ශ්‍රී ලංකා පිලේ නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 81ක් රැස්කරමින් සරේ පිලට එරෙහිව තරම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමේ භයානක තත්ත්වයක තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි තරගයට ඇද දැමීය. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු දිනයේදී කඩුලු 6ක් දැවී ලකුණු 230ක් ලබා ගැනීමට සමත් විය.
පෙර තරගවලදී මෙන් නොව වමත් පිතිකරු අංක 5 ස්ථානයේ පන්දුවට පහර දෙමින් ලකුණු 81ක් ලබා ගැනීමට පන්දු 126කට මුහුණ දුන්නේය. වර්ෂාව හේතුවෙන් දිවා ආහාර වේලෙන් පසුව තරගය ආරම්භ වූ අතර ඔහු සිය පළමු ඉනිමේදී හතරේ පහර 4ක් එල්ල කළේය.
අවිශ්ක තරිඳු (43) සහ නුවනිඳු ප්‍රනාන්දු (16) සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 57 ක දායකත්වයක් ලබා දුන් අතර, නිපුන් ධනංජය 6 වැනි කඩුල්ලට ලකුණු 82 ක් එක් කළහ.
කාසියේ වාසිය දිනූ සරේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නැගී ඒන පිලට ආරාධනා කර සිටියේය.
ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වූ ලසිත් කෲස්පුල්ලේ සහ අවිශ්ක පෙරේරා පළමු කඩුල්ලට ඕවර 10.3කදී ලකුණු 45ක් රැස් කළහ. කෲස්පුල්ලේ පන්දු 36කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 32ක් ලබා සිටියදී ටොම් ලෝව්ස්ගේ පන්දුවකට ස්මිත් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
සංචාරයේ වැඩිම ලකුණු ලාභියා වූ නිශාන් මධුෂ්ක දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 48ක් ලබා සිටියදී පටෙල් විසින් ලෝව්ස්ගේ පන්දුවකට දැවී ගියේය. ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය වෙනුවට පන්දුවට පහරදීම ආරම්භ කළ අවිශ්ක පෙරේරා තෙවැනි කඩුල්ල ලෙස පන්දු 55කදී ලකුණු 13කට (පන්දු 55) දැවී ගියේය.
අනතුරුව නුවනිඳු ප්‍රනාන්දු (16) සහ සංතූෂ් ගුණතිලක (09) දැවීයාම් සමඟ ලංකා පස්වන කඩුල්ලද බිඳවැටුණේ 127දීය. නුවනිඳු මුළු ලකුණු 115දී විර්දිගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් දී ලකුණු 16කටත් සංතූෂ් මුළු ලකුණු 127දී විර්දිගෙ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට ලකුණු නවයකටත් දැවීගියහ.
නිපුන්ට අනගි සහායක් ලබා දෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමට අගනා මෙහෙවරක් ඉටුකළ අවිශ්ක තරිඳු අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 48ක් කට දැවී ගියේය.
ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම මුල් ඉනිම කඩුලු 6ට 230යි – (නිපුන් ධනංජය නොදැවී 81, අවිශ්ක තරිඳු 48, ලසිත් කෲස්පුල්ලේ 32, නුවනිඳු ප්‍රනාන්දු 16, ටොම් ලෝව්ස් 34/3, අමා විර්දි 45/2)
මූලාශ්‍රය: ශ්‍රී ලංකා ක්‍රිකට්