අරගලයේ නිරත විරෝධතාකරුවන් කිහිපයක් විසින් කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැළඹීමට පත්ව ඇති බව එම සංගමය පවසා සිටිනවා.
අත්පත් එම ගොඩනැගිලි පරිශ්‍රය වහාම අදාළ බලධාරීන් වෙත නැවත ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාමකාමී විරෝධතාවල අයිතීන් අඛණ්ඩව තහවුරු කලත් ව්‍යවස්ථා විරෝධී වන අවනීතිය හෝ අරාජික තත්ත්වයකට සහාය නොදක්වන බවද එම සංගමය දැඩි ලෙස අවධාරණය කර සිටී.
රාජ්‍ය කාර්යාල අල්ලාගෙන විනාශ කිරීමට හෝ දේපළවලට හානි කිරීමට උත්සාහ කිරීම සාමකාමී විරෝධතාවක් ලෙස අර්ථ ගැන්වෙන්නේ නැති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.
මෙවැනි කලබලකාරී අවස්තාවක සන්සුන්ව සිටිමින් මෙරට දේශපාලන නායකයින් පොරොන්දු වූ සාමකාමී බල හුවමාරුවට ඉඩකඩ ලබාදෙන ලෙසයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගෙන් අවසන් වරට ඉල්ලා සිටින්නේ.