ලබන සඳුදා සහ අඟහරුවාදා කොළඹ නගරයේ ලොරි රථ 70කින් LP ගෘහස්ථ ගෑස් සිලින්ඩර 140,000ක් බෙදා හැරීමට Litro Gas සමාගම කටයුතු යොදා ඇත.
බදාදා සිට දිවයින පුරා සිටින නියෝජිතයින් වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කරන බව සමාගම පවසයි. ඉදිරි මාස හතරක කාලය සඳහා පාරිභෝගිකයන්ට ගෑස් ඉල්ලුමට සරිලන පරිදි අඛණ්ඩව ගෑස් සැපයීම සහතික කිරීමට සැලසුම් කර ඇත.

ගෑස් මෙට්රික් ටොන් 3700ක් රැගත් පළමු නෞකාව හෙට (10) කොළඹ වරායට ළඟා වීමට නියමිතයි.
ලිට්රෝ ගෑස් සමාගම සහ ලෝක බැංකුව ජුනි 30 වැනිදා ඇතිකරගත් එකඟතාවට අනුව මාස හතරක කාලයක් අඛණ්ඩව ගෑස් සැපයීම සහතික කෙරේ.
මෙම ගිවිසුම යටතේ ගෑස් මෙට්රික් ටොන් 100,000ක් රටට ලැබෙන අතර මේ මස ඇතුළත ගෑස් මෙට්රික් ටොන් 22,000ක් මෙරටට සැපයීමට නියමිතය. මේ සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් ලබා දෙන අතර සමාගම ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් වෙන් කරයි.