මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල් සහ යහළුවන් කොතරම් සිටියත් තිබුනත් මානසික සෞඛ්යය යහපත් මට්ටමක තබාගත නොහැකි එසේත් නැතිනම් යහපත් මට්ටමක නොතිබේ නම් මේ කිසිඳු දේක වටිනාකමක් නැත.
ලංකාව ගත්කල මානසික සෞඛ්යය පිළිබඳව අඩුවෙන් අවධානය යොමුකරන රටකි. පවුල් සංස්ථාව තුලදී හෝ රාජකාරී ආයතනය තුලදී ඒ සඳහා ඇත්තේ/ලබාදෙන්නේ අඩු අවධානයකි. ඒ නිසා මානසික සෞඛ්යය සම්බන්ධව අප සැවොම තනි වශයෙන් වගකීම් සහිතව බැලිය යුත්තකි. එසේ නැති වුවහොත් ආතතිය (stress) හා කාංසාව (Anxiety) වැනි තත්ත්වයන්ට මුහුණ පාන්නට සිදුවේ. නමුත් ආතතිය හා කාංසාව යනු එකිනෙකට වෙනස් වූ තත්ත්වයන් දෙකකි. කාංසාව අපි සෑම කෙනෙක්ටම අඩු වැඩි වශයෙන් පවතී. සමහරුන්ට කාංසාව තමන්ට තියෙන්නේද නැද්ද යන්න පවා නොදනී. එයින් කිනම් බලපෑම් ඇති වේද යන්නද නොදනී. එයින් ඇති විය හැකි බලපෑමක් පෞද්ගලික වශයෙන් අත්විඳ ඇත. එනම් ස්වර තන්ත්ර අංශ භාග වීම (Vocal Cords Paralyze) එක්වරම සිදුවිය හැක. මෙය නිවැරදිව හඳුනාගෙන නිසි පිළියම් නිසි කළට කල යුතුය. නැතිනම් අපගේ ආදරණීයයන් අප හැර ගිය පසු අනේ මට මේ මනුස්සයා කියපු ටිකට ඇහුම්කන් දීලා තේරුම්ගන්න පුළුවන් උනානම් මෙහෙම වෙන්නේ නෑ නේද යන ප්රශ්නාර්ථය තමාගෙන් අසාගෙන වැඩක් නැත. තීරණය ඔබ අතේය!…
කාංසාව ගැන තවදුරටත් මීළඟ ලිපියෙන්…