ඇෆ්ගනිස්තානයේ බඩාක්ෂාන් පළාතේ කාර් බෝම්බයක් පුපුරා ගියේය. එම කාර් බෝම්බයට බඩාක්ෂාන් ප්රාන්ත පොලිස්පතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු බිලිවුණු බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බෝම්බ ප්රහාරය සිදුවූයේ බඩාක්ෂාන් පොලිස් මූලස්ථානය ඉදිරියේය. පිපිරීමට හසුවීමෙන් තවත් දෙදෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. ප්රහාරයේ වගඛීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත.
ඇෆ්ගන් තලේබාන්වරුන්ට එරෙහිව යන ‘අයි.එස්.’ ත්රස්තවාදීන් ප්රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරේ. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.


