2023 වසර සඳහා රජයේ පාසල්වලට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දීර්ඝ කර ඇත්තේ දෙමාපියන් විශාල පිරිසකගේ ඉල්ලීම් අනුව ය. අවසාන දිනය 2022 අගෝස්තු 15 දක්වා දීර්ඝ කර ඇත. කලින් නියමිත කාලසීමාව මේ වසරේ අගෝස්තු 1 වැනිදායින් අවසන් විය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ විශේෂ චක්‍රලේඛයක් මගින් නව කාලසීමාව පිළිබඳව දිවයින පුරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇත.