හදිසි නීති රෙගුලාසි පැනවීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.
ලිබරල් තරුණ ව්‍යාපාරය වෙනුවෙන් එහි සම-කැඳවුම්කරුවන් වන නීතිඥ නාමිණි පණ්ඩිත සහ රුසිරු එගොඩගේ විසින් මේ පෙත්සම ගොනු කර තිබුණා.