූට් (Full Suit) එක මොකක්ද වගේම එක නිවැරදිව අදින්නේ කොහොමද කියල. සරල සිංහලෙන් ෆුල් සූට් (Full Suit) එකට ෆුල් ගයිඩ් එකක් තමයි මේ.

මුලින්ම මොකක්ද මේ ෆුල් සූට් එක කියන්නේ කියලා අඳුනගමු

ෆුල් සූට් එක අද වෙද්දී එක එක විදිහට ක්‍රියේටිව් ඩිසයින්ස් වලට එක එක මෝස්තරයට තිබුනත් මන් මේ ආටිකල් වල කියන්න යන්නේ බේසික් සූට් එක ගැන. මේකේ ප්‍රභේද කීපයක් තියෙනවා. ඒ වගේම ඉවෙන්ට් එකෙන් ඉවෙන්ට් එකට මේක වෙනස් කම් වෙන අවස්ථා තියෙනව. මන් මේ ආටිකල් සමුහයෙන් සාකච්චා කරන්න යන්නේ ටූ පීස් සූට් (two piece suit) සහ ත්‍රී පීස් සූට් (three-piece suit) කියන දෙවර්ගේ ගැන. තේරෙන්න ඇතිනේ මේ කිව්වේ කොටස් දෙකක් සහිත සහ කොටස් තුනකින් සහිත සූට් වර්ග දෙකක් කියල.

two piece එකට අයිති වෙන්නේ ජැකට් එක සහ ට්‍ර්වුසර් එක කියන කොටස් දෙක තමයි (ටයි/බෝ, ෂර්ට්, වගේ ඒවාට අමතරව ) ඒ වගේම three piece එකේදී අපට ටු පීස් එකේ කොටස් දෙකට අමතරව වේ(ඉ)ස්ට්කෝට් (වෙස්ට් එක) කියන කොටස දකින්න පුළුවන්.

ටූ පීස් සූට් (two piece suit)
ත්‍රී පීස් සූට් (three-piece suit)
වේ(ඉ)ස්ට්කෝට් (waistcoat)

ෆුල් සූට් එක එක එක ෆන්කි පාට වලින් අදින එක නම් එච්චර සුදුසු නෑ. (එහෙම අදින ෆන්කි ඉවෙන්ට්ස් නැතිවම නෙමේ) එත් ප්‍රධාන පාටවල් තියෙන්නේ කීපයයි.black, charcoal, navy blue, grey, khaki වගේ වර්ණ තමයි ඒ. තව කොටු සහිත වගේම ඉරි සහිත ඒවත් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම තැනකට සුදුසු වර්ණය විදිහට සලකන්නේ charcoal වර්ණය. ෆුල් සූට් එකේ කොටස් ටික අදුනගෙන ඉන්න එක ඔක්කොටම කලින් පහසුවක් වෙයි.

මීට අමතරව ජැකට් එකේ පිටිපස්සේ තියෙන පැලුම් වෙන්ට්ස් (vents) විදිහටත් පොකට් එකට දාන ලේන්සුව pocket square විදිහට හදුන්වන්නේ.

ඒ වගේම ෆුල් සූට් එකේදී අපි පළදින විවිද accessories තියෙනවා.

  • ටයි එක හෝ බෝ එක
  • ටයි පින් එක
  • බෙල්ට් එක හෝ සස්පෙන්ඩර් (බ්‍රේස්) එක
  • කෆ්ලින්ක්ස්
  • ලේපල් පින්
  • පොකට් ස්ක්වයා
  • ඩිසන්ට් පෙනුමක් තියෙන වොච් එකක්
සස්පෙන්ඩර් එක කියන්නේ මේක

ගලපාගන්නේ කොහොමද?

මන් අද පළවෙනිම කොටස නිසා ලොකු දෙයක් කියන්න යන්නේ නෑ. බෙසික්ම ගැලපීම් ටිකක් කියන්නං.

