Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රෝග රැසකට ගුණ දෙන ඉරිවේරිය
Blog 27 Views

රෝග රැසකට ගුණ දෙන ඉරිවේරිය

Buzzer EditorBy Buzzer EditorSeptember 17, 2022No Comments3 Mins Read27 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන ඖෂධීය තුරු ලතා අතුරින් එක් වටිනා ශාකයක් ලෙස ඉරිවේරිය හැඳින්විය හැකිය. ඉරිවේරිය ශාකය ශ්‍රී ලංකාවට ආවේණික පැළෑටියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉරිවේරිය අඩංගු ඖෂධ යෝග රාශියක් දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ බහුලවම යෙදෙන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද බොහෝ රෝගාබාධ සඳහා යොදාගනු ලබනවා.

මෙම පැළෑටියත් කප්පරවල්ලිය පැළෑටියත් බොහෝ සෙයින් සමානකම් දක්වන නමුත් ඉරිවේරිය පැළෑටියේ ආවේණික සුවඳත් දණ්ඩෙහි රත් පැහැයත් නිසා වෙන් කර හඳුනා ගන්න පුළුවන්.

ඉරිවේරිය පැළෑටියේ ඇති මනස්කාන්ත බව නිසා ගෙවතු අලංකරණය සඳහා වවාගත හැකි ශාකයක්.

ඉරිවේරිය වැවෙන ප්‍රදේශ ගැන සලකා බලන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ පහතරට පෙදෙස්වල ඉතා සරුවට වැවෙන ශාකයක්. විශේෂයෙන් කුරුණෑගල, රත්නපුර, මහනුවර, කඩුගන්නාව ප්‍රදේශවල හොඳීන් වැවෙන ශාකයක් වන අතර ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගා කිරීමට පුළුවන්.

ඉරිවේරිය පැළෑටිය වාර්ෂික පැළෑටියක් ලෙස හඳුන්වන්න පුළුවන්. එසේ ම මෙය සෙවණ ප්‍රිය කරන පැළෑටියක්, පැතිරෙමින් හෝ කෙළින් වැඩෙන පැළෑටියක්. මෙහි අතු ඉතා සුගන්ධවත්, එසේ ම කඳ චතුරස්‍රාකාරයි. පත්‍ර මාංසලයි. එහෙත් කප්පර වල්ලිය තරම් මාංසල නොවේ. කඳ සහ පත්‍රවල යටි පැත්ත රතු මිශ්‍ර දම් පැහැයක් ගනු ලබනවා. මෙහි මල් පිපෙනුයේ කිනිති ලෙසයි. ඉතා කුඩා මල් එක කිනිත්තක 8-12ක් පමණ තිබෙනවා. මෙම මල් නිලට හුරු සුදු පාටයි.

ඉරිවේරියවල උද්භිද විද්‍යාත්මක නාමය ර්‍ථතඥජබපචදබඩභඵ ඛඥරතචදඪජභඵ ඕඥදබඩ කුලය ඹ්ඒඕධ්ඒඊඒඡ් තුලසි කුලයයි.

යක්වනස්ස, මදුරුතලා, කප්පරවල්ලිය, කොල්ලම් කොළ ආදියත් අයත් වෙන්නේ මේ කුලයටමයි. ඉරිවේරියට සංස්කෘත බසින් ශ්‍රිකරවාලක, දිවාස, බර්භිෂ්ඨ, ලලනාප්‍රිය, කේශවාචි ආදී නම් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන් ඉරිවේලී සහ චෙට්ටියාර් යන නම් යෙදෙනවා. ඉරිවේරිය රසයෙන් කෂාය රස සහ තිත්ත රසයි. ගුණයෙන් ලඝු හා රූක්ෂයි.

වීර්යයෙන් ශීතයි.

විපාකයෙන් කටුකයි.

මේ අනුව සෙම් හා පිත් සමන ගුණ යුතුයි. ඒ වගේ ම තුන්දොස් සමනය ද වෙනවා.

