මීටර 100 ඉසව්වේ ප්‍රථම වරට තත්පර 10 සීමාව බිඳ දැමූ පළමු ශ්‍රී ලාංකිකයා සහ දකුණු ආසියානු ක්‍රීඩකයා වීමට යුපුන් අබේකෝන් සමත් විය.
අබේකෝන් මීට පෙර ස්විට්සර්ලන්තයේ පැවති Resisprint International Chaux-de-Fonds 2022 තරඟාවලියේ මීටර් 100 A කාණ්ඩයේ අවසන් මහා තරඟයට පිවිසි අතර, එම ඉසව්ව තත්පර 9.96කින් නිම කළේය.
ඒ අනුව අද ඔහු බිඳ දැමුවේ තත්පර 10.6ක කාලයක් වාර්තා කරමින් පසුගිය මැයි මාසයේදී ඔහු තැබූ වාර්තාවයි.