වසර 10කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව භෞතික ලෝකයේ නව පෙරළියක් ඇති කළ හැකි සුපිරි සන්නායකයක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්රමුඛ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන රංග ඩයස් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සොයාගැනීම සිදු කර ඇති අතර හයිඩ්රජන්, නයිට්රජන් සහ ලුටේෂියම් යන මූලද්‍රව්‍ය මුසු කිරීමෙන් මෙම සුපිරි සන්නායක ද්‍රව්‍යය නිර්මානය කිරීමට සමත්වී තිබෙන්නේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලිය එක් තැනක සිට තවත් තැනකට ශක්තියක් වැය නොකර ගෙන යාමට ඇති හැකියාව සහ චුම්භක ක්ෂේත්රය හරහා යැවීමේදී එය පාවෙමින් ඝර්ෂණයකට ලක්නොවී ගමන් කිරීමෙන් ශක්තියක් වැය නොවීමය.
මහාචාර්ය රංග ඩයස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය වොෂින්ටන් සරසවියෙන් ලබාගෙන ඇති අතර පශ්චාත් ආචාර්ය උපාධි ශිෂ්‍යත්වයක් ලැබ හාවඩ් සරසවියේ පර්යේෂණවල නිරතවීමෙන් අනතුරුව රොචෙස්ටර් සරසවියේ ආචාර්යවරයකු ලෙස මේ වන විට කටයුතු කරනු ලබනවා. (නෙත් ගොසිප්)
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.