ඉරිවේරිය ශාකයේ කඳ සහ පත්‍රවල ඖෂධීය ගුණ තිබෙනවා. මෙහි පත්‍ර සුවඳයි. ඉරිවේරිය පැළෑටියේ කඳ සහ පත්‍ර පාචනය, අතීසාරය සහ වෙනත් බඩවැල් ආශ්‍රිත රෝග සඳහා අත් බේත් ලෙස යොදාගනු ලබනවා. ඒ වගේ ම ආහාර රුචිය වැඩි කරනවා. දිරවීම පහසු කරනවා. ආම ගතිය පැසවනු ලබනවා. වමන, අජීර්ණ, බඩගිනි අඩුකම ආදී අවස්ථාවලදී සහ අතීසාරයේ දී විශේෂ ගුණයක් ලැබෙනවා. ඒ වාගේ ම රත්පිත නසන ගුණය ද ඉරිවේරියවල තියෙනවා. ඉරිවේරිය සන්නිරෝග අවස්ථාවලදීත් යොදා ගනු ලබනවා.

තවද ඉරිවේරිය දේශීය වෛද්‍ය ක්‍රමයේ දී ක්වාථ සහ යුෂ ලෙස ද තෙල් සකස් කිරීමේ දී එක් ඖෂධ අංගයක් ලෙසත් යොදා ගනු ලබනවා.

තවද අතීසාර චිකිත්සාවේ දී යෙදෙන ගුලි කල්ක සඳහා වන අනුපානවල ප්‍රධාන ද්‍රව්‍යයක් වනුයේ ද ඉරිවේරියයි.

උණ සහිත අතීසාරයේ දී

සුඳු හඳුන්, ඉරිවේරිය, කලාඳුරු අල, රසකිඳ, මී මල්, ඉරමුසු ක්ෂාය යොදා ගනු ලබනවා.

වමනයේ දී

ඉරිවේරිය, සැවැන්දරා, කලාඳුරු අල, සුදුහඳුන් එක පමණ ගෙන අඹරා වැටි සාදා පොල්තෙල්වල බහා අවුලවා නිවා නැඟෙන දුම් කටින් ආශ්වාස කිරීම කරනු ලබනවා.

සුදු කබරවල දී

ඉරා වේලා ගත් ඉරිවේරිය දඬු අන්තර් ධූමයෙන් දවා ගත් භෂ්මය ආලේප කරනු ලබනවා.

අතීසාරය සහ වමනයට

ඉරිවේරිය යුෂයට රත් කරන ලද යකඩයක් දමා බොන්නට දෙනු ලබනවා.

අතීසාරයේ දී

1. ඉරිවේරිය මුල් කෂාය මී පැණි සමඟ යොදනු ලබනවා.

2.ඉරිවේරිය, ඉඟුරු, කලාඳුරු අල කෂාය යොදනු ලබනවා.

ලේ යන අතීසාරයට,

කලාඳුරු අල, ඉරිවේරිය, බෙලි මඳ, අතිවිඩයන් සහ කෙලිඳ හාල් කෂාය දෙනු ලබනවා.

අජීර්ණ සඳහා,

ඉරිවේරිය දලු කොටා උතුරන වතුරට දමා මිරිකා ගත් යුෂ බීමට දෙනු ලබයි.

මේ ආදී ඖෂධ යෝග බොහෝමයක් දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේදයේ දක්නට ලැබෙනවා.

එසේ ම හිසේ අමාරුවලදී ඉරිවේරිය, බෙලිමුල්, මුරුවා මුල්, කටුකරෝසන, එළබටුමුල්, රසකිඳ, දුම්මැල්ල, කොත්තමල්ලි, කලාඳුරු අල, වියලි ඉඟුරු කෂාය දෙනු ලබනවා.

මේ අතර ඉරිවේරිය කොටා මිරිකා ගත් යුෂ බෝතලයකට සීනි ග්රෑම් 850ක් දමා පැණි පදමට උණුකර ගෙන වරකට තේ හැඳී 2 බැඟින් බීමෙන් ග්‍රහණිය, අතිසාරය, අජීර්ණය, බඩේ කැක්කුම සහ අරුචිය නසනු ලබනවා.

මේ ආදී වශයෙන් රෝගාබාධ රාශියකට විශේෂයෙන් උදරය ආශ්‍රිත රෝගවලදී නැතිවම බැරි ඔසුවක් ලෙස ඉරිවේරිය හඳුන්වන්න පුළුවන්.

එනිසා බොහෝ ගුණ දෙන මේ අගනා ඔසුව සෑම ගෙවත්තක ම වගා කර ගැනීම ඉතා වටිනවා

* කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතානගේ සටහනක් ඇසුරිනි

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleචීනයේ දැවැන්ත මහල් ගොඩනැගිල්ලක ගින්නක්
Next Article දවසේ කාලගුණ අනාවැකිය (සැප්තැම්බර් 17)
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.