කොළඹ සහ ගම්පහ ඇතුළු ප්රදේශ 10කට රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව මිල්ලකන්ද (කළු) ප්රදේශයේ සහ පානදුගම (නිල්වලා) ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයන් වාර්තා වේ. අධික වර්ෂාවත් සමඟ අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම් ඉහළ යමින් පවතී.
අධික වර්ෂාවත් සමඟ අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අදාළ ප්රදේශ බලාගැනීම සඳහා පහත රූපය භාවිතා කරන්න.
වැඩි විස්තර සඳහා: https://www.meteo.gov.lk/images/warnings/WWL22053102E.pdf