කටුනායක ගුවන් තොටුපලේ රුසියානු ගුවන් යානයක් රඳවා ගැනීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇත.
මෙහිදී එරට බලධාරීන් සඳහන් කර සිටින්නේ රුසියානු සමාගම්වල ගුවන් යානා රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකාව ප්‍රධානියෙක් ලබා දුන් සහතිකය මත තමන් ශ්‍රී ලංකාවට ගමන් කළ බවයි.
එවන් පසුබිමක මෙම ගුවන් යානය රඳවා ගැනීම ගැටලුකාරී බව ද රුසියානු බලධාරීන් චෝදනා කරයි.
මොස්කවු බල ගුවන් ගතවීමට නියමිතව තිබූ මගින් 191 ක් සහිත ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයක් මත රඳවා ගෙන ඇත. අදාල පැමිණිල්ල සිදු කර ඇත්තේ අයර්ලන්ත සමාගමක් විසිනි.
මෙම ගුවන් යානය මීට පෙර හත් වතාවක් ශ‍්‍රී ලංකාව බලා පියාසර කර ඇතැයිද ඒ කිසිදු අවස්තාවයක් මෙවන් අකරතැබ්බ වලට මුහුණ දුන්නේ නැතැයිද රුසියානු බලධාරීන් කියයි.