  • සූට් එක ඕනවට වඩා ලොකු හෝ හිර නොවිය යුතුයි. මේ කියන්නේ සූට් එකේ බොත්තම් පියවපුවම තමන්ට අපහසුතාවක් හෝ සූට් එකේ රැලි නොපිටිහිය යුතුයි.
  • ෂර්ට් එකේ ස්ලීව් එක මැණික් කටුව අසලින් නැවතිය යුතුයි.
  • ජැකට් එකේ ස්ලීව් එකෙන් පිටට ෂර්ට් එකේ ස්ලීව් එකේ අගල් බාගයක් තුන් කාලක් අවට ප්‍රමානෙකට වඩා නොපෙනිය යුතුයි.
  • කලිසම සපත්තුවට පෑගෙන තරම් දිගක් නොතිබිය යුතු වගේම සපත්තුවේ කරට ටිකක් පහල සීමාවට දිග විය යුතුය.
  • පොකට් ස්ක්වයා එක ෂර්ට් එකේ වර්ණයට ගැලපෙනවනම් හොදයි.
  • ටයි එක ලේපල්ස් වල පළලට සමාන උනොත් ඔයාගේ ස්මාර්ට් ගතිය වැඩි වෙයි.
  • සපත්තු සහ බෙල්ට් එක එකිනෙකට ගලපන්නත් වගබලාගන්න.
  • ඒ වගේම ඔබ සස්පෙන්ඩර් එකක් බාවිතා කරනවනම් බෙල්ට් එකක් නොපලදින එක තමයි හොද.
  • ටයි එක ගැලපෙන වර්ණයක් හෝ රටාවක් භාවිතා කරන්න.
  • අවස්ථාවේ හැටියට ටයි ගැටය භාවිතා කරන්න.
  • ඔයා අදින ජැකට් එකේ බොත්තම් තුනක එකක් නම් ඔයාට මැද බොත්තමයි උඩම බොත්තමයි පියවන්න අවසර තියෙනවා.
  • හැබැයි මැද බොත්තම නොපියව උඩම බොත්තම පියවන එක මේ රීති වලට එකග නෑ.
  • ඒ වගේම උඩම බොත්තම නොපියව ඉන්නත් පුළුවන්, ඔක්ක්කොම බොත්තම් නොපියව ඉන්නත් පුළුවන්.
  • හැබැයි කොයිම වෙලාවකවත් යටම බොත්තම පියවන්න නම් එපා.
  • ඒ වගේම ඔයා අදින්නේ බොත්තම් දෙකේ එකක් නම් ඔයාට අවසර තියෙන්නේ උඩ බොත්තම පියවන්න විතරයි.
  • කවදාවත් ඉදගෙන ඉන්න වෙලාවට එක බොත්තමක්වත් පියවල ඉදගන්න එපා. ඔක්කොම ඕපන් කරන් ඉදගන්න (ජැකට් එකේ ඇ).
  • ඒ වගේම උල් සපත්තු දානවට වඩා හොද වෙන්නේ ෆ්ලැට් ඉස්සරහ ටිකක් රවුම් හැඩයක් තියෙන සපත්තු කියන එකත් අමතක කරන්න එපා.
  • ඒ වගේම පොකට් ස්ක්වයා එක ලස්සන ඩිසයින් එකකට නවාගෙන දාගන්න. මේක පාවිච්චි කරන්න තියෙන එකක් නෙමේ හොදේ. සාක්කුව පාලුවට යනවට තියෙන්නේ ඒ නිසා ඒක එලියට ගන්න එපා.
  • ජැකට් එකේ උරහිස අකිලිලා තියෙන ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ ජැකට් එක ඔයාට ලොකුයි, එහෙම අදින්නත් එපා.
  • ජැකට් එක ඔයා කෙලින් හිටගෙන ඉද්දි අත යටට දිග තිබ්බම ඇති.
  • වෙස්ට්කෝට් එකක් අදිනවන්ම් එකේ බොත්තම් ඔක්කොම පියවන්න මතක් කරලා.
  • අදින ෂර්ට් එක පිටට නොපෙනෙන නිසා එක ලොකු පොඩි වෙන එක ගැන ගොඩක් අය හිතන්නේ නෑ. එහම කරන්නෙපා. ඔයාගේ ඇගට ගානට හිටින, ට්‍රවුසර් එකට යට කරන්න තරම් දිග ෂර්ට් එකක් අනිවා තෝරන්න. එහෙම නොවුනොත් ඔයාගේ පෞර්ශත්වෙට හානියක්.
  • ටයි එක ඔයාගේ බෙල්ට් එකේ ගෑවෙන නොගෑවෙන තරමට දිගට තියෙන්න ඕන.

මහත අය තමන්ගේ ෆුල් සූට් එක තෝරද්දී සලීම් ෆිට් තෝරන්න නම් එපා ඒ වගේම කෙට්ටු අය තමාගේ ශරීරෙ හැටියට සලීම් හෝ රේගියුලර් තෝරාගන්න. ඒ වගේම ටයි එක දාද්දි මහත අය මහත ටයි එකකුත් කෙට්ටු අය කෙට්ටු ටයි එකකුත් දාන්න. ජැකට් එකේ ලේපල්ස් ඒ ගානට වෙන්න ඕන කියලත් මතක තියාගන්න. ඔයා මහතයි නම් ඔයාට බෙල්ට් එකකට වඩා ගැලපෙන්නේ සස්පෙන්ඩර් එකක් හොදේ. මොකද බෙල්ට් එකෙන් අනවශ්‍ය විදිහට බඩ වැඩි වෙලා පෙන්න පුළුවන්. කෙට්ටු අය නම් ඉතින් කැමති එකක් තෝරාගන්න තමන්ගේ ෆැෂන් සෙන්ස් එක අනුව ඔය ටිකක් මිටි කෙනෙක් නම් උස අතට ඉරි තියෙන සූට් එකකින් ටිකක් උස වෙලා පේන්න පුළුවන්. ඔයා ජිම් එහෙම යන කෙනෙක් නම් ඔයාගේ ජැකට් එකේ උරහිස ගොඩක් ගනකමට මහපු එකක් තෝරන්න එපා. මහත කෙනෙක් නම් පිටිපස්සේ වෙන්ට්ස් තියෙන එකක් තෝරාගන්න එක හොදයි. (pawanzpedia)

තව මේ ගැන ගොඩක් දේවල් තියෙනවා කියන්න. වෙන්ට්ස් වර්ග, ජැකට් වර්ග, පොකට් ස්ක්වයා එක නවන විදි, ටයි නොට් ස්ටයිල්ස්, මේ වගේ ගොඩක් දේවල් අපි ඉදිරියේදී කතාකරන්න බලාපොරොත්තු වෙනවා.

එහෙමනම් මේවගේ ෆැෂන් ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්‍රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.

fashion featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබෝන් අගේන් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට බලපෑමක් වී නෑ – ක්‍රිකට් ආයතනය
Next Article උපකාරක පන්ති ජනවාරි 17 සිට තහනම්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.